Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Fuel'd Cafe & Health Bar

465, Ganahena, Battaramulla


A healthy cafe at Zimantra Leisure Center.



හෙල්ති කෑම කිව්වම අපේ ගොඩක් අයට හිතෙන්නේ හෙන බෝරින්ග් කියලා. ඇයි ඉතින් ඕවා සම්බන්ධ පෝස්ටරයක වුණත් දාන්නේ නා නා ප්‍රකාර කොළ, එළවලු දාපු සැලඩ් වර්ගනේ. හැබැයි සැලඩ්වලට සීමා නොවී හෙල්ති විදියට කටට රහට කන්න පුළුවන් විදි ඕනෑ තරම් තියෙනවා. ඒ වගේ කෑමවලට ම වෙන් වුණු රෙස්ටෝරන්ට් එහෙමත් කීපයක් ම කොළඹ තියෙනවා. ඒ අතරට අලුතෙන් ම එකතු වෙන තැන තමයි Fuel'd Cafe & Health Bar. 

තැන

මේක තියෙන්නේ බත්තරමුල්ලේ Zimantra Leisure Center එකේ. බොහොම කියුට් ඉන්ටීරියර් එකක් මෙතැන දැකගන්න පුළුවන්. ලී මේස ටික වටේ අහුරලා තියෙන පුටු ටික දැක්කම හරියට නිකන් ඉස්කෝලෙක පන්තියක් වගේ. හරි ම චිල් එකේ ඉන්න පුළුවන් විදියේ වාතාවරණයක් තමයි තියෙන්නේ.

කෑම බීම

මෙතැන තියෙන විශේෂත්වය තමයි හෙල්ති කෑම ඕනේ නම් අන්හෙල්ති විදියටත් ගන්න පුළුවන් වීම. උදාහරණයක් විදියට මේ Fully Loaded Omelette (රු. 1230) ගන්නකො. මේක චිකන්, මෂ්රූම්, පොල් සම්බෝල, සොසේජස් සහ බේකන් පුරවපු ඔම්ලට් එකක්. හැබැයි මේකේ හෙල්ති වර්ෂන් එකේ සොසේජස් සහ බේකන් නැහැ. කොහොම වුණත් පංකාදු ඔම්ලට් එක. තක්කාලි, මිරිස් එහෙම යහමින් දාලා තමයි හදලා තිබුණේ. අනික කන කටක් ගාණේ චිකන්, සොසේජස්, හෝ බේකන් කෑල්ලක් ෂුවර්. ෆිලින් එකට ස්වීට් සෝස් එකක් දාලා පෑන් එකේ ෆ්‍රයි කරපු ගතියක් තමයි පේන්න තිබුණේ.

Grilled Chicken & Mash (රු. 1250) එකත් සිරා. මෑෂ් කරපු බතල ටිකක් උඩින් ග්‍රිල් කරපු පුල්ඩ් චිකන් ගොඩක් තියලා, තව ග්‍රිල් කරපු එළවලු සහ පොඩි පාන් කෑලි දෙකකුත් එක්ක තමයි මේක ආවේ. යහමින් ග්‍රිල් වෙලා තිබුණු මේ චිකන් එක ළාවට සෝස්වලින් මැරිනෙට් කරලා තිබුණා. බතල මෑෂ් එකත් හෙන ම ක්‍රීමි. ඕනේ නම් ඒ වෙනුවට පොටැටෝ මෑෂ් ගන්නත් පුළුවන්.

අපි බීමට ගත්තේ Chocolate Protein Shake (රු. 550) එකයි, Green Smoothie (රු. 450) එකයි. මේ දෙකේම රහ හොඳයි. Chocolate Protein Shake එකේ චොකලට් රහට ප්‍රෝටීන් පිටි රහ හොඳට මික්ස් වෙලා තිබුණා.

මම සාමාන්‍යයෙන් කෙසෙල්, නිවිති දාපු කිසිම බීමකට කැමති නැති කෙනෙක්. හැබැයි මට මේ ස්මූති එක බොන්න විනාඩි පහක් යන්නේ නැතුව ඇති. මොකද මේක හදලා තිබුණේ කෙසෙල්, නිවිති සහ අන්නාසි සේරම එක්කාසු කරලනේ. කිතුල් පැණිත් චූට්ටක් දාලා. ඉතින් අර කෙසෙල්වල කහට රහයි, නිවිතිවල රහයි ගානට බැලන්ස් වෙනවා අන්නාසිවලින්. කිතුල් පැණිවලින් ඒ රස තවත් වැඩි වෙනවා. 

සර්විස් එක 

ස්ටාෆ් එකේ අය හැමෝම එකතුවෙලා බොහොම යුහුසුළුව තමයි අපේ කෑම බීම ටික හදලා දුන්නේ. ග්‍රිල්ඩ් චිකන් එක එන්න තරමක වෙලාවක් ගියත්, අනිත් ජාති ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 10ක වගේ කාලයක්.

අවසාන වශයෙන් 

බත්තරමුල්ල පැත්තේ හෙල්ති ටයිප් එකේ කෑම හොයන අයට මේ Fuel'd Cafe & Health Bar එක ගැන විස්තරේ උදව්වක් වේවි කියලා අපි හිතනවා. කෑමත් රහයි, ගාණත් ෂේප්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment