Weddagala, Kalawana
Best place to get an accommodation around Sinharaja at a very low budget and highly recommended food & service.
අනෝරා වැහි, සති දෙක තුනක් තිස්සේ ම එක දිගට ම. මුලු රට ම ගංවතුරෙන් යටවෙලා. කඳුකරයත් තනිකර ම නායයාමේ අවදානමේ. ඒ විතරක් නම් බැරියැ, අපේ ගමන?
ඇත්තටම යාළුවො දෙන්නයි මායි මන්නාරම් යන්න කියල හිටියෙ යාළු. විල්පත්තු පැත්තෙ එහෙමත් පොඩි රවුමක් දාලා...
කොහෙද, යන්න දවස් දෙකක් තියල හරියටම දැම්මෙ ඔය තබ්බෝව වැවත්, වාන්!
‘හපොයි’ කියවුණා ඒකට නම්. ඊටත් ආරාංචිය ගියපු සනික යාළුවගෙනුත් එනව මට කෝල් එකක්.
“අඩෙහ්, උබ දැක්කද ඒක. එළුවන්කුලම පාර ම යටවෙලා බං. යන්න තියා හතර මායිමේ කිට්ටු කරන්න බෑලු. මාර සිද්ධිය වෙන්නෙ දැං. හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. තව දවසයි තියෙන්නෙත් එක්ක. ඒ පොඩ්ඩක් බලාංකො ලංකාවෙ වහින්නෙ නැති එක තැනක්වත් නැද්ද කියල”
එවෙලෙ අතේ තිබ්බේ...ම ෆෝන් එක විතරයි! ගෙදර ගිහිල්ල ලැප් එකෙන් බලන්න තරම් වෙලා ගන්නත් බෑ. කරන්න දෙයක් නැති ම තැන ෆෝන් එකෙන් ම ගියා වෙදර් ෆෝකාස්ට් සයිට් එකකට. ගිහිල්ල ආයෙ කොනක ඉඳන් පටන් ගත්තෙ... ඉදිරි සති දෙකේ වෙදර් එක අධ්‍යයනය කරන්න.
වැඩේ කියන්නෙ ඒක නෙවෙයි, අධ්‍යයනය කරනවා කරනවා... අවසාන ප්‍රතිඵලයට එන්නෙ ම, වහින්නෙ නැත්තෙ සිංරාජෙට කියල කියන්නකො.
ඒක වෙන්න පුළුවන්ද ඈ... මේ අබුද්දස්ස කාලෙවත් මං කියන්නෙ. කට්ට කරකුට්ටං වෙන්න පායන දවස්වලටත් ගහෙන් ගෙඩි එන්න වගේ වැස්ස කඩන් වැටෙන පැත්ත.
ම්... ටික වෙලාවක් කල්පනා කරපු මම කෝකටත්, වැඩේ හරි හැටි දැනගන්න කියල ගැහුව ඒ පැත්තෙ ඉන්න යාළුවෙක්ට කෝල් එකක්. ගහල බැලින්නම්... හරිනෙ. එහෙට පායනව කියන්නෙ.
ආයෙ ඉතින් හැරෙන තැපෑලෙන් හොඳේ. එවෙලෙම, ඒ යාළුවටම කියල කුඩවට කිට්ටුවෙන් දැම්ම බුකින්ග් එකකුත්. දාලා ගමන කෙළින්ම හැරෙව්වෙ සිංහරාජෙ පැත්තට.
හරවල ඉතින් ඔන්න හොඳ හැටි ලකලෑස්තිවෙලා...
පිටත්වෙන දවස ඈ... හිරුකිරණින් හරි අපූරුවට වටපිටාව හැඩ කරල එහෙම පටන් ගත්තෙ. හැබැයි අපි නම් සතපහකට විශ්වාස කළේ නෑ. මොකද, අපි නොදන්න චෙස්. ඔහොම තමා සිංහරාජෙ ගියපු ගොඩක් දවස්. උදේට බොරුවට අපිව අන්දලා... රේන් කෝටුත් නැතුව ඇතුළට ගියපු ගමන් දෙනව හේදිලා, තෙතබරිත වෙලා යන්න.
ඒ නිසාමයි ඉතින් අපි එකපාරටම කැලේට යන්නෙ නැතුව ඉස්ඉස්සෙල්ලම නවාතැන්පළට ගොඩවැදුනෙ.
ඒක... පිහිටල තිබ්බෙ වැද්දගලින්, රක්වාන පාරෙ... කුඩවට හැරෙන්න පොඩ්ඩකට කලින්. බොරු කියන්න ඕන නෑනෙ, ගොඩවෙන තැන ඉඳන් ම ප්ලේස් එකේ ඒ හැටි ගතියක් නම් නෑ. එහෙමයි කියල ඉතින් කරන්න දෙයකුත් නෑ.
‘මොකද මම යාළුවට කිව්වේ හොඳ ලස්සන, ඉකෝ ටයිප් එකේ ප්ලේස් එකක් බුක් කරන්න කියල. ඒත්...’
කියල හිත හිත ඔන්න අපි ගියා ඇතුළට.
බොලේ, ඒ යද්දිනෙ... පඩිපෙල නැගල බැල්කනියට ගොඩවුණත් හරි... ෂැහ්! විව් එක... ආයෙ ඉස්සරහින් කෙළින්ම පේන්නෙ බෝඩරේ කඳු ටික. අර... පොඩි අවුලකට කියල තිබ්බෙ, බැල්කනියෙ ගෑවි නොගෑවි යන තරමට තිබ්බ වෙරළු ගහේ අතු ටික. ඒක පොඩ්ඩක් කප්පාදු වුණා නම්... විව් තමයි ඈ...
ඊටත් මුලින්ම ඇතුළට ගියපු ලසා... කෑගහගෙන එහේ මෙහේ දුවන ගතියක් ඇහුණ. ඉතින් අපිත් හනිහනික ගියා ඒ පැත්තට. බැලින්නම්... සාලයෙන් තියෙනව කියන්නකො පිවිසුමක්, රූෆ් ටොප් එක වගේ තැනකට...
ආයෙ කුරුල්ලො බලන්න ඉතින් එහේ මෙහේ යන්න ඕන නෑ. පාන්දරින් ම පුටුවකුත් අරගෙන එතනට ගියා නම්, බහුතරයක් ම ගොඩ. ඇත්තටම ලසා කෑගහල තියෙන්නෙත් ඒ සන්තෝසෙටමයි.
ඊට පස්සේ... ඔන්න අපි බෑග් කදමලුත් එක්ක කාමරයට.
හප්පේ... බලන්න එපැයි, කාමරයයි... නාන කාමරයයි...! පංකාදු පහයි...
ආයෙ ඉතින් කෙළින්ම ගෙදරක වගේමයි. හොඳ හැටි ඉඩත් තියෙනව. සුවපහු මෙට්ට, ඇඳුම් රැක්, කණ්නාඩි මේස... අඩුම කුඩුම සියල්ලමත් එක්ක...
හැබැයි... හොට් වෝටර් නම් නෑ. ඒත් ඒකට තියෙනව, සීතලේ ඇඟපත හෝදගෙන ඇවිල්ල ඇල වෙන්න සුවපහසු සෝෆා එකක්.
ම්... ඒ හැරුණාම පවුලකට වගේ නම් මෙයාලගෙ ලොකු කුස්සියත් පාවිච්චි කරල උයාපිහාගන්න පුළුවන්. නැතත් ඕඩරේ දුන්නත් කෑම ටික ගෙන්න ගන්නත් පුළුවන්.
වැඩේ කියන්නේ... අපි එහෙම ඕඩරේ දීලනෙ ඇත්ත තත්ත්වෙ දැනගත්තෙ!
සත්තයි යාළු... සර්විස් නම් අන්න සර්විස් ඈ... මං හිතන්නෙ නෑ තරු පන්තියෙ හෝටලයකවත් ඇති කියල එහෙම ටයිමින්.
කිව්වට විශ්වාස කරන්න... පළවෙනි දවසෙ සෆාරිය ගිහිල්ල ඇවිල්ල අපි ඒ අයියට කිව්වනෙ පහුවෙනිදා උදේ 5.30ට අපි කැලේට යනව, තේයි කෑමයි ඕන කියල.
කිව්වත් වගේ, 5.25ට දොරට තට්ටු ඕං!
5.30ට තේ... ඒකත් නිකම් නෙවෙයි ටොප් එකට ම ඈ... ලෝබ නැතුව, කහට ටික පිටි ටික එහෙම දාලා.
එතකොට 5.35ට ඔන්න කෑම පාර්සල් තුනත්.
කෙටියෙන් කියන්නම්. නිකමට ඉල්ලුවෙ වෙජි, ගමේ කෑම එකක් කියල. දිග ඇරල බලද්දි...
වට්ටක්ක දළු මාළුවයි, කිරි කොසුයි, වම්බටු තෙල් දාලයි, පොල් සම්බෝලයි.
අපි ඒක කද්දි 11යි. මුකූත්ම වෙලා නෑ, රස අතිනුත් මල් හතයි...!
ඒ හැරුණාම ඉතින් තව දැන ගන්න ඕන නම්…!
වගකීමෙන් කියන්නෙ, බය නැතුව කෝල් කරල, බුක් කරල යන්න. සිංහරාජෙ යන්න වගේම ගමේ ඇවිදින්නත්, නයිට් සෆාරි යන්නත්... මොනම ස්වභාවික් අත්දැකීමක් ගන්න වුණත්...
අඩුම ගාණකට හොඳම තැනක්, හ්ම්…
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Fruit Rice And Curry Fried Rice Chicken Fried Chicken Fish Parata Coffee Fruit Juice Bites Roti
Ratings Breakdown
A real, Lake.. Paradise! Has an awesome place of plain…
Everything for your leisure is at one place. It's Randiya…
Delete Comment