Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

4/5

Frosty Roll

581, Galle Rd, Colombo 06


A rolled ice-cream place inside the Pearl of Asia Mall.



ඔය ඉඳලාහිටලා වැස්සක් කඩාගෙන වැටුණට, බලන්න එපෑය දවල් වරුවට තියෙන රස්නේ. මේ රස්නෙට එන තිබහ යවාගන්න නම් එක්කෝ වතුර ගැලුමක් බොන්න ඕනේ. එතකොට බඩගින්න නැති කරගන්න නම් ෆෘට් ජූස් තුන හතරක්වත් බඩට දාගන්න වෙනවා. හැබැයි ඔය දෙකට ම වඩා හොඳ තව වැඩක් තියෙනවා. ඒ තරම් අයිස්ක්‍රීම් එකක් කන එක. ලංකාවේ තියෙන නා නා විධ අයිස්ක්‍රීම් කඩවල් අතරට, තරමක් මෑතකදී එක්කාසු වෙච්ච ට්‍රෙන්ඩ් එකක් තමයි රෝල්ඩ් අයිස්ක්‍රීම්. තායිලන්තය වගේ රටවල්වල ස්ට්‍රීට් ෆුඩ් එකක් විදියට සැලකෙන මේ රෝල්ඩ් අයිස්ක්‍රීම් ගන්න පුළුවන් තැනක් කීපයක් ම කොළඹ තියෙනවා. ඒ තිඹිරිගස්යායේ ජෑම් රෝල්ඩ් අයිස්ක්‍රීම්, සහ රත්මලානේ ෆ්‍රොස්ටීස්. ඔය අතරට එකතු වුණු අලුත් ම රෝල්ඩ් අයිස්ක්‍රීම් ප්ලේස් එක තමයි ෆ්‍රොස්ටි රෝල්. ඉතින් පහුගිය සති අන්තේ හවස් වරුවේ අපි ගියා ෆ්‍රොස්ටි රෝල් එකේ වගතුග දැකබලා ගන්න.

තැන

ලංකාවේ ෂොපින් මෝල් සෙට් එකට අලුතෙන් එක්කාසු වුණු “පර්ල් ඔෆ් ඒෂියා” එක ගැන දන්නවද? මේක තියෙන්නේ ටී.බී. ජයා මාවතේ. වැඩි විස්තර ඕනේ නම් මේ ලින්ක් එකෙනුත් දැනගන්න පුළුවන්. මේ කියන ෆ්‍රොස්ටි රෝල් එක තියෙන්නෙත් පර්ල් ඔෆ් ඒෂියා එක ඇතුළේ. අපරාදේ කියන්න බෑ, හරි ම හුරුබුහුටි කඩ පොඩිත්ත. එක සැරේට හත් අටදෙනෙක්ට වාඩිවෙන්න පුළුවන් විදියට ඉඩ හදලා තියෙනවා. ඒ නැතත් ගෙදර අරගෙන යන්නත් පුළුවන්. කවුන්ටරේ පිටිපස්සේ තියෙන අයිස්ක්‍රීම් මැෂින් දෙකෙන් තමයි මේ කට්ටිය රස ම රස රෝල්ඩ් අයිස්ක්‍රීම් හදන්නේ.

කෑම බීම

අයිස්ක්‍රීම් වර්ග දහපහළොවකින් හැදුණු මෙනුවක් ෆ්‍රොස්ටි රෝල් එකේ තියෙනවා. මේ හැම එකක් ම රුපියල් 500ට අඩුයි. අනිත් තැන්වල වගේ නෙවෙයි, මෙතැන රුපියල් 350ටත් රෝල්ඩ් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. අපි ඔය අතරින් තෝරගත්තා අයිස්ක්‍රීම් වර්ග හතරක් ම. ඒ “චෝකෝ බ්ලාස්ට්” (රු.450), “ස්ට්‍රෝබෙරි ස්ප්ලෑෂ්” (රු.450), “ඩබල් ඩිලයිට්” (රු.450) සහ “පැණි කජු මික්ස්” (රු.350).

හප්පේ! චොකලට් කිව්වොත් ගෑවුණු තැන කන්න ලෑස්ති උදවියට ඔන්න තියෙනවා නියම අයිස්ක්‍රීම් එකක්. මේ චෝකෝ බ්ලාස්ට් එකේ අයිස්ක්‍රීම් එක හැදෙන්නේ චොකලට් කිරියි, ඔරියෝ බිස්කට් සහ නියුටෙලාවලින්. ඒ නිසා මේකේ තියෙන චොකලට් රස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ විතරක්යැ, මේකට උඩින් විප්ඩ් ක්‍රීම්, ඔරියෝ බිස්කට්, චෝකෝ සීරියල්, චොකලට් වෙෆර්ස් එහෙමත් දාලා චොකලට් සිරප්නුත් වත්කරලානේ දෙන්නේ. මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම චොකලට් සාගරයක්.

ඊළඟට කියන්නම්කො ස්ට්‍රෝබෙරි ස්ප්ලෑෂ් එක ගැන. සාමාන්‍යයෙන් අපට වෙන අයිස්ක්‍රීම් කඩවල්වලින්, නැත්තන් සුපර්මාර්කට්වලින් කන්න ලැබෙන්නේ ස්ට්‍රෝබෙරි කියල නම ගහපු, ඒ වුණාට ඔරිජිනල් ස්ට්‍රෝබෙරි රස ගෑවිලාවත් නැති ඒවානේ. ඒ වුණාට ෆ්‍රොස්ටි රෝල් එකේ මේ අයිස්ක්‍රීම් එකේ තියෙන්නේ නියම ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් එන රස. මොකද ස්ට්‍රෝබෙරි ගෙඩි, ස්ට්‍රෝබෙරි ජෑම් සහ කිරි දාලනේ මේ අයිස්ක්‍රීම් එක හදන්නේ. විපින් ක්‍රීම් පොඩ්ඩකුත් දාලා, ඒක පාට පාට ස්ප්‍රින්කල් ටිකකිනුත් හැඩ කරලා, තව ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් පෙති කපලා උඩින් තියලා; ෂහ්! බලන්න එපැයි මේකේ ලස්සන. රසත් ඒකට නොදෙවෙනි නෑ. මොකද බොරු ආටිෆිෂල් රස නෙවෙයිනේ. බොරු පැණි රසවල් මුකුත් ම නැහැ.

පැණි කජු මික්ස් එකෙන් ආවේ අපට කවදත් කාලා පුරුදු එලිෆන්ට් හවුස් පැණි කජු අයිස්ක්‍රීම් එකේ රස ම තමයි. හැබැයි ඒකට වඩා මේකේ කිරි රස හොඳට තිබුණා. කිරියි, කිතුල් පැණියි, කජුයි දාලා තමයි මේ අයිස්ක්‍රීම් එක හදන්නේ. උඩින් එකතු කරලා තිබුණු විපින් ක්‍රීම්, කිතුල් පැණි, කජු කෑලිවලින් මේකේ රස ඩබල් වෙනවා. ඒ විතරක්යැ, පැණි කජු කෑලි අතරින් පතර හැපෙනකොට තියෙන ගැම්ම! පංකාදු පහයි.

පලතුරු රස අයිස්ක්‍රීම්වලට කැමති නම් ඔන්න තියෙනවා භාණ්ඩයක්. මේකේ නම ඩබල් ඩිලයිට්. ස්ට්‍රෝබෙරි සහ අඹ අයිස්ක්‍රීම් තමයි මේකේ තියෙන්නේ. නිකන් මේ ෆ්ලෙවර්ස් නෙවෙයි, ඔරිජිනල් කර්තකොලොම්බන් අඹවලින් හැදුණු අයිස්ක්‍රීම්. අනික අඹ කෑලිත් අයිස්ක්‍රීම් එක උඩින් දාලා. ඒ නිසා තවත් මරු.

සර්විස් එක

අපි මෙතැනට යද්දී  ෆ්‍රොස්ටි රෝල් එක පිරෙන්න සෙනඟ. කට්ටිය හත් අටදෙනෙක් ම හිටියා. හැබැයි ඒකයි කියල නැහැ, මේ කට්ටිය අයිස්ක්‍රීම් හදලා දෙන්නේ පටපට ගාලා. මැෂින් දෙකක් ම තියෙන නිසා සර්විස් එක හරි ම ෆාස්ට්. අපේ අයිස්ක්‍රීම් හතර මේසෙට ආවේ විනාඩි 10ක් වගේ ඇතුළත. වැඩට ඉන්න අයත් හරි ම මිත්‍රශීලියි.

අවසාන වශයෙන්

ඔන්න එහෙනම් රස ම රස රෝල්ඩ් අයිස්ක්‍රීම් කන්න පුළුවන් තවත් සුපිරි තැනක් ගැන තමයි මේ විස්තරේ කිව්වේ. රුපියල් 500ට අඩුවෙන් මේවා කන්න පුළුවන් නිසා පොකට් එකටත් හුඟක් ලාබයි. එහෙනම් වෙලාවක ගිහින් බලලා, අපටත් ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ.    


TIP

Get your ice-cream to go in a takeaway cup!

Address

581, Galle Rd, Colombo 06

Directions

Located right inside Pearl of Asia Mall, which is next to Excel World.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Dish Types

Ice Cream

User Reviews
Avatar for Lasith Weerakoon
2

5/5

0

Lasith Weerakoon

Really good place to find rolled ice cream in sri lanka. Friendly service with reasonable price. Highly recommend.

Avatar for Vishvi
1

5/5

Vishvi YAMU STAFF

Rated 5/5

Avatar for Lasith Weerakoon
2

5/5

0

Lasith Weerakoon

Really good place to find rolled ice cream in sri lanka. Friendly service with reasonable price. Highly recommend.

Avatar for Vishvi
1

5/5

Vishvi YAMU STAFF

Rated 5/5

See 2 Comments