Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

4/5

Family Baker

253, Galle Road, Mt. Lavinia


Family Baker is arguably the best mainstream bakery in Mount Lavinia. They've got a great selection of both savories and sweets, which have been consistently tasty time and time again.



හරි වැඩක්නෙ වුනේ..

ඔන්න මම යාලුවෙක්ගෙ ගෙදර යනව පරණ අවුරුද්දෙ අන්තිම දවසෙ හොඳේ. කොහොමහරි මගක් යද්දි මට අම්බානක බඩගිනියි. මොකද කලින් දවසෙ ෆන්ෂන් එහෙමත් දාලා.. දන්නැද්ද ඉතින්. වැඩේ කියන්නෙ, එහෙමයි කියල.. මගින් බහින්නත් බෑනෙ කෑමටම. ඉතින්.. හිතාගත්ත කොහොමහරි ඉවසගෙන ඉඳල ඉඳල මවුන්ට් වලින්ම මොනවහරි බඩට දාගන්නව කියල.

එහෙම ඉඳල තමයි බස් එක නවත්තපු සනික.. දූවල ගිහිල්ල ෆැමිලි බේකර්ස් එකටත් ගොඩවුනේ. ඒත් කොහෙද, ගොඩවෙලා වෙජි රෝල් එකයි (රු. 40), ෆිෂ් කට්ලට් එකයි (රු. 60), රෝස්ට් චිකන් සැන්ඩ්විච් (රු. 160) එකයි ඕඩර් කලා විතරයි.. ඔය එන්නෙ යාළුවගෙන් කෝල් එකක්!

“ඒහ්.. කොහෙද බං ඉන්නෙ. එන්නැද්ද අද?”

“එනව එනව බං. මං මේ මග ඉන්නෙ. උදේට කාලාත් නෑ බං. පොඩ්ඩකට ගොඩවුනා මේ පොඩි කඩේකට. සනික එන්නං”

“හෑ.. කඩේකට ගොඩවුනා. කොහෙද කොහෙද කඩේ?”

“මේ.. ෆැමිලි බේකර්ස් එක බං මවුන්ට්වල”

“හෑ.. බොල උබ මාර මනුස්සයෙක්නෙ. එන ගමන් ඕකෙන් කාලා.. ඇවිල්ල අපේ ගෙදරිනුත් කනව. ඒක හරියන්නෙ නෑ. ඔතනින් ගෙනෙන් කේක් මොනවහරි, කේක්”

දුන්න කෝල් එකෙන්ම මට ෂොට් එක!

ආයෙ ඉතින් බෑ කියන්නයැ. අන්තිමට අර ටිකත් කාලා චිකන් හැම් පයි එකකුයි (රු. 120), සීනිසම්බල් බන් එකකුයි (රු. 80), ඩෝනට් (රු. 120), ඉක්ලෙයාර්ස් (රු. 80), පයිනැපල් කේක්, චොකෝ ෆජ් (රු. 140), කැරමල් කේක් ටිකකුයිත් අරගෙනමයි ගියේ. නැත්නම් වසන්න හම්බුවෙන්නෙ නෑනෙ?

ම්.. ඇත්තම කියනව නම්.. යාළුවගෙ හිත එතනින් එකෙන්ම සැනසුනා.

මගේ හිතත්.. ෂෝටීට්ස් කාලා පළවෙනි වතාවටද මන්ද හරි සන්තෝසයෙන්නෙ! අනේ මන්දා, බඩගින්න නිසාද කියල ඒ කාපු වෙජි රෝල් එකෙත් පට්ට රසයි කියන්නකො. උණු උණුවෙ, සෝස් ටිකක් එහෙමත් ගෑවුනාම පංකාදු පහයි. ඒක කටට දෙකට ඉවර වුනේ ඈ.. මොකද හොඳ ක්‍රිස්පි ගතියට, කැරට්, ග්‍රීන් පීස්, අල, ලූණු එහෙමත් දාලනෙ මදි නොකියන්න.

කට්ලට් එකත් යාලු ඊට දෙවනි නෑ. කෙලවල්ලන්ද කොහෙද හොඳ හැටි ගම්මිරිස් පදමෙ තම්බල පොඩි කරල එළවළු මික්ස් එකට එකතු කරල.. නියමයි ඈ.

ඒකට රෝස්ට් චිකන් සැන්ඩ්විච් එක බලන්න එපැයි. ෂැහ්.. සෝස් මුකුත්ම ඕන නැති ගානයි. ඇයි ඉතින් රෝස්ට් චිකන් එක්ක, බටර් බේස් එකයි.. ලූණු අඩුම කුඩුම දාලා හදපු ඩෙවිල් එක වගේ එකයි..

කන්න කන්න ආයෙ නොම්මරත් එකයි.

ඒ වගේම තමයි සීනි සම්බල් බන් එකත්. හොඳ සැරට, මිරිස්, ගම්මිරිස් පදමත් එක්ක ලූනු වලට උම්බලකඩත් ලාවට එකතු කරල හදල තිබ්බෙ. ඇත්තටම ඒ වෙලාවෙ නම් හිතුන.. ‘අපරාදෙ ඒක යාළුවගෙ ගෙදර ගෙනාවෙත් කියල’ ඒ තරම් රසනෙ ඉතින්.

ම්.. කොහොමහරි යාළුවට හොඳටම අල්ලල ගිහිල්ල තිබුනෙ චිකන් හැම් පයි එක. ඒකෙ ලොකු දෙයක් නැතිවුනාට චීස්, හැම් එක්ක හොඳ පදමට බේක් වෙලා නිසා.. ඇත්තටම අමුතුම ගතියක් නැත්තෙමත් නෑ..

හැරත් ඩෝනට් එකයි, ඉක්ලෙයාර් එකයි ආයෙ තරු පන්තියෙන්මනෙ. මං කියන්නෙ ගාණත් එක්ක බැලුවාම..  ටොප් ආ. ඩෝනට් එකේ යාළු බන් එක ලාවට ෆ්‍රයි කරල, උඩින් සුපිරි චොක්ලට් ටොපින් එකක් දාලා හොඳ ඝනකමට එහෙම!

ඉක්ලෙයාර් එකත්.. ඊටත් එහා හොඳේ. ඒකෙ උඩින් වගේම මැද්දටත් චොක්ලට් ක්‍රීම් පුරවල. ආයෙ කනකොට රස නහර නිකම් පිනා යන්නෙ.

ඒත් අර සෑහෙන්න චොක්ලට් රසයි කියල දීපු ෆජ් එකේ නම් එහෙම ගතියක් ඇත්තටම සෙට්වුනේ නෑ. කිව්වේ.. චොක්ලට් රසක් නැතුවමත් නෙවෙයි, බලාපොරොත්තු වෙච්ච තරම් නෑ. කේක් එක හොඳ සොෆ්ට් එකට තිබ්බ නිසා නැගල ගියා මිසක්...

ම්.. කැරමල් කේක් එකත් ඒ වගේමයි. කැරමල් රස තියෙනව. හැබැයි තව ටිකක් ආව නම් වටිනව.

ඒකට පයිනැපල් එක. හපෝ.. මම එක කටයි කෑවෙ, එහෙම්මම යාලුවට දුන්න. කන්න බෑ අප්ප ඒක, දතකට හිරි වැටෙනවනෙ.

කොටින්ම කිව්වොත් එතනින් එහාට, මම මුකුත් කෑවෙත් නෑ. මට පයිනැපල් එච්චර සෙට්වෙන්නෙ නැති නිසාම තමයි ඒක වුනේ. ඒ නිසාම ඉතින් ඒක තේරුම් අරගෙන ඉතිරි අඩුපාඩු ටික බත් වලින් ෂේප් කරගත්ත, ඕ.. නැත්නම් මොකටද නිකම්, බැරි දේවල් කන්න ගිහින් නේ..!

Address

253, Galle Road, Mt. Lavinia

Directions

From Colombo, head down the Galle Road till you get to Mount Lavinia (passing No Limit, the cemetery). Family Baker is at Family Super, which is right opposite the Lion Pub.

Contacts

Report Inaccuracy

Open 6.00 AM - 8.00 PM

Price Range

Less than 200

Dish Types

Sweets Cakes Bready Short Eats

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 2 Comments