662, Galle Road, Colombo 03
Open until 11:00 PM
A pretty solid place to get your burger/sub needs sorted.
ෆැටී පැටී, අමුතු නමක්. මේක කොල්ලුපිටිය ගාලු පාරෙ මරීන් ඩ්‍රයිව් එකට හැරෙන වංගුවක තියන පුංචි රෙස්ටුරන්ට් එකක්. රෙස්ටුරන්ට් එකක් විතරක්ම නෙවෙයි, ෆැටී පැටී එකේ යට තට්ටුවෙ එක පැත්තක සම්පූර්ණයෙන්ම ඉම්පෝට් කරපු ටොෆි, චොකලට්, චිප්ස් වගේ පැකට් ජාති ලස්සනට පිළිවෙළට අඩුක් කරල විකුණන්න තියල තියනවා.
යට තට්ටුවෙ තියන පොඩි ඉඩ වුණත් ලස්සනට ඇරෙන්ජ් කරල, ඩෙකරේට් කරල, ඒසී කරල තියන නිසා ඇතුල් වෙද්දිම මෙතෙන්ට ආස හිතෙනවා. ඒ ඇරෙන්ජ්මන්ට් එක ගැන ඇති වුණ පැහැදීමෙන් ම අපි උඩ තට්ටුවටත් ගිහින් බැලුවා. උඩත් ඊට වඩා ලොකු ඉඩක් නෑ. හැබැයි එන අයට පහසුවෙන් වාඩි වෙලා කෑමබීම රස විඳින්න පුළුවන් වෙන විදිහට, තියන පටු ඉඩ මැනේජ් කරගෙන තිබ්බා. ඒ වගේම බලන බලන තැන මල්!
අපි ගිහින් වාඩි වුණේ උඩ තට්ටුවෙ අයිනෙම තිබුණ මේසෙ වටේට. හැන්දෑවේ ඔෆිස් ඇරෙන වෙලාව හින්ද වීදුරුවෙන් එහා පැත්තෙ කලබල ගාලු පාර වේගෙන් දුවමින් හිටියා.
අපි ඉතින් හෙමීට වාඩි වෙලා හරිබරි ගැහිල වටපිට එහෙම බලල මෙනු එක අතට ගත්තා. ඔන්න එතකොටම ෆැටී පැටී එකේ කෙනෙක් ඇවිත් අපිට කෑමබීම ඕඩර් කරන්න ලේසි වෙන විදිහට මුළු මෙනු එකේම තියන කෑම ජාති බීම ජාති ඔක්කොම එකින් එක පැහැදිලි කරන්න පටන්ගත්තා. අපි ඒගොල්ලන් ළඟ තිබුණ බර්ගර් ලිස්ට් එකෙන් මෙක්සිකානා (රු. 750) එකකුයි, සබ්මරීන් ලිස්ට් එකෙන් ෆිලී චීස් ස්ටේක් (රු. 550) එකකුයි තෝරගත්තා.
මෙක්සිකානා එක අපි හිතුවට වඩා ලොකුයි! ඇතුළ ලොකු බීෆ් පැටී එකකින්, ෆ්‍රෙෂ් සලාද කොළ, තක්කාලි, ලූණු සහ සෝස්වලින් ස්ටෆ් කරල තිබ්බා. බීෆ් පැටී එකේ සැර ගම්මිරිස් රහ ඔක්කොම එක්ක කටට රහට හැපුණා. ඒ වගේම මේ මෙක්සිකානා එක ආවෙ පොඩි ෆ්‍රෙන්ච් ෆ්රයිස් පෝෂන් එකකුත් එක්ක.
ඊළඟට සබ්මරීන් එක! ෆිලී චීස් ස්ටේක් එක අතිවිශාලයි. සෝස්, චීස්, ලූණු, සලාද කොළවලට මැදි වුණ ලොකු බීෆ් කෑලි පිරිල ඉතිරිල තිබුණ ෆිලී චීස් ස්ටේක් එක නං දැක්කත් බඩ පිරෙන තරම්. ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහෙ සබ්මරීන් එකක් ඒක. ෆිලී චීස් ස්ටේක් එකට හම්බුණ ෆ්‍රෙන්ච් ෆ්රයිස් පෝෂන් එක නං මෙක්සිකානා එකට හම්බුණ ෆ්‍රෙන්ච් ෆ්රයිස් පෝෂන් එකටත් වඩා පොඩියි. කොහොම වුණත් බර්ගර් එකයි සබ්මරීන් එකයි සංසන්දනය කළොත් දෙපාරක් නොහිත වැඩි ලකුණු දෙන්න පුළුවන් වෙන්නේ සබ්මරීන් එකට.
ඩ්රින්ක්ස්වලින් අපි තෝරගත්තෙ අයිස්ක්‍රීම් සෝඩා එකයි බටර් බියර් එකයි. හැබැයි කෑමවලින් දීපු ලකුණු බීමවලින් කැපෙන බවක් තමයි පෙනුණේ. අයිස්ක්‍රීම් සෝඩා එක කොළම කොළ පාටයි. ඒ වගේම සම්පූර්ණයෙන්ම පැණි රහයි. බටර් බියර් එක ඊට හපන්! ඒකෙන් ආටිෆිෂල් කිරි රහක් මික්ස් වෙච්ච පැණි රහක් ආවා. කොහොම වුණත් මේවා කාබනේටඩ් ඩ්‍රින්ක්ස් නිසා යන්තන් බොන්න පුළුවන්කමක් ඉතුරු වෙලා තිබ්බා.
සර්විස් එක ගැන නං කිසිම පැමිණිල්ලක් කරන්න බැරි තරම්. එයාල හරිම කෙටි කාලෙකින් අපිට සර්ව් කළා වගේම හරි සුහදශීලීයි.
බර්ගර් බඩගිනි හැදුණාම යන්න පුළුවන් හොඳම තැනක් විදිහට ෆැටී පැටී නිර්දේශ කරන්න පුළුවන්. කෑම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සතුට පළ කරන ගමන්ම, බීම සම්බන්ධයෙන් නං තව සෑහෙන දියුණු කරගන්න දේවල් ෆැටී පැටී එකට තියනව කියල තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ.
Open until 11:00 PM
Cuisine
Sri Lankan Street Food American Fast Food
Price Range
Dish Types
Rice Biriyani Chicken Burgers Sandwiches Submarines Short Eats Coffee Bites
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
Curry Pot Restaurant is the newest rice and curry/ everything…
Delete Comment