106, Jawatte Road, Colombo 5
Open until 12:00 AM
A bistro in Thimbirigasyaya that's defs worth looking out for.
ලොකූ.. බඩගින්නක් තිබ්බෙත් නෑ. හැබැයි ආයෙ පැය ගාණකට කෑම කන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැතිවෙන නිසා, ඔන්න ඔහෙ බලල කරල ගොඩවුනා.
ඒකත් නිකම් නෙවෙයි, ප්ලේස් එක දැක්ක ගමන්ම, අමුතුම ගැම්මක් ආවනෙ සුපිරි කෑම ටිකක් ඇති කියල හිතල..
ඒකයි!
හැබැයි යාළු, කිව්වත් වගේ.. ඔන්න ගොඩවෙලා අනික් පැත්තටම සේවක මල්ලි අපේ ලඟ හොඳද. මෙනු දෙකක් අරගෙනම ඇවිල්ල, අපිටත් දීලා, අපි කෑම තෝරනකම්.. මේසෙ හදල කරලා එහෙම.. ෂැහ් නියම සර්විස් එක ඈ.. ඒ නිසාම ඉතින් අපිත් මල්ලිව රස්තියාදු කලේ නෑ. සනික තෝරල දැම්ම ඔ්ඩරේ. චිකන් බිරියානි එකයි (රු. 450), පෙපර් බිෆ් පීසා එකයි (රු. 1500) කෑමට. චොකෝ මයිලෝ ක්‍රේප් එකක් (රු. 750) ඩෙසට් එකට. මසාලා චායි එකයි (රු. 300), පැෂන් මොජිටෝ එකයි (රු. 350) බීමට..
දාලා ඉතින් අත් එහෙම හෝදගෙන ඇවිල්ලා..
වාඩි වෙලා කයිකට සෙට් වෙන්න හැදුව විතරයි. මෙන්න බොලේ මොජිටෝ මේසෙ උඩ. ආයෙ මොනවද ඉතින්.. ටිකක් ගිණි අව්වෙ ඉඳපු අපි දෙන්නට දිව්‍ය ලෝකෙ සෙට්වුනා වගේ. ඉස්සෙල්ලම දුන්නා යාළුවට උගුරක් දෙකක් රස බලන්න. ඊට පස්සේ..
මම, ගත් ගැම්මට බීගෙන බීගෙන ගියා..
ෂැහ්! සුපිරි ඈ.. පදමටම ස්ප්‍රියිට් දාලා. හොඳට ඉදුණු පැෂන් ගෙඩියක්, මින්චි කොළ, අයිසුත් මදි නොකියන්නම.. තිබහට නම් කියාපුම!
ඊට පස්සෙ ආවෙ මසාලා චායි එක. ඒක ඉතින් හොට් හොට්නෙ. ඒ නිසා පැත්තකට කලා කාලා ඉවර වෙලා බොන්න. කරලා.. ඒ එක්කම වගේ ආපු පීසා එකයි බිරියානි එකයි..
මම ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් බත් පැත්තටනෙ. ඉතින් ඇරඹුම බිරියානියෙන්.
බාස්මති හාලෙ බත යාළු. හොඳහැටි දාලා තියෙනව කුරුඳු, කරාබු, බිරියානි මික්ස් අඩුම කුඩුම ටික. ඒ වගේම ඒකෙ චිකන් එකත්.. බිරියානි මික්ස් රසෙන්ම පදම්වෙලා. වැඩේ කියන්නෙ පදම් වෙච්ච එක නෙවෙයි, මස්වල සොෆ්ට් ගතියනෙ. අනේ මන්දා ඒක නම් මාරයි. මම ජීවිතේට කාලා නෑ එච්චර සොෆ්ට් චිකන් එකක්.
කොහොමවුනත් ඒ බිරියානියෙ මට පොඩි අවුලකුත් තිබ්බ. මොකද.. ඒකෙ සමස්ථ රසය පොඩ්ඩක් පොඩ්ඩක් මදි මදි වගේ.. විශේෂයෙන්ම චිකන් එකේ එහෙම..
ඒ වුනාට පීසා එක?
අන්න.. නොම්මර එකට ඈ.. රොටිය තුනීවටම හදලා. ටොප් තක්කාලි බේස් එකක් උඩින් මොසරැල්ල තඩි තට්ටුවක් දාලා.. ඊට උඩින් දාලා ග්‍රීන් පෙපර්, රෙඩ් පෙපර්, ලූණු අඩුම කුඩුම එක්ක හොඳහැටි කුළුබඩු රස තියෙන්න පදම් කරලා ඩ්‍රයි ගතියට හදාපු බීෆ්. ඒකත් පොඩි පොඩියට නෙවෙයි, ඇඟිලි පුරුකක් ඇති කෑලිවල සයිස් එක. අනික එයින් කෑලිත් එක පීසා පලුවකට 4, 5ක්..
හිතාගන්නකො ඉතින් රස.
එහෙම කාලා.. උගුර ලඟට සෙට්වේගෙන එද්දි ගත්තා මසාලා චායි එක සීනි ටිකක් එහෙම දාලා. අරගෙන එක උගුරයි ඉතින්..
රස නහර පිනාගිහින්, ඇඟ නිකම් කිලි පොලා..
සත්තයි පංකාදු චායි එක යාළු! අනේ තිබ්බ ආසාව කියන්නෙ, ඉක්මනට ඉවර වෙයි කියල හෙමි හෙමිහිට කියන්නකො බිව්වෙත්.
ඒ බොන අතරට යාළුවා අරගෙන තිබුනා චොකෝ ක්‍රේප් එකෙන් කෑල්ලක් කඩලා..
මාත් ඉතින් පරක්කු වෙන්න බෑනෙ. චායි එකේ අන්තිම චුට්ට උගුරට දෙකටට ගහලා දාලා බැස්සා ක්‍රේප් එකට. බැහැලා එක කෑල්ලයි කඩාගෙන කෑවෙ..
හප්පට!
ඒක නම් වචනයෙන් තියා.. කොහොමත්ම විස්තර කරන්න බෑ, කාලාම බලන්න ඔ්න.
හිතන්නකො යාළු හොඳ රස චොක්ලට් පෑන් කේක් බේස් එකක් උඩට නටෙලා තට්ටුවක් අතුරල, මයිලෝ කුඩු සවලෙන් දාලා වගේ උඩින් දාලා, දෙකට නවලා බේක් කරලා ගත්තාම?
කන්න බෑ..!
Delete Comment