Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Flayvors

Delivery only


A home-based venture specialised in biscuit pudding.



ෆ්ලේවර්ස් කියන්නෙ අපි ආසම ඩෙසට් එක, චොක්ලට් බිස්කට් පුඩිං අපි ළඟට ම ගෙනත් දෙන තැනක්. අපි මෙයාල ගැන දැනගත්තෙ ඉන්ස්ටග්‍රෑම් හරහා. ඉතින් මෙයාලගෙ චොක්ලට් බිස්කට් පුඩිං කොහොමද කියල අපි ඕඩර් එකක් ප්ලේස් කරලම බැලුවා.

ඕඩර් කරන විදිහ

0768940542 නම්බර් එකෙන් වට්සැප් හරහා වගේ ම මෙයාලගෙ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් පේජස්වලට මැසේජ් එකක් දාලත් චොක්ලට් බිස්කට් පුඩිං ඕඩර් කරන්න පුළුවන්. නමයි ලිපිනයයි ඕඩර් එකයි, ගෙන්නගන්න අවශ්‍ය දිනයයි විතරයි කියන්න ඕන. අපි ඕඩර් කළේ වට්සැප්වලින්.

ෆ්ලේවර්ස් එක පුඩිං ඩිලිවර් කරන්න අය කරන ගාස්තුව දුර අනුව වෙනස් වෙනවා. නුගේගොඩට ගෙන්නගන්න අපිට වැය වුණු ඩිලිවරි ගාස්තුව රු. 250යි.

චොක්ලට් බිස්කට් පුඩිං

මේගොල්ලො ළඟ ජාති හතරක චොක්ලට් බිස්කට් පුඩිං තියනවා. ඒ තමයි මිල්ක් හෙවන්, කොකෝවා ඩිලයිට්, ක්ලවුඩ් නයින් සහ පීනට් බටර් බ්ලිස්. මිල්ක් හෙවන් හදල තියෙන්නෙ මිල්ක් චොක්ලට්වලින්. කොකෝවා ඩිලයිට් කියන්නේ ඩාක් චොක්ලට් පාවිච්චියෙන් හදන බිස්කට් පුඩිමක්. ක්ලවුඩ් නයින් වයිට් චොක්ලට් බිස්කට් පුඩිං එකක්. නමේ හැටියට ම පීනට් බටර් බ්ලිස් කියන්නෙ පීනට් බටර් දාල හදන බිස්කට් පුඩිං.

අපි දුන්නු ඕඩර් එක තමයි මිල්ක් හෙවන් එකයි (රු. 850), ක්ලවුඩ් නයින් එකයි (රු. 950). හැම පුඩිං එකක් ම එන්නේ ග්‍රෑම් 550ක පැක් එකක් විදිහට, ප්ලාස්ටික් බොක්ස් එකක දාලා. මුලින් ම කියන්න ඕන පුඩිං දෙක ම පෙනුමෙන් ඉස්තරම්. දැක්ක ගමන් රස නහර පිනා යනවා. උඩින් රෝස්ට් කරපු කජු කෑලි තොගයක් එක්ක ග්‍රේට් කරපු චොක්ලටුත් දාලා ලෝබ නැතුව.

මිල්ක් හෙවන් එකේ හොඳ ගණ චොක්ලට් තැවරුමක් තිබුණා. ඒ අතරට මාරි බිස්කට් තට්ටු හයක් විතර ලස්සනට අතුරලා. බිස්කට් ටික පෙඟිලා තිබුණ ගාණට. හපන්න බැරි විදිහට හයියත් නෑ, දිය වෙන තරමට පෙඟිලත් නෑ. ඒ නිසා පුඩිං එක සෑහෙන සොෆ්ට්. පැණි රහ වුණත් පදමට තිබුණා. මිල්ක් චොකලට් රසයි මාරි බිස්කට් රසයි කජු කෑලියි ගැළපිලා මේක නමට ම හරි යන්න මිල්ක් හෙවන් එකක් වෙලා තිබ්බා.

ඊළඟට ක්ලවුඩ් නයින් එක. මේක වයිට් චොක්ලට් බිස්කට් පුඩිං එකක් නේ. සුදු පාට චොක්ලට් තැවරුම උඩින් රෝස්ටඩ් කජු කෑලිත් එක්ක ග්‍රේට් කරපු වයිට් චොක්ලට් ගොඩක් දාලා තිබුණා. පුඩිං එක සොෆ්ට් නිසා කටේ දිය වෙලා යනකොට හොඳට වයිට් චොක්ලට් රහ එනවා. එක ම අවුල තමයි චුට්ටක් පැණි රහ වැඩි වීම. මේක ලෝ ෂුගර් පුඩිමක් විදිහට ඒගොල්ලො හඳුන්වලා දීල තිබුණට පැණි රහ නං වැඩියි කියල අපිට හිතුණා.

සර්විස් එක

මෙයාලගෙ සර්විස් එක හරි ම ෆ්‍රෙන්ඩ්ලි. වට්සැප් මැසේජ් කරද්දි වගේ ම ඕඩර් එක ගෙනත් දෙද්දිත් එයාල හරි ම සුහදයි. 

අවසන් වශයෙන්

ගාණේ හැටියට පෝෂන්ස් එහෙමත් සෑහෙන ලොකු නිසා ෆ්ලේවර්ස් එකේ චොක්ලට් බිස්කට් පුඩිං ලේසියෙන් ම කාට වුණත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි ඊළඟ පාර ඕඩර් කරද්දි ක්ලවුඩ් නයින් එකේ ස්වීට් ගතිය ටිකක් අඩු වෙලා තියේවා කියල අපි පතනව!


Similar Places

User Reviews
V
1

5/5

0

Vikram

Loved their CBP range. Looking to try their mousse.

V
1

5/5

0

Vikram

Loved their CBP range. Looking to try their mousse.

See 1 Comment