Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - also a dummy
Artwork for Coffee post sidebar 1

3/5

Elite Indian Restaurant (Mount Lavinia)

25 Galle Rd, Dehiwala-Mount Lavinia


Good place to taste some Sri Lankan Indian Cuisine deliciousness



හැමදාමත් වගේ ඉතින් ඔන්න එදත් යාලුවයි මායි අම්බානක වැඩ ඈ.. හැබැයි බොරු කියන්න ඕන නෑනෙ, උදේටත් හොඳට කාලා තමයි හිටියෙ.

ඒත්.. මගදි අපි පොඩි බ්‍රේක් එකක් ගත්තනෙ. අන්න එතනදි පොඩි දෙයක් අවුල් ගියා. කිව්වට විශ්වාස කරන්න යාළු එවෙලෙ ඉඳන්.. බඩගිනියි කියන්නෙ යකෙක් කන්න. වැඩේ කියන්නෙ, එහෙමයි කියල ඉතින් වැඩ පැත්තක දාලා කෑම පස්සෙ දුවන්නයැ. කොහොම කොහොම හරි ඉවසගෙන ඔන්න දවල් 12.30 වෙනකම් ඇද්ද.

“මේ..හ්, තව නං ඉන්න බෑ බොල. ඔන්න ඔය බලල මොනවහරි ඕඩරයක් දහං”

යාළුවගෙත් උපරිමය පැනල. ඇත්තම කියනව නම් මටත් කියාගන්න බැරුව හිටියෙ. මගෙත් උපරිමය පැනල.. ගොඩක් වෙලා. 

දෙන්නගෙම වචන බැස්ස එකේ මොකටෙයි තව ප්‍රමාදයක් කියල මම ගත්ත ෆෝන් එක අතට. අරගෙන බැලුව ප්ලේස් එකක් හොඳ හැටියට මස් මාළු එක්ක බඩ පැළෙන්න කන්න තියෙන.

“ෂැහ්! මේ තියෙන්නෙ උඩින්ම.‍

ඒ.. එලයිට් එක හොඳයි නේ. ඒකෙන් දාමු බිරියානි (රු. 440) එකකුයි, චපාතියි (රු. 90), සබ්මැරීන් (රු. 385) එකකුයි. පානුත් ගෙනාපුව තියෙන නිසා, හැන්දෑවට පාන් කන්න ගන්නං මට්න් කරියක් (රු. 715). මොකෝ කියන්නෙ?”

“මොකෝ කියන්නෙ, කියන්නෙ? ආයෙ ඒකෙ කියන්න දෙයක් තියෙනවයැ. ලෙස ලෙස.. දාං දාං බං, කමු අද බඩ පැලෙන්න”

ගෙදරටම එන්න විනාඩි 40ක් පෙන්නුවට මොකද, එදා දවසෙ වාසනාව කියන්න වගේ විනාඩි 30ට ඕඩරේ අතලඟ. ඉහවහා ගියපු සන්තෝසෙට දෙන්නට පිස්සු වගේ. ඩිලිවරි මල්ලිටත් දුන්න කියන්නකො තඩි ටිප් එකක්. දීලා අනික් පැත්තට අඩියට දෙකට උඩ තට්ටුවට. හප්පේ.. ඊට පස්සෙනෙ, කෑම දිග ඇරෙන පරක්කුව විතරයි.

මේ ගිණිගහන බත් එක, මේකා බෙදාගති කියන්නකො අතින්ම. බෙදාගෙන චිකන් කෑල්ලත් 2ට කඩාගෙන, උඩින් මට්න් කෑලි 2, 3ක් එක්ක හොදිත් හොඳහැටි දාගෙන, බිත්තරේ...

බිත්තරේ තනියම දාගෙන!

“ඈ බං. මොකක්ද ඒ කරපු සවුත්තු වැඩේ?”

“උමචඔයබීප්තියෙන්නෙසප්එකේ. ඒකකාපංමංබීප්කන්නෑනෙ” කටේ බත් පුරවගෙන මොකක්දෝ මගුලක් කියනව. මමත් ඉතින් ඕන රෙද්දක් කියල ඉතිරි බිරියානි ටිකටම දාගත්ත චපාතියකුයි, මට්නුයි. දාගෙන වුනා ටිකක් පැත්තකට. මොකද ෂුවර් නෑනෙ ඕකා, මදි පාඩු තිබිල මගේ එකට අත දැම්මොත්.

ඊටත් පළවෙනි කට කාපු සැනින්ම මට හිතුන වෙලාවට පැත්තකට වුනේ කියල. මොකද ඒ බිරියානි එකේ රසත් එක්ක යාළුව අනිවා දෙවනි වටේ එන සීන් එකක් තිබ්බෙ.

ඇත්තටම පුදුම රසක් යාලු බත් එකේ. බිරියානි මික්ස් එක එහෙම දාලා තියෙනව රස පදමටම. හැබැයි බාස්මතී හාලෙ රස නම් සෑහෙන්න යට ගිහිල්ල. මගෙ හිතේ හයිඩ්‍රාබාද් බිරියානි නෙවේ වෙන්න ඕන. මොකද එහෙම වුනා නම් බතේ රසයි, මසාලා රසයි දෙකම බාගෙට බාගෙ වගේනෙ තියෙන්නෙ. කොහොම වුනත්.. ඒ බතත් එක්ක තන්දුරි රෝස්ට් චිකන් කෑල්ලක් කද්දී, රස නහර පිනා යන්නෙ නිකම් ඇඟකිලිපොලා, ඇස් පියවිලා යන්න වගේ. මොකද ඒ චිකන් කෑල්ලටත් හොඳහැටි කුළුබඩු, තන්දුරි අල්ලලනෙ.

ඒකට දෙවනි නැති මට්න් එක. හප්පේ.. ඒක නම්! උදේ ගෙනාපු පාන් නෙවෙයි, ඊයෙ ගෙනාපු පාන් තිබුනත් කන්න පුලුවන් ඒකත් එක්ක කිසි කේස් එකක් නැතුව. ඒ තරම් රස හොඳේ. හැබැයි අර වැඩේ තියෙන්නෙ ඔරිජිනල්ම ඉන්දියන් විදියට හදපු එක තමයි. මට්න් රසට වඩා ඇත්තටම මසාලා රසයි, තුනපහ රසයි තමයි වැඩි. ඒකයි එළකිරි, ගී වගේ රසවලුත් ටිකක් වැඩියි. හැබැයි ඉතින් මට්න් කෑලි හපද්දි නම් එහෙම අවුලක් නෑ. හොඳ හැටි රස එනව. ඒකත් නිකම් නම් බැරියැ, හොඳම මස් කෑලිනෙ! ඒකෙන් ඉතින් හපන එක තමයි වැඩේ වුනේ.

හිතන්නකො හොඳ ආටා පිටි එකකින් හදපු උණු උණු චපාතියකුත් ඒ මට්න් කරිය එක්ක ගලපෙද්දි. පිස්සු හැදෙනව නේ. ආයෙ චපාතියත් ගී එක්කද කොහෙද ලාවට කරවෙලා.. පුදුම රසක් යාළු.

ඒත් අර සබ් එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. ඒ කියන්නෙ, ඒකෙ මයොනිස් වැඩියි අම්බානක. කොටින්ම කියතොත්, මයොනිස් එක්ක ක්‍රීම් චීසුත් දාලද කොහෙද මස් රසක්, එළවලු රසක්, අඩුම තරමෙ සෝස් රසක්වත් එන්නෙ නැති ගානයි. පස්සෙ ඉතින් ඒක එහෙම කන්න බැරි නිසා මම කලේ බීෆ් ටික තෝරගෙන වෙනමම වැඩේට බැස්ස එක.

අන්න එතකොටනෙ.. ෂැහ්! ඇත්තටම බීෆ් එක හරි රසට තිබිල තියෙනව ඈ.

අපරාදෙ ඉතින් අර වැඩි ආදරේට මයොනිස්, ක්‍රීම්චීස් වැඩිපුර දාලා තියෙන්නෙ. ගාණට දැම්ම නම්, තරු 5යිනේ.. ඊලඟ පාර එහෙම කරන්න එපා හොඳේ! කෝකි අයියේ...


TIP

Try Biriyani

Similar Places

User Reviews
S
3

2/5

0

Shaq75

I placed my first order on Uber Eats. A menu of beef sub and a chicken pulao. The order was delivered so cold and the portion of meat on Pulao was the worst I ever had. The beef on sub was just small pieces with so much salt. This is not what I expected from an established brand.

S
3

2/5

0

Shaq75

I placed my first order on Uber Eats. A menu of beef sub and a chicken pulao. The order was delivered so cold and the portion of meat on Pulao was the worst I ever had. The beef on sub was just small pieces with so much salt. This is not what I expected from an established brand.

See 1 Comment