Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Fork Restaurant & Cafe

36 Retreat Road, Colombo 4


We give Fork a cautious recommendation for the food and location, but they really need to address basic cleanliness and comfort. It's a good addition to a road (Marine Drive) that we hope to see blossom soon.



ෆෝක් යනු ශීඝ්‍රයෙන් දියුණුවන මැරීන් ඩයිව්හි පිහිටි රසවත් කැෆේ සංකල්පයක්. එහි හොඳ සැන්විච්, පීසා හා පැස්ටා පිරිනමනවා. කරුණු කීපයක් නිසා එතැන තත්වයෙන් බාල වෙනවා. පිරිසිදුකම පොඩ්ඩක් මදි. ආසන දිගු වේලාවක් වාඩිවී සිටින්න යෝග්‍ය නැහැ. ඒත්, සමස්තයක් ලෙස ගත්තාම එතැන යායුතු තැනක්.

ෆෝක් මුලින් පිහිටා තිබුණේ ඒකල. ඒ නගරය පසුකර යන අය පවා ෆෝක්ගේ විශිෂ්ට වෙළඳ සලකුණ දකින්න ඇති. මැරීන් ඩ්‍රයිව්හි රිට්‍රීට් පාර අවසන්වන තැන මැජස්ටික් සිටි හා බම්බලපිටිය තට්ටු නිවාස අතර හරියේ දැන් ඔවුන් අලුතින් තැනක් විවෘත කරලා. ගාලු පාරේ කොළඹ කොටුව දෙසට එනවානම් එය තිබෙන්නේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය පසුකළ හැටියේයි.

ස්ථානය

සැලසුම මනරම්. ව්‍යාපාරිකමය වශයෙන් පුබුදුවෙමින් තිබෙන සමුද්‍රික වීදියේ කොපර් චිම්නි, ඩොන්ස් ඩිලි සහ ඇරේබියන් නයිට්ස් වැනි අවන්හල් තිබෙනවා. රියෝස් අයිස්ක්‍රීම් ට්‍රක්එකත් තිබෙන්නේ එහි තමයි. ෆෝක්හි මූලික කැෆේ සංකල්පය අගයකළයුතු එකක්.

ඔවුන් සතුව බංකු අසුන් හතරක් පමණ ඇති කුඩා සක්මන් මළුවකුත් තිබෙනවා. ඇතුළත ආසනත් බංකු විලාසිතාව. දිගු වෙලාවක් වාඩිවී ඉන්න අමාරුයි. අප නිරීක්ෂණය කළ දෙයක් වන්නේ ගෑරුප්පු හතරෙන් දෙකක්ම පිරිසිදු කරලා නැහැ. බාත්රූම්එකත් අපිරිසිදුයි. පුංචි දේ කෙරෙහි අවධානය වැඩි කරනවානම් තත්වය දියුණුකරගන්න පුළුවන්.

ආහාර

ෆොක්හි ප්‍රධාන ආහාර වන්නේ සැන්විච්, පීසා හා පැස්ටා. අපි එයින් එක බැගින් කාලා බැලුවා. අපට සැන්විච් හා පීසා නිර්දේශ කරන්න පුළුවන්. ඒත්, පැස්ටා බැහැ. ෂිටාකි හතු සැන්විච් (රු. 375) අති විශිෂ්ටයි. ෆෝක් විශේෂ පීසා (රු. 700) හොඳයි. විශේෂයෙන්ම එහි මැද ඇති පිසූ බිත්තරය. ඒත්, ඩාවින්චි පැස්ටානම් හරි නැහැ. ලාංකිකයෝ පැස්ටා එක්ක අල්ලන පො‍රයේදී අපිනම් තවම කොහේදීවත් හොඳ පැස්ටා කාලා නැහැ. ෆෝක්හි පැස්ටා ප්‍රමාණයෙන් හොඳවුණත් අපට බැහැ එය ඔබට නිර්දේශ කරන්න.

මේ ස්ථානයේ ඇති දුබලකමක් තමයි, ඔවුන් කුකුළ්මස් හා මාළු පමණක් පිරිනැමීම. ඔවුන් හරක්මස් හා ඌරුමස් පිරිනමන්නේ නැහැ. ඒවා නොකන අයට ඒ කරුණ හොඳයි. ඒත්, ඔවුන් ඉතාලි ආහාර පිරිනමනවානම් එය අඩුපාඩුවක්.

ගාස්තුව

බීමත් සමග අප සතරදෙනෙකුගේ බිල රු. 2,600
  • අඹ යුෂ - රු. 220
  • ලෙමන් යෙදූ සිසිල් තේ - රු. 150
  • ෂිටාකි හතු සැන්විච් - රු. 375
  • ඩාවින්චි පැස්ටා - රු. 695
  • ෆෝක් විශේෂ පීසා - රු. 700
  • ලයිම් ජූස් - රු. 150
  • බෝතල් කළ වතුර - රු. 75
  • සේවා ගාස්තුව - රු. 237
  • එකතුව- රු. 2,601
මධ්‍යම පංතික අවන්හල් සමග සැසඳුවාම ෆෝක් සාමාන්‍යයි.

නිගමනය

ආහාර හා පිහිටීම නිසා අපි ෆෝක් ඉවසීමෙන් යුතුව නිර්දේශ කරනවා. ඒත්, ඔවුන් මූලික සෞඛ්‍යාරක්ෂිතභාවය හා සුවපහසුව ගැන සිතිය යුතුයි. එය සමුද්‍රික වීදියට කදිම එකතුවීමක්. අපි එයට ඉක්මණ් දියුණුව පතනවා.

TIP

Try the Fork Special Pizza, or the mushroom sandwich. Both good.

Address

36 Retreat Road, Colombo 4

Contacts

E-Mail Facebook

Report Inaccuracy

This place has closed down

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments