Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

Food City BBQ

240 High Level Rd, Nugegoda




ඇතැම් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිහල්වලින් ඔබට ලබාගන්න පුළුවන් කොළඹ හොඳම බාබෙකියු කරනලද චිකන්. නුගේගොඩ හයිලෙවල් පාරේ ෆුඩ්සිටියෙන් අපි මේ රස වින්දා.

ඇතැම් වේලාවලදී ෆුඩ් සිටි ඉදිරිපිට තබනු ලබන ග්‍රිල් එකකින් ඉතා හොඳ පදම් කළ චිකන් බදිනවා. අපට සමාවෙන්න ස්ථානික ඡායාරූප නැතිකම ගැන හා විශ්වසනීය මිළගණන් නැතිකම ගැන. යන්තමින් මතක හැටියට චිකන් මිළ රු. 150ත් 200ත් අතර. අපට සහතිකව කියන්න පුළුවන් ඒවා ඉතා හොඳබව.

සුපිරි වෙළඳසලට ඇතුල්වන ගමන් ඔබේ ඇණවුම කරන්න. හරක් මස් සහ වෙනත් මස් වර්ගත් තිබෙනවා. අපි ඔබට නිර්දේශ කරන්නේ චිකන්. ඔබ සාප්පු ගමන නිමා වී පිටතට එනවිට ඔබේ චිකන් බාබෙකියුව පිටත කර කරගා හැපෙන ගතියෙන් හා ඇතුළත මෘදු තෙත් ගතියෙන් යුතුව සැකසී හමාරයි. ඔවුන් එය පිරිනමන්නේ ළූනු හා සලාද කොළ ආදියත් සමගයි. කෙචප්නම් ටිකක් වැඩියි. ඔබ එයට කැමති නැතිනම් කල් ඇතිව කියන්න ඒවා දාන්න එපා කියලා.

කොහොමවුණත් මේ චිකන්නම් සුපිරියි. එය එතරම් හොඳින් පදම් කරලා. මෘදුයි, ඉස්මගතියෙන් යුක්තයි. පුළුවන් වෙලාවට ඔබට හොඳ සත්කාරයක්.

TIP

Get the chicken.

Have you visited this place?

Write your own review!
See 7 Comments