Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

Falafel King

Duplication Rd, Colombo 03


A tiny restaurant serving Middle Eastern food.



ෆලාෆල් කිං කියන්නෙ කොල්ලුපිටියෙ ළඟදි දාපු පුංචි රෙස්ටොරන්ට් එකක්. මෙතන තියෙන්නෙ සාමාන්‍යයෙන් හැමදාම හම්බෙන විදිහෙ කෑම නෙමෙයි. මෙයාලගෙ කෑම මැද පෙරදිග පැත්තට බරයි. ඉතිං ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක් ලබන්නයි ෆස්ට් ලුක් එක කොහොමද කියල බලන්නයි අපි ගියා එහෙ.

තැන

මේක කොල්ලුපිටිය හන්දියෙ ලිබර්ටි ප්ලාසා එක ඉස්සරහ මුල්ලක හැංගුණ පුංචි තැනක්. ඇතුල් වුණ ගමන් දකින්න තිබුණ පිරිසිදු පිළිවෙළ ගතිය හිතට ඇල්ලුවා. ඉඩකඩ පටු වුණත් හත් අට දෙනෙකුට වාඩි වෙන්න ඉඩ තියනවා. ලස්සනට ලයිට් එහෙම දාල ආලෝකමත් කරල තිබුණා.

කෑම

කිව්වත් වගේ මිඩ්ල් ඊස්ට් පැත්තෙ හදන විදිහෙ කෑම තමයි මේගොල්ලො ළඟ තියෙන්නෙ. ඉතිං අපි කෑම විදිහට ඕඩර් කළා ෆලාෆල් එකයි (රු. 390), සබිච් එකයි (රු. 390), හමුස් එකයි (රු. 400).

මේගොල්ලන්ගේ ෆලාෆල් ඩිෂ් එක එන්නෙ පිටා රොටියක ඔතලා. ෆලාෆල් ටික පිපිඤ‍්ඤා, තක්කාලි, ලූනු, තහිනි සෝස්, පිකල් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මිශ්‍රණයකට මැදි වෙලා තමයි එන්නෙ. ෆලාෆල් කියන්නෙ අපි හදන පරිප්පු වඩේ වගේ ජාතියක් නේ. ඉතිං මේ රොටිය ඇතුළෙ තිබුණ ෆලාෆල් ටික හොඳට බැදිලා රහට තිබුණට මොකද, අර කියපු මික්ස්චර් එක නං ඒ තරං අපිට හිතට ඇල්ලුවෙ නෑ. මොකද ඒක ටිකක් දිය රහ නිසා. සමහර විට ස්පයිසි ගතියක් ආව නං මේ දිය රහ නැතුව යන්න ඉඩ තිබුණා. ඉතිං අපි කරපු වැඩේ, පිටා රොටියෙන් ෆලාෆල් ටික විතරක් එළියට අරගෙන කෑවා!

අපිට සබිච් එක ගන්න වුණේ එවෙලේ එයාල ළඟ ෂක්ෂුකා තිබුණේ නැති හින්දයි. සබිච් වගේ ම ෂක්ෂුකා කියන්නෙත් ඊශ්‍රායලයේ සුප්‍රකට කෑම වර්ග. අපි ගත්ත සබිච් එකත් ආවෙ පිටා රොටියක් විදිහට. අර වගේ ම මිශ්‍රණයක් ඒකෙ ඇතුළෙත් තිබුණා. පිපිඤ‍්ඤා, තක්කාලි, ලූනු, තහිනි සෝස්, පිකල්, තම්බපු බිත්තර සහ වම්බටු තමයි ඒකෙ අඩංගු වුණේ. මේකට නං අපි ෆලාෆල් එක තරමටවත් කැමති වුණේ නෑ, ඇයි කිව්වොත් මේකට දාපු වම්බටුවලින් එන රස නිසා මේ මිශ්‍රණේ රස සම්පූර්ණයෙන් ම අවුල්. මේකත් සැරට ගත්ත නං මෙච්චර කේස් එකක් වෙන එකක් නෑ.

අපරාදෙ කියන්න බෑ හමුස් එක නං නියමයි. හමුස් හදන්නේ තල ඇට, කඩල වගේ ඇට වර්ග එක්ක තහිනි සෝස්, සුදුලූනු එහෙම දාල. ගාගෙන කන්නයි තියෙන්නේ. මේක කනකොට නං කටට සෑහෙන හොඳ ෆ්ලේවර්ස් ටිකක් ආව කියල කියතහැකි.

හමුස් එකේ රහ වැඩිපුර ම දැනුණේ ඒගොල්ලො අපිට ෆ්‍රී දීපු ගාලික් බ්‍රෙඩ් කෑල්ලක් ඒකෙ පොඟවල කටට දාගත්තමයි.

බීම

අපේ බීම තේරීම වුණේ පැෂන් ෆෘට් ස්ලෂී එකයි (රු. 250), ලයිම් ජූස් එකයි (රු. 250). අපිට අයිස්ඩ් ටී අරං බලන්න ඕන වුණත් එවෙල එයාල ළඟ තිබුණෙ නෑ. ඉතිං අපි ගත්ත මේ බීම ජාති දෙක ම සෑහෙන ඇඹුල් කියල නං කියන්න ම වෙනව.

පැෂන් ෆෘට් ස්ලෂී එකට වඩා විශේෂයෙන් ම ලයිම් ජූස් එක ඇඹුලයි. හැබැයි දෙක ම හොඳට ම චිල් කරල සර්ව් කරපු නිසා රිෆ්‍රෙෂිං ගතිය නං උපරිමේට තිබ්බා.

සර්විස් එක

කියන්න තරම් වරදක් නෑ සර්විස් එක ගැන නං. ඉක්මන් සහ මිත්‍රශීලී සේවාවක් අපිට ලැබුණා.

අවසාන වශයෙන්

ෆලාෆල් කිං එක ළඟදි ඕපන් කරපු තැනක් නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් නේ. ඉතිං අපි ඊළඟ පාර යද්දි මීට වඩා රස පැත්තෙන් එයාල දියුණු වෙලා ඉඳියි කියල අපිට හිතෙනවා...

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment