Delivery only
Closed right now
One fine dining experience delivered to your doorstep.
චෙෆ් කොලූගෙ අතින් හැදෙන කෑමවල රස පදම විඳින්න අපි ෆුඩ් ප්‍රින්ට්ස් බයි කොලූ එකෙන් කෑම ඕඩර් කළා. මෙන්න මෙහෙමයි වුණේ.
අපි ඕඩර් එක දැම්මේ පික්මී ෆුඩ් එකෙන්. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් දෙකේ ම මේගොල්ලො ඉන්නවා. ඉතින් ඒ පේජස්වලට ගිහින් මෙනු එක ඇතුළු විස්තර බලලා කරලා තමයි අපි ඕඩරේ ප්ලේස් කළේ..
අපේ ඕඩර් එක මෙහෙමයි. වයිට් රයිස් එක්ක එන Ayam Sakan (රු. 1100) පෝෂන් එකයි, ස්පයිසි ප්‍රෝන් කරි (රු. 1200) එකයි, ග්‍රීන් සැලඩ් එක්ක එන Quiche Lorraine (රු. 1250) එකයි.
මේ තියෙන්නේ වයිට් රයිස් සහ චිකන් Ayam Sakan. ඔය Ayam Sakan කියන්නෙ ඉන්දුනීසියානු ක්‍රමේකට හදන චිකන් කරියක් නේ. කළුපහේ එහෙම සෑහෙන පාවිච්චි කරල මේ කරිය හදල තිබුණේ. චිකන් ටික හොඳට සොෆ්ට් ගතියට වගේ ම කුළුබඩුවල දැවටිලා හොඳ බොර පාටට තිබුණා. රෝස්ට් පාන් කෑල්ලක් දෙකක් තිබ්බ නං මේකට තකට තක. එහෙම කිව්වට මොකෝ සුදු බත් එක්කත් චිකන් කරිය පදමට ගැලපුණා. මොකද බත් ටික හොඳට තැම්බිලා සුමුදුවට තිබුණ නෙ.
පේනව නේ, නමේ හැටියට ම මේක ස්පයිසි ප්‍රෝන් කරියක් ම තමා. හෙන සැරයි. හොඳ අලුත් ඉස්සො ගොඩකුත් දාල තිබුණා. හොද්ද පොල් කිරෙන් වගේ ම මිරිස් ගතියෙනුත් සරු හින්දා පංකාදුයි.
Quiche Lorraine එකත් එක්ක ග්‍රීන් සැලඩ් එකක් ආවා. සලාද කොළ, ගෝවා, තක්කාලි එහෙම දාපු සැලඩ් එකේ ලොකු විශේෂයක් නෑ. Quiche Lorraine හදන්නේ බේකන් සහ චීස් බිත්තර එක්ක මික්ස් කරපු කස්ටර්ඩ් එකකින් නෙ. මේකට චීස් ගොඩක් දාල හොඳ පෙනුමට බේක් කරලා කටට සොෆ්ට් වෙන්න එහෙම තිබුණට, බේකන් කෑලි නං අහු වුණා පොඩ්ඩක් මදි වගේ.
ඩෙසට්වලට මේගොල්ලො ගාව අතුරුපස ජාති කීපයක් ම තියනවා. වැඩිපුර ම තියෙන්නේ මූස් ජාති. ඒවයින් ජින්ජර් මොකා මූස් (රු. 640) එක තමයි අපි තෝරගත්තෙ. මේ මූස් එකේ ටෙක්ස්චර් එක මාර ම ක්‍රීමි. ලා දුඹුරු, ක්‍රීම් පාට මික්ස් වුණ ලස්සන පෙනුමක් තිබ්බෙ. හදල තිබුණේ කෝපි රස වයිට් චොක්ලට් මූස් එකකට ඉඟුරු ක්‍රිස්ටල්ස් සහ නට්ස් එකතු කරලා, ඇල්කොහොල් එහෙමත් දාලා. උඩින් රෝස්ට් කරපු ලොකු ලොකු නට්ස් එක්ක මරැන්ග් කෑලි දාල තිබුණා. රස ගැන කිව්වොත් කෝපි සහ ඉඟුරු මිශ්‍ර වුණු නියම ක්‍රීම් රස කටට දැනුණා.
ඔක්කොම කෑමවලට සම්පූර්ණ ගාණ විදිහට අපිට රු. 4190ක් ගියා. ගාණ ටිකක් සැර වුණාට කෑම ටික නං රහයි කියල තමයි කියන්න තියෙන්නේ.
Closed right now
Cuisine
Price Range
Dish Types
Rice Seafood Salad Vegetarian Rice And Curry Beef Pork Chicken Mutton Soup
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
'O Leaf' is one of the best restaurant in Maharagama…
Delete Comment
titteringscuba
With the condition that now not everyone can afford to study, I have to work a lot, it's good that this site https://royalessays.co.uk/write-my-essay-uk helps me, on which I get written works that are asked at the university, and this is good for me
John_Morales
Thanks for the excellent review. I enjoyed reading it and wanted to taste the food in this place! I'm waiting for my vacation to fly in and first of all have a meal in this establishment! :) I want to note that the photos of the dishes turned out to be quite professionally shot, I recommend that you post them on Instagram, because given the fact that there is a huge audience of food bloggers there, they will be well appreciated and learned about your reviews. I often come across similar reviews with pictures of food there and noticed that they are posted by accounts that usually have more than 75 thousand subscribers! I am sure their owners use the help of https://soclikes.com/buy-instagram-followers in order to wind up followers on Instagram.