Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Fire & Ice Pizzeria

9A, Glen Aber Place, Colombo 04


Founded by an Italian chef from Naples, Fire & Ice Pizzeria is a popular pizza chain in Kathmandu and Kolkata, beloved by their loyal patrons for over 20 years. Now they've claimed a beautiful spot down Glen Abar Place in Bambalapitiya.



අන්න බර්ත්ඩේ පාර්ටි!

ලක් එක තමා ඈ… ඇයි අප්පේ, කාටද කියන්නකො අලුතෙන් ම දාපු පීසා කඩේක බර්ත්ඩේ එක සමරන්න සෙට් වෙන්නෙ. ඊටත් උණු උණු පීසා කකා, කෝපි බිබී, හිතේ හැටියට ෆොටෝ ගගහ… ඒ විතරක් නම් බැරියැ, කේක් අඩුමකුඩුම ඔක්කොමත් එක්ක ම.

අර, වැඩේ වුණේ අපේ එකෙක්ගෙ ප්ලෑනට අනුවනෙ. කොටින්ම කිව්වොත් සප්‍රයිස් සීන් එකක්. හැබැයි සීන් එක කොට උඩ යනව තව පොඩ්ඩෙන්, මොකද ප්ලෑන් කරපු මනුස්සය කියල නෑ බර්ත්ඩේ ගර්ල්ට එදාට වැඩ දාගන්න එපා කියල. වෙලාවට මම උදේ කෝල් කරල කිව්වෙ. ඒකත් අවුලක් නෑ. පාර්ටියට ඔන්න මෙන්න තියල කියන්නකො මතක් වුණේ කාර්ඩ් එකකුයි කේක් එකකුයි ගත්තෙ නෑ කියල. මරේ කියල ෆැබ් එකට දිව්වෙ හොඳේ…

හැබැයි කොහොම හරි ලයින් එක ගොඩදාගත්තා ටයිම් එකටම. ගොඩදාලා ඉතින් ඔන්න... කට්ටියම බම්බ, චර්ච් එක ඇතුළ පාර දිගේ ‘ෆයර් ඇන්ඩ් අයිස්’ එකට. අඩිය දෙක තියල ගොඩවුණා විතරයි, මැනේජර් මහත්තයද කොහෙද ඇවිල්ල ෆුල් වෙල්කම් එක.

“ගුඩ් ආෆ්ටනූන් සර්. වෙල්කම් ටු ද ෆයර් ඇන්ඩ් අයිස්. හව් මෙනි ආ විත් යූ සර්?” කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. කඩ්ඩ මරාලෙ! මාත් ඔන්න ඔහෙ ඕන මගුලක් කියල ඇරල දැම්ම කඩ්ඩෙන්ම.

“වී හෑව් පයිව්. තින්ක් ඉට්ස් බෙටර් ටු ස්ටේ ඉන් ඉන්සයිඩ්.. විත් දි ඒසී. බට්…”

“නෝ වොරිස් සර්. අයි ල් ඇරේන්ජ් අ බිග් ටේබල් ෆො යු”

කියල ඒ මනුස්සයට කට ගන්න හම්බවුණේ නෑ, අපේ ගස් කාවයියෙක් ඇවිල්ල කෙළියනෙ සිංහලෙන්ම.

“අයියෙ, වොෂ් රූම් කොහෙද තියෙන්නෙ?”

හරි, එතන ඉඳන් ඉතින් සියල්ල සිංහලෙන්. මැනේජර් විතරක් නෙවෙයි, සේවක මිත්‍රයොත් සිංහලෙන්.

කොහොමහරි කට්ටිය බලල බලල පීසා දෙකකුයි, පැස්ටා එකකුයි ඕඩර් කලා. වැඩේ වුණේ ඒකෙ තිබ්බ ඉටෑලියන් නම් තේරුණේ නෑනෙ. වෙලාවට අඩංගු දෑ පහළින් දාලා තිබුනෙ. ඕඩර් කරපුවයින් පීසා දෙකම හාෆ් හාෆ් ඒවා. එකක් පීසනා (රු. 725), කැප්‍රිසිඕසා (රු. 800). අනික සලාමෙ මිලානෝ (රු. 950), ක්අට්රෝ ෆෝමැගි (රු. 800). පැස්ටා එකේ නම ඇල්ෆ්‍රඩෝ අල් ෆන්ගි (රු. 1200) කියල. ඒ අතරට අපේ එකෙක් බොන්න කැෆේ ලටේ (රු. 450) එකකුත් ඕඩර් කරල.

වැඩේ කියන්නෙ, ඕඩරේ එන අතරට වෙච්ච ටිකනෙ. හයියෝ… බර්ත්ඩේ කේක් එක කපලා, කාලා, හතර වටේ ගාගෙන එක විනාසයයි. හැබැයි එක හොඳකුත් තිබ්බ. කේක් බාගයක් සේවක මිත්‍රයො එක්ක බෙදා ගත්තනෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු ඒ නිසාමද මන්දා පීසා 2ම විනාඩි 15ට 20ට මේසෙ උඩ. පැස්ටා එක එන්නත් ගියේ විනාඩි 10ක් වගේ. අර අපේවුන් නිසා නෙවේ නම් ඇත්තටම වැදගත් විදියට කන්න තිබ්බ. ඒත් කොහෙද පැස්ටා එනකම් කියල එකෙක් පටන් ගත්තනෙ දෙසා බෑම.

ඕං, එච්චරයි මතක.

මම මුලින්ම අතට ගත්තෙ පීසනා කෑල්ලක්, ටබැස්කෝ ටිකක් ඔලිව් ඔයිල් ටිකක් එහෙම දාලා. ඔන්න උණුඋණුවෙ ම කෑවා කටක් දෙකක්. ම්ම්… පැහැදිලි වෙනසක් තියෙනව ඈ. විශේෂයෙන් ම බේකන් රස එක්ක චීස් රස එහෙම ගැලපෙද්දි, සුප්ප. අනික ඒකට චීස් ජාතිත් දෙකක්ම දාලනෙ. මොසරැල්ලයි, පාමෙසානුයි.. ඒවා මෙළෙක් වෙලා බැදපු බේකනුත් එක්ක ගැලපෙද්දි රස පංකාදුයි. අර එකම අවුල වුණේ ඒකට නිවිති පොඩ්ඩක් දාලා තිබ්බ එක තමයි.

හැබැයි කැප්‍රිසිඕසා එක එහෙම නෑ. ඒක තිබ්බ හැම් තොගයක් එක්ක චීස් තට්ටු ගණන් දාලා… උණුවෙන් කද්දි පිස්සු හැදෙනව. මගෙ හිතේ ඒකට නම් මොසරැල්ල චීස් විතරද කොහෙද දාලා තිබ්බෙ. හැබැයි බ්ලැක් ඔලිව් දාලා නිසා අමුතු ගතියක් තිබ්බ. කොහොම වුණත් ඒකට හැම් නම් දාලා තිබ්බා... මදි නොකියන්නම. කොටින්ම කියතොත් රොටිය ඝනකමට කිට්ටු වෙනව තව පොඩ්ඩක් දැම්ම නම් එහෙම. අන්න ඒ නිසාම වෙන්න ඕන, කැප්‍රිසිඕසා එක සනික ඉවර වුණේ. කෑලි 4 නිකනම් වාෂ්ප වුණා වගේ.

මොනව කරන්නද ඉතින් කියල මම ඊළඟට ගත්ත සලාමෙ මිලානෝ කෑල්ලක්.

යම්ම්… ඒක! ලොකු බේකන් පෙති රස පදමට බැදලා චීස් ජාති දෙකක් එක්ක ටොප් එකට ගලපල. ඒ්ත් අවංකයෙන්ම කියන්න එපැයි, ලොකු වුණාට බේකන් පෙති තව ටිකක් දාන්න තිබුනා. මොකද පීසා එකේ රස.. කාගෙන කාගෙන යද්දි පොඩ්ඩක් මදි ගතියක් දැනෙනව. ඊටත් ඒකේ චීස් රසත් එක්ක ගැලපෙන්න, මස් රස තව තිබ්බ නම්.. සත්තයි, පට්ටයි හොඳේ!

අන්න ඒකට ෆෝ චීස් එක. ඒ කිව්වෙ ෆෝමැගි එක. මගෙ හිතේ කැප්‍රිසිඕසා එකට පස්සෙ හොඳම පීසා එකද කොහෙද. චීස් ජාති 4 රස දැනෙනව හිතා ගන්න බැරි පදමකට. බ්ලූ චීස්වල ලා තිත්ත ගතියයි, මොසරැල්ලවල කිරි ගතියයි, රිකොට්ටාවල ඇදීලා එන ගතියයි, පාමෙසාන්වල තෙල් ගතියයි… බොරු කියන්න ඕන නෑනෙ, අන්න කනව නම් ෆෝ චීස් පීසා, හොඳේ.

ඔය අතරට තමයි මම අල් ෆන්ගි පැස්ටා එකෙන් චූට්ටක් රස බැලුවෙ.

හපෙ හප්පෝ.. ඒකෙ චීස්. මට නිකම් කලන්තෙ වගේ ඒක කාලා. කට ඇලෙනව යාළු, කටක් දෙකක් කද්දි. හිතෙන්නෙ නිකම් තිස්සමහාරාම කිරි හට්ටියක් කෑවා වගේ. ඇයි අප්පේ… අනේ මන්දා ඒකෙ පැස්ටා රසක්වත් හරි හැටි දැනෙන්නෙ නෑ. ඔන්න දෙයියනේ කියල, චිකන් කෑලි තියෙන තොගෙන් එකක් දෙකක් හැපුණොත් තමයි.

ඒ කිරි රස අයින් කරගන්න කියල අන්තිමට මම කැෆේ ලටේ එකෙන් උගුරු හතර පහක් ම ගහගෙන ගහගෙන ගියා. ඇයි ඉතින් වෙන මොනව කරන්නද. මං කියන්නෙ පැස්ටා එකේ අවුලක් නෙවෙයි. චීස් රසට අසීමාන්තිකව ආදරය කරන කෙනෙක්ට හැරෙන්න.., මම නම් හිතන්නෙ නෑ.

කැෆේ ලටේ එක රස පදමට තිබ්බ නිසා හොඳයි. කෝපි රස හොඳ හැටි එන්න එහෙම..

වැඩේ කියන්නෙ ඉතින් කොහොම කොහොම හරි ඒ ටික කෑවට පස්සෙනෙ! හෙල්ලෙන්න තියා හැරෙන්නවත් බැරුව… පැය බාගෙකට එහා පැත්තෙ හිටිය, ලැජ්ජාවෙ බෑ...


TIP

Try Capricciosa

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment