Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Elite Indian Restaurant (Kollupitiya)

208 R. A. De Mel Mawatha, Colombo

Get it delivered on Pickme Food

Your usual Indian restaurant minus the hubbub and a notch cosier!



සුහද සේවාවක අඩු නැතිව කැටිවුනු රස මතකයක්!

එහෙම කිව්වෙ ඇත්තටම මේ ගමන ගිහින් මම සතියක් විතර වෙන නිසා. ඊටත් යාළුවෙක් එක්කමනෙ. ඒ විතරක් නෙවෙයි, දෙන්නගෙම විශේෂ දවසකුත් එක්ක. වැඩ කටයුත්ත අහවර වෙලා හොද කෑම වේලකට යමු කියල අපි අපි කතාවුනෙත් ඒ නිසාමයි.

ඒත්.. අවාසනාවකට වගේ අපේ වැඩේ ඉවර වුනේ නම් හවස 3ත් පහුවෙලා. ඉතින් යන්න හිතාගෙන ඉදපු ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකේ වැඩේ හරි ගියේ නෑ. හැබැයි එහෙමයි කියල අපි සැලුනෙත් නෑ. හොයල හොයල ගූගල් එකේ.. ඔය හොයාගත්තෙ තවත් හොද ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකක්.

කොල්ලුපිටිය හංදියෙන් එක මිටර 100ක් නැතුව ඇති. පාකින් එහෙමත් හොද හැටියට තියෙන නිසා බය නැතුව ගොඩ වෙන්න පුලුවන්. මොකද නැත්නම් ඒකටත් සල්ලිනෙ.

හැරත්.. ගියපු තැනම ඉස්සරහට ඇවිල්ල අපූරු හිනාවකින් අපිව පිළිගන්න සේවක මිත්‍රයො!

අනේ වාසනාවන්.. කී දෙනෙක් ඉන්නවද කියල කිව්වාම එයාලා, එවෙලෙට හිස් මේස වලින් හොදම එක, තෝරල පවා දෙනව.

ඇත්තටම එහෙම තෝරල දුන්න මුල්ලෙම මේසයකින් තමයි අපිත් ගිහින් ආසාවෙන් වාඩිවුනේ. වාඩි වෙලා.. අනික් පැත්තටම වගේ අතට ලැබුනු මෙනුවෙන් කෑමත් තෝරලා.. අතපය හෝදගෙන ආවා, හනි හනික මේසෙට එන කෑම ටිකට වැඩේ දෙන්න.

ඉස්ඉස්සෙල්ලාම..!

යාළුව ෆ්‍රයිඩ් රයිස් එකට. මම බිරියානියට.

“ම්.. ටොප්නෙ බං. බිත්තර රයිස් එක වුනාට. හොද පදමට දාලා තියෙනව ඈ. බිත්තරත් මදි නොකියන්න, එළවළුත් මදි නොකියන්න”

“ඇත්තට?”

“ඇත්තට කියන්නෙ.. මේ චිලි පේස්ට් ටිකකුත් සෙට්වුනාම පංකාදුයි බං. ඊටත් ස්පෙෂල් ඉස්සො එකත් එක්ක.. ෂැහ්! ගමකට කතහැකි ඈ.. ඇත්තටම ඉස්සො එක නම් ස්පෙෂල්ම තමයි බං. මාරම.. කුළුබඩු අඩුම කුඩුම රසක් එක්ක අමුතු බටර් ගතියකුත් තියෙනවනෙ. සැරත් නූලටම වගේ. අනේ මංදා කොහොම හදලද කියල.

මේං කාලා බලාංකො. මසාලා රසකුත් ලාවට එනවනෙ බං”

කියල යාළුව දුන්න ඉස්සො එකෙන් ටිකක් මාත් දාගෙන ඔන්න ආයෙත් පටන් ගත්ත.

ෂප්පේ..

සත්තයිනේ…

ඉස්සො එක ඇත්තටම ස්පෙෂල්නෙ.

අර කිව්වත් වගේමයි.

ඊටත් යාළු මට්න් එක? ටොප් ආ.. එකම අවුල තිබ්බෙ අර හම කෑලි 2, 3කුයි කට්ටකුයි තිබ්බ එක තමයි. නැත්නම් රස නියමයි හොදේ. මිරිස්, තුනපහ දාලා, පදම් වෙන්න ඇරලද මන්දා මස් කෑලිවලට ටොප් එකට කුළුබඩු රස අල්ලල. 

ඒත් හිතා ගන්න බෑ.. මොකක්ද අවුල කියල, බිරියානි බත් එකේ තිබ්බනෙ ටිකක් ෆ්‍රෙෂ් නැති ගතියක්. ලාවට එකට ඇලිලත් වගේ. කීරි සම්බා හාලෙ රසත් ඒ හැටි එන්නෙ නෑ. බිරියානි මික්ස් එකේ සුවද රස එන්නෙත් නෑ. අනේ මන්දා. අර මට්න් තිබ්බ නිසා කෑවා මිසක් නැත්නම් ඇත්තටම.. බත නම් ටිකක්..

අමාරුයි ඈ..

ඒ නිසාමයි මම හරි හරියට ආයෙත් ඉස්සො එක්ක බටර් නාන් එකක් ගැලපුවෙ.

ආයෙ ඉතින් බොරු මොකටද. උණු උණු බටර් නාන් එක නම් මල් හතයි ඈ. බටර් රසත් හොද හැටියට. පදමට පිච්චිලත් එක්ක..

කොහොමහරී.. ඒ කාපු කෑමක් කියන්නෙ යාළු…

ඉස්මුරුත්තාවටත් ඇවිල්ල, අන්තිමට වටලප්පම් 2කුත් ගෙන්න ගත්ත කියන්නකො.

ඒකත්.. පැණි රසයි, මදි නොකියන්න බිත්තර අඩුම කුඩුම දාලා ගලපපු පදමයි, පොඩි කූල් ගතියයි..

කාපු කෑමට තව පොඩ්ඩෙන් එතන නිදි.

ඔව්.. ඒ තරමට ඈ..

“හම්මෝ.. ඒ හුස්ම ගන්න බෑ බං. විනාඩි 5ක් ඉදල යං ඈ.”

යාළුවගෙ අන්තිම වචන ටික.

හිතාගන්න පුලුවන් නේ..!

Address

208 R. A. De Mel Mawatha, Colombo

Directions

Right in front of the Kollupitiy Jummah Masjid

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment