Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

FryDay (Street Rush)

Street Rush, 293, Galle Road, Mount Lavinia


FryDay crafts up boxes of French fries, paired with many interesting toppings. And they stuff them in burgers and hot dogs too.



සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ච් ප්‍රයිස්වලට අකැමති කෙනෙක් හොයාගන්න අමාරුයි නෙ. ඒත් අපේ සෙට් එකේ ඉන්නවා එහෙම එකෙක්. අපි ඌවත් ඇදගෙන ගියා ගල්කිස්සෙ අලුතින් දාලා තියෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කඩේට.

ගල්කිස්සෙ හොටෙල් රෝඩ් එකට හැරෙන තැනම, ඔඩෙල් එක එහෙම තියෙන හරියේ පාරෙන් අනිත් පැත්තෙ තමයි ෆ්‍රයිඩේ එක තියෙන්නෙ. ස්ට්‍රීට් රෂ් කියල අලුතින් හදාගෙන යන ෆුඩ් කෝට් එකේ එක ස්ටෝල් එකක් තමයි මේක (අපි යද්දි නම් ෆ්‍රයිඩේ එක ඇරෙන්න එක කඩයක් වගේ තමයි ඇරලා තිබුණේ). 

කෑම

සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල බර්ගර් එකක්, හොට්ඩෝග් එකක් ගත්තම ඒකත් එක්ක සයිඩ් එකෙන් නෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙන්නෙ. ඒකත් එන්නෙ ගොඩක් වෙලාවට කෙචප් එකක ඩිප් කරගෙන කන්න නෙ. ඒත් මෙතන වෙනස්. මේකේ තනිකර ම තියෙන්නෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. එක එක රහට එක එක ජාතියේ ටොපින් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගන්න පුළුවන්. මේ ගොල්ලන්ගෙ ගාව හොට්ඩෝග්, බර්ගර් එහෙමත් තියෙනවා. ඒවත් හදන්නෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දාලා.

අපි ගත්තේ චීස් ලොකර් ෆ්‍රයි (රු. 360) බොක්ස් එකයි, බටර් චිකන් ෆ්‍රයි (රු. 340) බොක්ස් එකයි. අර ෆ්‍රයිස්වලට වැඩිය කැමති නැති එකාට චීසි ලොකර් ෆ්‍රයි ඩෝග් (රු. 440) එකක් ගත්තා. බොන්න කෝක්.

බලද්දි මේ කඩේ අයිතිකාරයා අපේ සෙට් එකේ එකෙක්ගෙ යාළුවෙක්. ඉතිං ඒ යාළුකම නිසා අපට ක්‍රීමී ඇවෝ ෆ්‍රයි බොක්ස් එකකුත් ලැබුණා එයා ගානෙ!

යාළුවක් රෙකමන්ඩ් කරපු නිසා ෆ්‍රයිස් ටික මේසෙට ආපු ගමන් ම අපි අත දැම්මේ ක්‍රීමී ඇවෝ එකට. අම්මට හුඩු, මේ වගේ රසට ෆෙන්ච් ෆ්‍රයිස් අපි ජීවිතේට කාලා නෑනේ. ලූනු, තක්කාලි එහෙමත් පොඩියට කපල දාලා හදපු ඇවකාඩෝ සල්සා එක ෆෙන්ච් ෆ්‍රයිස් එක්ක මේ වගේ සෙට් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. අපි ඒකමතික ව තීරණය කළා මෙතන තියෙන හොඳම ෆ්ලේවර් එක මේක වෙන්න ඕන කියලා. 

හැබැයි ඒ තීරණේ වෙනස්වෙන්න වැඩි වෙලා ගියේ නෑ. බටර් චිකන් ෆ්‍රයි එකට අත දාන්න විතරයි තිබුණේ. ඒක අරට වඩා රසයි නෙ. හොඳට උකුවට හදපු බටර් චිකන් කරි එකක් තමයි මේකේ ෆ්‍රයිස් උඩට දාලා තියෙන්නෙ.

මේ දෙක බාගයක් විතර ඉවරවුණාට පස්සෙ තමයි අපට ඇමරිකන් චීසුයි බාබක්‍යු සෝසුයි දාපු චීස් ලොකර් එක මතක් වුණේ. අර දෙක තරම් ගතියක් නෑ කියල මුලින් හිතුණට  මොකද තුනෙන් මාරුවෙන් මාරුවට කාලා බලලා කෝකද හොඳම එක කියලා හොයන්න ට්‍රයි කරද්දි තමයි අපට තේරුණේ මේකෙත් අමුතු ම ආතල් එකක් තියෙනවා කියලා.

කොහොම හරි අන්තිමේ බලද්දි අර ෆෙන්ච් ෆ්‍රයිස් පෙන්නන්න බෑ කීව එකත් අපේ ෆ්‍රයිස්වලින් බාගෙකට විතර වගකියලා. ඉතිං අපි උගෙ හොට්ඩෝග් එකෙනුත් කෑල්ලක් කාල බැලුවා. 

මේකේ සොසේජ් එක බැටර් එකක තවරලා තමයි බැදලා තියෙන්නෙ. ඒ නිසා සොසේජ් එක වටේට ක්‍රිස්පි ගතියක් වගේ ම වෙනස් රසකුත් එකතුවෙලා තියෙනවා. ඊට උඩින් අර ඇමරිකන් චීස්, බාබක්‍යු සෝස් මික්ස් එක ම තමයි දාලා තියෙන්නෙ. සොසෝජ් එකට යටින් ෆ්‍රයිස් තට්ටුවක්! ඔය ඔක්කොමත් එක්ක බන් එකත් ෆ්‍රෙෂ් එකට තියෙන නිසා මේ හොඩ්ඩෝග් එක නැගල ම යනවා. පොඩි අවුලකට තිබුණේ අර යට ම තියෙන ෆ්‍රයිස් ලේයර් එකට සෝස් මුකුත් වැටිලා නොතිබුණු එක තමයි. ඒකටත් අර උඩින් දාපු සෝස් එකෙන් පොඩ්ඩක් වගේ වැටිලා තිබුණ නම් මරේ මරු. 

තැන සහ සර්විස් එක

මේක තියෙන්නෙ ස්ට්‍රීට් රෂ් කියලා අලුතින් දාපු ෆුඩ් කෝට් එකක. ෆුඩ් කෝට් එකක් කීවට අපි යද්දි නම් මේක ඇරුණාම තව පොඩි පීසා කඩයක් විතරයි ඇරලා තිබුණේ. තැන තාම අලුත් නෙ. 

අනිත් ෆුඩ් කෝට් වගේ ම ඉතිං සෙල්ෆ් සර්විස් තමයි තියෙන්නෙ. මේකේ අයිතිකාරයා අපේ සෙට් එකේ එකෙක්ගෙ යාළුවෙක් නිසා අපට ටිකක් විශේෂ සැලකිලි ලැබුණා. හැබැයි අපි දැක්කා අපට පස්සෙ ආපු ‘සාමාන්‍ය ජනතාවට’ වුණත් මෙතන කට්ටිය හොඳට හිනාවෙලා කතාකරනවා. 

අවසාන වශයෙන්

මේගොල්ලො අපට කියපු විදියට, කෑමත් එක්ක සයිඩ් එකෙන් ෆ්‍රයිස් කනවා වෙනුවට ෆුල් මීල් එකක් විදියට බඩ පිරෙන්න ෆ්‍රයිස් කන්න දෙන එක තමයි මෙයාලගේ අරමුණ. ඇත්තටම අපි ගත්තේ ස්මෝල් පෝෂන් තුනක් වුණාට ඒකෙන් ගෙදර ගිහිං රෑට කාගන්නත් බැරිවෙන ගාණට බඩ පිරුණා. ඉතිං ඔයත් අර අපේ යාළුවා වගේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෙන්නන්න බැරි දුර්ලබ ගණයේ කෙනෙක් නම් ඇරෙන්න ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලට පෙරේත ඕනම කෙනකුට උඩින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මේක.

Have you visited this place?

Write your own review!
Leave a comment