Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF EID SAWAN OFFERS SBB1 Artwork for Coffee post sidebar 1-Aga coffee

2/5

Family Baker (Rathmalana)

107, Galle Road, Rathmalana.


An average roadside bakery shop with below-average food.



බේකරි ප්‍රොඩක්ට් ගැන කතාකරද්දි අපි ගොඩක් වෙලාවට බෙන්ච්මාර්ක් එක හැටියට ගන්නෙ පෙරේරා ඇන්ඩ් සන්ස් එක. මොකද එයාලගේ ගොඩක් කෑම ජාතිවල කියන්න තරම් විශේෂ හොඳක් නෑ වගේම විශේෂ නරකකුත් නෑ; හෙන ම ජෙනරික්. ඉතිං පී ඇන්ඩ් එස් එකත් එක්ක බලද්දි ෆැමිලි බේකර්ස් එක තියෙන්නෙ ඊටත් වඩා ටිකක් පහළින්.

තැන

ගල්කිස්සේ ෆැමිලි සුපර් එක ඇතුලෙත් ෆැමිලි බේකර්ස් එකක් තියෙනවා. හැබැයි අපි ‌ෙමේ පාර  ගියේ ගල්කිස්ස හංදියේ ඉඳන් රත්මලාන පැත්තට යද්දි හම්බවෙන බ්‍රාන්ච් එකට. බැලූබැල්මට මේක සාමාන්‍ය බේකරි ෂොප් එකකට වඩා ටිකක් පොෂ්.

කෑම

කෑම ජාතිත් ලොකු සිලෙක්ෂන් එකක් තියෙනවා. බ්‍රෙඩ්, පේස්ට්‍රි, ගැටෝ වගේ වෙන වෙන ම සෙක්ෂන් කඩලා තියෙන්නෙ.

අපි කන්න ගත්තෙ චිකන් බොක්වර්ට්ස් හොට්ඩෝග් (රු. 145) එකයි, බේක්ඩ් හැම් බ්‍රෙඩ් (රු. 90) එකයි, ෆිෂ් කට්ලට් (රු. 50) එකයි, චිකන් රෝල් විත් වයිට් සෝස් (රු. 70) එකයි. බොන්න නෙස්ටී.

චිකන් රෝල් විත් වයිට් සෝස් එකේ නම් කිසිම සෝස් ගතියක් තිබුණෙත් නෑ. චිකන් තිබුණෙත් නෑ. රත්මලානේ ෆයිව් ස්ටාර් බේකර්ස් එකේ වගේ ම අංකල් සෑම් එකෙත් මීට වඩා හොඳට ක්‍රීමි සෝස් පිරිච්ච රෝල්ස් තියෙනවා. ඒත් මේක නම් තනි බොරුවක්. කැරට් කෑලි ටිකක් ඇරුණම රෝල් එක ඇතුළ හිස්!

ෆිෂ් කට්ලට් එක හදල තියෙන්නෙ “සැමන් ටින්වල” එන මැකරලුයි අලයි දාලා. හැබැයි හොඳට ගම්මිරිස් එහෙම දාලා හින්දා අවුලක් නැතුව කන්න පුළුවන්.

බොක්වර්ට්ස් හොට්ඩෝග් එකේ සොසේජ් එකයි බන් එකයි ඇරෙන්න තිබුණේ නිකං පාළුව යන්න වගේ දාපු සලාද කොළයක් විතරයි. ලංකාවේ ‌ගොඩක් ‌හොට්ඩෝග් වගේ ‌‌මේකෙත් ‌සොසේජ් ඒකට සාපේක්ෂ ව බන් ඒක සෑහෙන ‌ලොකුයි.  ඉතිං කෙචප් තොගයක් නැතුව මේක කන්න අමාරුයි.

හැම් බ්‍රෙඩ් එකට දාලා තියෙන්නෙ චිකන් හැම්. ඒ මදිවට ඒක ෆ්‍රිජ් එකේ දාලා තිබිල අරගෙන ද මන්දා; හොඳටම සීතල වෙලා.

සර්විස් එක

සාමාන්‍යයෙන් ඕනම බේකරි ෂොප් එකක වගේ තමයි, ෂෝකේස්වල තියෙන කෑම ජාති පෙන්නලා ඉල්ලගන්න ඕන. සර්විස් එකේ කියන්න තරම් ලොකු වරදක් නැති වුණත් වැඩි උනන්දුවක් තියෙන බවක් පෙනුණෙත් නෑ.

සේවරිවලට අමතරව ඩෝනට්, ගැටෝ වගේ ස්වීට් වර්ගත් මෙතන තියෙනවා. ඒත් කාපු එකක්වත් හරියට අල්ලලා ගියෙ නැති හින්දා අපි ඒ පැත්ත අල්ලලා දැම්මා.

අවසාන වශයෙන්

එළියෙන් පෙනුම හොඳට තිබුණට මොකද මෙතන කෑම නම් දැන් ඉස්සර වගේ කොලිටි නෑ. මෙතන එහාපැත්තෙ තියෙන ෆයිව්ස්ටාර් එකේ, එහෙම නැත්නම් හැමතැනම තියෙන පී ඇන්ඩ් එස් එකක වුණත් කෑම මීට වඩා හොඳයි.


TIP

Don't get deceived by the fancy looking hotdogs/ burgers. Most of them taste bland.

Address

107, Galle Road, Rathmalana.

Directions

About 200m towards Moratuwa from the Mount Lavinia junction, this is on the land side.

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment