4/5

FAT WOK

Sri Jayawardenepura Kotte


Great please to have a delicious Chinese meal freely at an amazing lake view



“කාලා යං ඉතින් බඩගිනියි නේ…”

බුක් ෆෙයාර් යන්න කලින් අරයට මම පොඩි යෝජනාවක් දැම්මෙ වැස්සත් එක්ක ආපු බඩගින්න උහුලන්න ම බැරි තැන. හැරත් ඉතින් දන්නැද්ද, අපේ උන්දැලට පොත් දැක්කාම... ආයෙ බඩගින්නක් එනව තියා, මෙලෝ සිහියක් නෑනෙ. රාක්කෙන් රාක්කෙට, ස්ටෝල් එකෙන් ස්ටෝල් එකට යනවා යනවා… ඉවරයක් වෙන්නෑ.

කොහොම හරි වචනෙන් දෙකෙන් වැඩේ ෂේප් කරගන්න ලැබුණ එක ගැන නම් මට හරි සන්තෝසයි. ඒත් වැඩේ කියන්නෙ අපි ඉඳපු හරියෙ හරියට කෑම ටිකක් කන්න කඩයක් තිබුනෙ නෑ කියන්නකො. කල්පනා කළා කල්පනා කළා ඔළුවට එන්නෙත් නෑ. වටපිට බැලුවා, එහෙම එකක් පේන්නත් නෑ. ඉඳාන්කො, කියල මම ගත්තා විස්කිට කෝල් එකක්.

“ඒ මචාං, වෝර්ටස් ඒඩ්ජ් පැත්තෙ කන්න කඩයක් කියාන්කො. අලුත් ප්ලේස් එකක් හොඳේ”

“අලුත් ප්ලේස් එකක්? ම්ම්… ආ හරි! යන්න ඇතුල් කෝට්ටෙ පාරට කිට්ටුව තියෙන ‘ෆැට් වොක්’ එකට. අපි රිවිව් කරලත් නෑ ඒක. සුප්ප ප්ලේස් එකලු”

“නෑ… සිරාවට. එළනෙ බං. මේ දැන්ම යනව මේ දැන්ම ආ...”

කිව්වට විශ්වාස කරන්න යාළු ෆෝන් එක කට් කරද්දිත් මම ටික දුරක් ඉස්සරහට ගිහින්. ඇයි අප්පේ ඉතින්, ඒ තරම් හදිස්සියනෙ.

අඩියට දෙකට ඇතුල් කෝට්ටෙ පාරට ගියාට මොකද රෙස්ටුරන්ට් එකේ උඩට නැග්ගෙ නම් අපි ටිකක් හිතල බලල. මොකද කවුරුත් පේන්න හිටියෙ නෑනෙ. හැබැයි උඩට නැගපු තැන ම සේවක මිත්‍රයෙක්ගෙන් සුහද පිළිගැනීමක්. ඒ විතරක් නෙවෙයි එයා අපිට වාඩි වෙන්න මේසයක් එහෙමත් පෙන්නල, මෙනු ගෙනැල්ල, කෑම තෝරන්නත් උදව් කරලයි ගියේ. ඒත් ඉවර නෑ, ඕඩරේ දාලා ඇවිල්ලා පිඟන් කෝප්ප අඩුමකුඩුම ටික තියල මේසෙත් හදල දුන්නා. ඒ දුන්නටත් පස්සෙ තව මොනවද ඉතින්… අපි තැන්ක්යූ කියල කෑම ටික එනකම් අපේ කතාබහක!

ඔය විදියට විනාඩි 10ක් 12ක් යන්න ඇති. මට නිකම් පැත්තෙන් පෙනුණෙ කවුදෝ එනව. ස්නිකව හැරුණා ඒ පැත්තට.

බැලින්නම් කෑම ටික එනව කියන්නකො. එක පේළියට, බාබකියු බැම්බු රයිස් (රු. 600), හොට් පොට් ඉස්සො (රු. 750), බ්ලැක් පෙපර් පෝර්ක් (රු. 650), වෙජි සැලඩ් (රු. 600)…

උණුඋණුවෙ දුම් ද දා… සුවඳ ගහන කෑම ටික මේසෙ උඩ තියෙද්දි ආයෙ මොනාද ඉතින්…

දෙන්නා පටන් ගත්තා වැඩේ!

ෂප්පේ… දස බස ගාලා දෙසන්නෙ.

මම මුලින් ම අතගැහුවෙ රයිස් එකට. අවංකයෙන් ම සුපිරි රියිස් එක. ළා බාබකියු රසකුත් එක්ක, උණුඋණුවෙ තලුමරන්න පුළුවන්. හැරත් ඒකට මදි නොකියන්න එළවළු අඩු පාඩු ටික එහෙමත් දාලානෙ. බිත්තරත් කැරලි වෙන්න දාලා… බාබකියු කරපු කුකුල් මසුත් හීනියට ඉරලා දාලා. කියල වැඩක් නෑ හොඳේ. ඊටත් ඒකට චිලි පේස්ට් ටිකක් එහෙම එකතු වුණාම එපැයි බලන්න. කන්න පුළුවන් කියන්නෙ ගමකට.

බ්ලැක් පෙපර් පෝර්ක් එකත් රයිස් එකටම කියාපු. ඒ මදිවට ඒකට බැටර්ඩ් හතුත් දාලා. සප්පේ… දකිද්දි කටට කෙළ උනන ගානයි. හැබැයි පෝර්ක් එකේ හිතපු තරම් සැර ගතියක් තිබ්බෙ නෑ. ඒත් රස නම්… හිතා ගන්න බෑ මොනවා දාලා හදලද කියල. මම හිතන්නෙ ඔරිජිනල් ම චයිනීස් දේවල් පාවිච්චි කරල තමයි වැඩේ කරල තියෙන්නෙ. ඒ හැරුණා නම් ඉතින් මාළු මිරිස්, කැරට්, ලූනු එහෙමත් හොඳ හැටි දාලා. ඔක්කොටමත් වැඩිය ඒකෙ තෙල් කෑලි අඩුයිනෙ. අනික සියලු පෝර්ක් බැදලත් එක්ක!

වැඩේ කියන්නෙ ඒ දෙකම කාලා අන්තිමට බෙදාගත්ත ඉස්සො නූඩ්ල්ස් එකටනෙ කඳුළු පනින්නෙ. ඒකෙ රස නම් අදටත් මතකයි යාළු. සුපිරි ම ආයෙ ඈ… නෝර්මල් ඉස්සො 10ක් 12ක් විතර පදම් කරලා තම්බලා සෝස්වල දවටලා… ලූනු කොළ, කැරට් අඩුමකුඩුම දාපු චොප්සියක් කරලා තමයි හීනි නූඩ්ල්ස් එක්ක මේසෙට ඇවිත් තිබ්බෙ. හීනි නූඩ්ල්ස් කිව්වට ඇත්තටම ඒවා ග්ලාස් නූඩ්ල්ස්. එක කටක් ගත්තාම ඉවරයක් නෑ එනව. අවුල තියෙන්නෙ ඉතින් ඒ ටික බැලන්ස් කරන අතරට අරයා තව ඉස්සො දෙතුන් දෙනෙක්ට ගේම දීලනෙ…

ඒ තරමට කෑම ටික එයාට අල්ලල ගිහින්. මාත් ඉතින් නොකිව්වට උගුර ළඟට කට් වෙන්න පුරවගෙන හිටියෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු අපි කකා ඉන්න අතරෙ මහ වැස්සක් ආවා. එළිමහන් කොටස නිසා තෙමෙන ගතියක් තිබ්බා. ඒත් අපේ එක්කෙනා නෙවෙයිනෙ වැඩේ නතර කළේ. මේසෙ ඇතුළට ඇදගෙන ආයෙත් ගේමෙ කියන්නකො.

මදැයි කන්න යමු කිව්වා…

දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ කියන්න ඕමත් කනවද, මං අහන්නෙ ඈ!


TIP

Try anything!

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

User Reviews
Avatar for Kosala Jayasekara
1

5/5

0

Kosala Jayasekara

Yummi food. Taste is so good. Decent staff. Buddhika’s review is correct and up to date.

Avatar for Kosala Jayasekara
1

5/5

0

Kosala Jayasekara

Yummi food. Taste is so good. Decent staff. Buddhika’s review is correct and up to date.

See 4 Comments