Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Flower Gate

2, Victoria Place, Elivitiala Mawatha (Baseline Rd), Colombo 8


Flower Gate is a new and very welcome addition to the Sri Lankan Chinese food scene. They may be relatively unknown, but theirs was some of the best Chinese we've had in a while.



ෆ්ලවර් ගේට් එකට බිස්නස් එන්නෙ කොහොමද කියල වෙලාවකට හිතෙනවා. මොකද වැඩිය රෙස්ටෝරන්ට්වලට ප්‍රසිද්ධ නැති පැත්තක හොයාගන්නත් බැරි අහු මුලුවක තියෙන හින්ද. හැබැයි එතනම තියෙන ලොකු ආණ්ඩුවේ කන්තෝරු දෙක තුනෙන් නං සෑහෙන්න කෑම අරං යන පාටයි. බලං ගියාම ඒ අරං යන්නෙ ළඟ හින්දම නෙමෙයි, කෑම මාර රස නිසා.

තැන

මෙතන නම ෆ්ලවර් ගේට් වුණාට මලක්වත්, ගේට්ටුවක්වත් දැක්කෙ නෑ. දැක්කෙ හොඳට ඉඩකඩ තියෙන, වීදුරු බිත්තිවලින් වටවෙච්ච අවන්හලක්. ඇල්විටිගල මාවතෙන්, වික්ටෝරියා පාරට හැරිලා, ඒ ලේන් එකේ අන්තිමට යන්න ඕනේ. දවල් වරුවට නං ප්‍රයිවට් එකේ කන්න බැරිකමකුත් නැතුව ඇති. අපි ගිය වෙලාවෙ මුළු තැනටම හිටියේ අපි දෙන්න විතරයි.

කෑම

අපි ගත්තේ ෆ්ලවර් ගේට් ස්පෙෂල් මික්ස් රයිස් එකේ ස්මෝල් එකකුයි (රු.530), ස්වීට් ඇන්ඩ් සවර් පෝක් දිසියකුයි (රු.650), ලෙමන් සෝස්වල එන චිකන් ෆිලේ දිසියකුයි (රු.600). අපරාදේ කියන්න බෑ වේටර් මල්ලි අයිෂාව දැකල කෙළින්ම කිව්වා රයිස් එකේ පෝක් තියෙනවා කියල. ඉතින් පෝක් නැතුව ඉල්ලුවම, අවුලක් නැතුව ඒක එහෙම ඕඩර් කළා.

රයිස් එකේ පෝක් කෙසේ වෙතත් මොනම මස් කැල්ලක්වත් තිබුණ ද මන්ද. හැබැයි බත් එක නං රසයි. හොඳ සුවඳක් එහෙමත් ආවා. ගානට තැම්බිලා. බඩගින්නේ හිටපු අපි දෙන්න ඉතින් මේක කාගෙන කාගෙන ගියා. ඒ බඩගින්නෙ වුණත් මෙතන දෙන්නෙක්ට ඇතිවෙන්න තිබුණා.

බත් එක කාගෙන කාගෙන ගියේ නිකං නෙමෙයි නේ. පෝක් එකට සම්පුර්ණයෙන් වගකියන්න බලං හිටියේ මං. හිතුවේ කෑලි දෙක තුනක් එයි කියල. අප්පට සිරි බත් පිඟානට නොදෙවැනි සයිස් පිඟානක කෑලි 15ක් විතර ආවා. කමක් නෑ. අතෑරියේ නෑ. ගේමක් නැතුව ඔක්කොම කෑවා මාර රස හින්ද. පෝක් කෑලි හරිම මෙළෙක්. ඒක දවටලා තිබුණේ තුනී පිටි බැටර් එකක. ඊට පස්සෙ ගැඹුරු තෙලේ බැදලා. මෙහෙම වුණත් කන්න තිබුණා. ඒත් ඒ මස් කෑලි පට්ට ස්වීට් ඇන්ඩ් සවර් සෝස් එකක පීන පීන ආවේ. සෝස් එකේ ඇඹුලට වඩා පැණිරස වැඩියි, බැලන්ස් නැහැ. ඒ වුණාට ඒක අල්ලලා ගියා. මේක මාර හොඳයි.

චිකන් එක නං ප්‍රේහේලිකාවක්. නරක නැහැ. රසයි. ඒ වුණාට අපි බැලුවෙ වැරදිලා ඩෙසට් මෙනුවෙන් ගත්තද කියල. මොකද මේක අතිශයින්ම පැණි රසයි. අතුරුපසට ගෙනාව නං කිසිදෙයක් හිතන්නේ නැතුව ඩෙසට් එකට කනවා. ලෙමන් ලොරියක් විතර දාලද මන්ද. රස මරු. මේක හැමෝටම අල්ලන එකක් නැහැ. ඒත් අමුතුම ගතියක් තියෙන කෑමක්.

අවසානයට

මාංශ භක්ෂකයින්ට මෙතන හොඳයි. කලින් පාරක් අපි මෙහෙන් ඕඩර් කරලා ගෙන්න ගත්තමත් මස් ජාති ටික තමයි නැගල ගියේ.අපි හැබැයි එක අවුලක් කියන්න ඕනේ. තැනේ හැටියට පිරිසිදුකම මීට වඩා තියෙන්න තිබුණා. එක භාජනේක කෙස් ගහකුයි, තව එකක කූඹියෙකුයි අහුවුණේ කාල ඉවරවෙන කොට. හපොයි.

Address

2, Victoria Place, Elivitiala Mawatha (Baseline Rd), Colombo 8

Contacts

Facebook Website

Report Inaccuracy

Open 11.30 PM - 2.30 PM & 6.00 PM - 10.00 PM

Cuisine

Asian Sri Lankan Chinese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pork Cuttlefish Beer

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments