4/5

Flower Drum (Battaramulla)

418. Pannipitiya Road, Pelawatte, Battaramulla


CLOSED. The Flower Drum in Pelawatte sits on top of HSBC Bank and Perera and Sons; a small and convenient restaurant for the occasional dinners with friends or family, although probably not the most ideal place to take a date for a romantic dinner. The service was really good when we went in, and the food – delicious.


බත්තරමුල්ලේ, පැලවත්තේ ෆ්ලවර් ඩ්‍රම් ඉතා රසවත් චීන ආහාර පිරිනමන තැනක්. ඔවුහු දිවා ආහාරය පිණිස මෙනුවේ ආහාර හෙවත් සෙට් මෙනු ආහාරත් සපයනවා.

බත්තරමුල්ල ෆ්ලවර් ඩ්‍රම් පිහිටා තිබෙන්නේ HSBC බැංකුව හා පෙරේරා ඇන්ඩ් සන්ස් පිහිටි ගොඩනැගිල්ලේ උඩු මහලේ. එය වරින් වර පවුලේ අය හෝ මිතුරන් සමග දිවා ආහාරයකට යන අයට සුදුසු සුව පහසු, කුඩා අවන්හලක්. ඒත්, පෙම්වතුන්ට පෙම්වත් රාත්‍රී භෝජනයක් සඳහා යන්න නම් එතරම් ම හොඳ තැනක් නො වෙයි.  අප එහි ගිය අවස්ථාවේ සේවාව ඉතා හොඳයි. ඒ වගේ ම කෑමත් රසවත්.

අප ඇණවුම් කළේ චිකන් ෆ්‍රයිඩ් රයිස්  (රු. 635), පැණි හා සැර-ලුණු රස බැටර් කරන ලද ඉස්සන් (රු. 595), කොළ පාට බෝංචි  (රු. 635) සහ උණු බටර් දැල්ලන් (රු. 680). වැට් හා සේවා ගාස්තුත් සමග අපේ සමස්ත බිල රු. 3,000ක‍ට මඳක් වැඩියි.

අවංකව කිව්වොත්, මම නම් මුලින් බලාපොරොත්තු වුණේ එතරම් ම රසවත් ආහාර නොවෙයි. ඒත්, එහි චෙෆ්වරයා හැම දෙයක් ම කදිමට සකසා තිබුණා. දැල්ලන් රසවත් වගේ ම කර කර ගා හැපෙන, හපන්න පුළුවන් ලෙස සකසා තිබුණා. එහි බටර් ක්‍රීම් ගතිය යන්තමින් තැවරී තිබුණා. පැණි හා සැර-ලුණු රස බැටර් කරන ලද ඉස්සන් හපන්න පුළුවන් සුන්දර පෙනුමින් යුක්තයි. කොළ පාට බෝංචි මේසයට ‍ගෙනෙන විට තරමක් අමුතු පෙනුමින් යුක්ත වුණා. එය කෑලි කපා, සුදු ළූනු පෙතිවලින් වසා තිබුණා. ඒත්, කන්නට පටන් ගත් විට එය හොඳ බව වැටහුණා.

මෙතැන මඳක් මිළ වැඩියි. ඒත්, කෑම නම් කාලා බලන්න වටිනවා. ඔවුන් රු. 350 සිට දිවා ආහාර පාර්සල් හා ගෙදරට කෑම ගෙනැවිත් දීමත් කරනවා. චීන ආහාර සඳහා වරින් වර ඇති වන ආශාවන් සංසිඳුවා ගන්න එතැන හොඳ තැනක් බව කියන්න පුළුවන්.

TIP

Delivery's a bit expensive.

Address

418. Pannipitiya Road, Pelawatte, Battaramulla

Contacts

Website E-Mail

This place has closed down

Cuisine

Chinese Sri Lankan Chinese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Fried Rice Cuttlefish Beer

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest