Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Elite Family Restaurant (Pelawatte)

308, Pannipitiya, Pelawatte, Battaramulla.


Elite Family Restaurant, previouly known as Elite Indian Restaurant, now has a branch in Pelawatte.



කොළඹ ඉන්දියන් ෆුඩ් සීන් එකේ ඉන්න පරණ ම කෙනෙක් තමයි Elite Indian Restaurant එක. බම්බලපිටියේ තියෙන මේ රෙස්ටෝරන්ට් එක අවුරුදු 20කට වැඩිය පරණයි. ඒ නිසාම තමයි රෙස්ටෝරන්ට් එකක් වගේ ම ලෑන්ඩ්මාක් එකක් විදියටත් මෙතැන ප්‍රසිද්ධ.

හැබැයි දැන් අවුරුදු කීපයක ඉඳලා මේගොල්ලෝ අලුත් නමකින් තව බ්‍රාන්ච් කීපයක් ම හදන්න කටයුතු කරලා තියෙනවා. පරණ පුරුදු රෙස්ටෝරන්ට් එකේ නම තවමත් Elite Indian Restaurant වුණාට, අලුත් ඒවා හඳුන්වන්නේ Elite Family Restaurant කියලා. ලැබුණු ආරංචියේ හැටියට පොඩි රීබ්‍රෑන්ඩින් එකක් තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය ජාතියේ අලුත් බ්‍රාන්ච් එකක් පැලවත්තේත් ඕපන් කරලා තවම මාසයක් වගේ ඇති. 

කෑම බීම 

මෙනුවේ නම් වෙනසක් නැතිම තරම්. වෙනදා වගේ ම ඉන්දියන් සහ චයිනීස් හුරුවේ කෑම ජාති දැකගන්න පුළුවන්. 

පරණ පුරුද්දට ම අපි ගත්ත මට්න් බිරියානි (රු. 650) එකෙන් ආවේ ඉස්සර ආපු රස ම තමයි. මේගොල්ලෝ මස් වර්ග බිරියානි බතේ දාලා උයන්නේ නැහැනේ. ඒවා එන්නේ වෙනම. ඒ නිසා බතේ රස සේරම එන්නේ ඒකට දාන කුළුබඩුවලින්. හොඳ රසක් තිබුණත්, ඒක බිරියානි ස්ටයිල් එකේ රසක් නෙවෙයි ඉතින්. 

මට්න් කරියේ මස් කෑලි ටික නම් බොහොම හයියයි. අපරාදේ! තෙල් කෑලි එකක්වත් නැතුව තිබුණු මේ මට්න් ටික තව ටිකක් වෙලා හොද්දෙන් තැම්බෙන්න තිබුණා නම් නිකන් ම සොෆ්ට් වෙනවා. එහෙම වුණා නම් ස්පයිසස් ටික තව මස්වලට උරා ගන්නවත් එක්ක.

බතේ රස මදියි වගේ නම් ඒකත් එක්ක එන හොද්දෙන් ටිකක් දාගන්න. ඒකෙන් තව ස්පයිසි කික් එකක් එනවා. ඒ අතරට පොඩි පැණිරසක් ඕනේ නම් ඔය තියෙන අච්චාරුව මරු. ග්‍රීන් චට්නි එකත් වරදක් නැහැ. පොඩ්ඩක් විතර ඩ්‍රයි ඒ වුණාට.

චෙට්ටිනඩ් ප්‍රෝන් මසාලා එක නම් සිරා ඈ! හිතන්නකෝ රු. 750ට පොත්ත අයින් කරපු ඉස්සෝ 15ක් ම දෙනවා කිව්වම. ග්‍රේවි එකත් මාර ම රසයි. ස්වීට්, ස්පයිසි රස නියම පදමට ගැළපිලා හොඳ මසාලා ටේස්ට් එකකුත් තියෙනවා. අනික බලන්නකෝ මේ රතු පාටේ ලස්සන!

අපි ප්‍රෝන් මසාලා එක කෑවේ නාන් ජාති දෙකක් එක්ක - ගාලික් නාන් (රු. 120) සහ පනීර් නාන් (රු. 140). දෙකම හොඳයි. මේසෙට ආවෙත් උණුඋණුවේ. ගාලික් නාන් එකේ ගාලික් රස, සුවඳ දෙකම තිබුණා. පනීර් නාන් එකේ ඇතුල් පැත්ත සම්පූර්ණයෙන් ම පුරවලා තිබුණේ පොඩි කරපු පනීර්වලින්. මරේ මරු!

නිකන් ඉන්න ගමන් සයිඩ් එකෙන් හපන්න අපි තන්දූරි චිකන් (රු. 300) කෑල්ලකුත් ගත්තා. ඒකත් නරක නැහැ. ගොඩක් මස් තියෙන ගතියක් පේන්න නොතිබුණාට, කුළුබඩු ටික හොඳට අල්ලලා, තන්දූර් එකේ දාලා අරගෙන තියෙන නිසා රස හොඳයි.

 

බීමට අපි ඕඩර් කළේ ෆලූඩා (රු. 180) එකයි, ස්වීට් ලැසී (රු. 200) එකයි. දෙකේම රස හොඳට ම තිබුණා. ස්වීට් ලැසී එක හදලා තිබුණේ මීකිරිවලින් නිසා ගොඩක් ස්ට්‍රොන්ග් රසක් තමයි තිබුණේ.

ෆලූඩා එක ස්වීට් සහ රිෆ්‍රෙෂින්. මතක් කරලා හොඳට මිශ්‍ර කරලා බොන්න. මොකද අඩියේ තනිකරම තියෙන්නේ සිරප්නේ.

වාතාවරණය සහ සර්විස් එක 

වෙනස් පාට තීම් එකක් වුණාට, ඉන්ටීරියර් එක මුල් Elite එකට බොහොම සමානයි. වායුසමීකරණය කරපු ලොකු ඉඩක් නිසා ඕනේ හැටියේ කට්ටියට ඇවිල්ලා කෑම ගන්න පුළුවන් තරමට ඉඩ තියෙනවා. එක ම අවුල වුණේ අපේ කෑම ටික එන්න විනාඩි 40ක් වගේ ගිය එක තමයි. ඒ හැරෙන්න නම් සර්විස් එකේ වෙන අවුලක් වුණේ නැහැ.

අවසාන වශයෙන් 

බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉන්දියන් කෑම කන්න ඕනේ නම් බය නැතුව යන්න පුළුවන් තැනක් තමයි මේ Elite Family Restaurant එක. ඔය ජාති ඔක්කොම අරගෙනත් අපට බිල ගියේ රු. 2600නෙ. ඇත්ත ම කිව්වොත් තුන්දෙනෙක්ට වුණත් කන්න පුළුවන් තරමට මේවා තඩි පෝෂන්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment