Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Aviraté Café

30 Maitland Crescent, Colombo 7


Tiny little cafe with excellent froyo and plenty sandwiches, juices, smoothies, coffee and tea. Roast paan is on point.



එදා ඉරිදා දවසක්. ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකේ රවුම් ගහගහ ඉඳපු අපි කට්ටිය කල්පනා කළේ ඒ පයින් ම බබල් මී බබල් ටී එකට යන්න. එළියට බැහැලා ටික වෙලාවයි ගියේ, කඩාගෙන වැටුණනේ අලි වැස්සක්. අපි සේරම ඔළුව බේරගන්න දිව්වේ ළඟ ම තිබුණු අවිරාතේ කැෆේ එක ඇතුළට.

ෂහ්! බලන්න එපැයි මෙතැනින් එන කෝපි සුවඳ. වැස්සත් එක්ක එන සීතල වෙලාවට මේ සුවඳත් ඇතිනේ. බබල් මී බබල් ටී යන එක පැත්තකින් තියපු අපි අවිරාතේ කැෆේ එකේ හත් අටපොළක වාඩිවුණේ හොඳ කෝපි එකක ඕනෙකම තදින් ම දැනුණු නිසයි.

තැන

නිදහස් චතුරශ්‍රය පහු කරලා, නෙළුම් පොකුණ පැත්තට එද්දී තමයි මේක මුණගැහෙන්නේ. ඔය මේට්ලන්ඩ් චන්ද්‍රවංකය කියලා කියන්නේ මේ හරියටමනේ. හරියට ම කිව්වොත් අවිරාතේ ඇඳුම් කඩේට අල්ලපු තැන. මෙතැන ලොකු ඉඩක් නම් නැහැ. හත් අටදෙනෙක්ට වගේ ශේප් එකේ ඉන්න ඇහැකි. හැබැයි හරි ම නීට්. හොඳ සින්දු ටිකකුත් ප්ලේ වුණා.

කෑම බීම

පනීනි, සැන්විච්, බර්ගර් වගේ කෑම ජාති එක්ක කෝපි, හොට් චොකලට් වගේ බීම වර්ග අවිරාතේ කැෆේ එකෙන් ගන්න පුළුවන්. ඕවා අතරින් අපි තෝරගත්තේ බීෆ් බර්ගර් (රු.500) එකකුයි, රෝස්ට් පාන්-නීනි (රු.480) එකකුයි. සීතල යන්නත් එක්ක හොට් චොකලට් (රු.420) එකකුයි කැෆේ මෝකා (රු.500) එකකුයි ඕඩර් කළා.

මුලින් ම කියන්නම්කො බීම ජාති ටික ගැන. කැෆේ මෝකා එක හොඳයි. කෝපි රස හුඟක් තදට ම දැනුණා. කෝපි එකේ සීනි රස අඩු වුණාට උඩින් දාලා තිබුණු කැරමල් තට්ටුව නිසා ඒක ගානක් නැහැ. මේ කෝපි එකේ පොඩි සයිස් එකත් ගන්න පුළුවන් රුපියල් 450කට වගේ. ඒත් මේකට රුපියල් 50ක් වැඩිපුර ගෙව්වට කිසි පාඩුවක් නැහැ. මොකද ලොකු කෝප්පයක් පුරවලා හම්බෙනවනෙ.

හොට් චොකලට් එකත් හුඟක් හොඳයි. තව පොඩ්ඩක් චොකලට් ගතිය වැඩි වුණානම් තමයි සුපිරි වෙන්නේ. හැබැයි ක්‍රීමි ගතිය නියමෙට තියෙන නිසා අවුලකුත් නැහැ. උණුවට තියෙන නිසා සීතල දවසට මරු භාණ්ඩේ.

බීෆ් බර්ගර් එකත් මරු. මතුපිටින් ක්‍රන්චි ගතියට හැපෙන තඩි බීෆ් පැටී එකක් තිබුණා. බන් එකත් හරි සොෆ්ට්. ළූණු පෙත්තක්, සලාද කොළයක් වගේ ම තක්කාලි පෙත්තක් එහෙමත් දාලා තිබුණා. ඒ වුණාට මොකක්දෝ එකක් අඩුයි වගේ. කටක් දෙකක් කෑවට පස්සෙනේ අපට සීන් එක තේරුණේ. මේකේ චීස් නෑ කියන්නකෝ! කොච්චර රස වුණත් චීස් නැති නම් ඇත්තට ම ලොකු අඩුවක්.

රෝස්ට් පාන්-නීනි එක ආයේ කතා දෙකක් නෑ, සුපිරි! රෝස්ට් පාන් දෙකක් තවත් ටෝස්ට් කරලා හදපු මේ පනීනි එකේ මැද්ද පුරවලා තිබුණේ රෝස්ට් කරපු චිකන්, බෙල් පෙපර්, මශ්රූම් සහ චීස්වලින්. ස්පයිසි ගතිය අරගෙන තිබුණේ ගම්මිරිස්වලින්. පට්ට ම කෑම මේක නම්. මේක කාලා කෝපි එකක් බිව්වා කියන්න ආයේ පැය ගාණකට බඩගිනි වෙන්නේ නැහැ.

සේරමත් ඉවර වුණාට පස්සේ අපි බැලුවේ මෙයාලගේ ෆ්‍රෝසන් යෝගට් එකකුත් කන්න. මොකද කොළඹ පැත්තෙන් හොඳ ම රසට ෆ්‍රෝසන් යෝගට් කන්න පුළුවන් තැන් අතරින් එකක් විදියට අවිරාතේ කැෆේ එක ප්‍රසිද්ධයි. අපි ගත්තේ බ්ලූබෙරි ෆ්‍රෝසන් යෝගට් ලාජ් සයිස් (රු.500) එකක්. ෂහ්! මේකත් පංකාදු පහයි. නියම ක්‍රීමි ගතියට තිබුණා. බ්ලූබෙරි රස තිබුණත්, ඒකෙන් යෝගට් රස පොඩ්ඩක්වත් මැකිලා නැහැ. ඒ නිසා තවත් නියමයි.

සර්විස් එක

අවිරාතේ කැෆේ එකෙන් අපට ලැබුණේ ටොප් සර්විස් එකක්. අපි මෙතැනට යද්දී තව කස්ටමර්ස්ලා දෙතුන් දෙනෙක් හිටියා. හැබැයි ඒකයි කියල සර්විස් එකේ පරක්කුවක් තිබුණෙත් නැහැ. අනික සේවක මිත්‍රයිනුත් ගොඩක් සුහදශීලියි. කෑම බීම තෝරගනිද්දීත් ලැබෙන්නේ සෑහෙන්න ලොකු සහයක්.

අවසාන වශයෙන්

අනිත් කැෆේ එක්ක සලකලා බැලුව ම, අවිරාතේ කැෆේ එකේ ගණන් ගොඩක් ශේප්. රුපියල් 500ට වඩා වැඩිවෙන්නේ එහෙමත් එකක් විතරයි. ටැක්ස්, සර්විස් චාර්ජස් එහෙමත් නැති නිසා ලෝ බජට් ඉන්න වෙලාවක කෝපි එකක් බොන්න හිතුණොත්, මේකත් හොඳ තැනක්.


TIP

Good for recluse. Get the fro-yo.

Address

30 Maitland Crescent, Colombo 7

Directions

It's right opposite Sugar 41.

Contacts

Facebook

Report Inaccuracy

Open 7 AM to 9 PM everyday (except public holidays)

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 8 Comments