Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Galle Buck Lighthouse

Chaithya Road, Colombo 1


The lighthouse provides stunning views of the Indian Ocean. From its raised base you can see all the way down the Galle Face Green to the Galle Face Hotel and right across to the very tip of the horizon.



තවමත් කොළඹවාසී ඇතැමෙක් එහි ඇති නිදහස්ම හා සුන්දරම ස්ථාන පිළිබඳ දන්නේ නැහැ. ගාලුමුවදොර තණනිල්ලේ සරුංගල් යවන්න හා හා හිරු මුහුදේ ගිලෙන මනස්කාන්ත දර්ශනය නරඹන්න කොයිතරම් සෙනගක් එහි ඇදුණත්, ඒ අතරින් කීපදෙනායි ගාලුමුවදොර පිටියෙන් උතුරු දෙසින් වරාය අසබඩ තිබෙන නාවික හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පිවිසෙන්නේ. ගෝල් බක් ප්‍රදීපාගාරය පිහිටි මේ ප්‍රදේශය හිරු බැසයාම නරඹන්න තිබෙන කොළඹ පුරවරයේ හොඳම තැනයි.

මේ ප්‍රදේශය යුද්ධ කාලයේදී පිවිසීම තහනම් දැඩි ආරක්ෂක කලාපයක්. දැනටත් එහි දැඩි ආරක්ෂක විධිවිධාන තිබෙනවා. ඒත්, දවසේ බොහෝ වේලාවට ඔබට ප්‍රදීපාගාරය බලන්න එහි පිවිසෙන්න හෝ නුදුරින් පිහිටි සම්බුද්ධ ජයන්ති චෛත්‍යය වෙත පඩි නගින්න අවසර තිබෙනවා. ඒ අසල නිරීක්ෂණ මහල්තලයක් තිබෙනවා. හැම තිස්සේම මෙතැනට යන්න අවසර නැහැ. උදේ කාලය හොඳයි.

එතැන සිට ඉන්දියන් සාගරයේ අතිසුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන්. දකුණුපසින් ගාලුමුවදොර තණනිල්ලේ හා එහි කෙළවර ගාලුමුවදොර හෝටලයේ සිට ඈත ක්ෂිතිජය දක්වා පෙනෙනවා. 1950 දශකයේදී ඉදිකර තිබෙන මෙතැන සිට සවස පහට, හයට පමණ දකින්නට ලැබෙන දර්ශනය විස්මිතයි.  (දවසේ ඉර බහින වේලාවන් දැනගන්න මෙතැන ක්ලික් කරන්න.)

කල්පනා සාගරයක කිමිදෙන්න හෝ ඔබේ සහකරු/සහකාරිය සමග අධ්‍යාත්මික බන්ධනයකට හෝ මෙතැන කදිම තැනක්. මෙතැන සෙනගින් පිරෙන්නේත්, ඝෝෂාකාරී වන්නේත් කලාතුරකින්. පොතක් අරගෙන ප්‍රදීපාගාර පාදම වෙත නගින්න. නැතිනම් ඈත සිතිජයෙන් මළහිරු බැසයන සිරි නරඹමින් ඔබේ අයිපොඩ්එකෙන් ගීතයක් අහන්න.  බඩගිනිනම් පාරේ අනෙක් පැත්තේ තිබෙනවා අවන්හලක්. ලයිට්හවුස් ගැලී නම්වන එහි සේවාවන් ටිකක් දුර්වලයි. ටිකක් උත්සාහ කරලා වේටරුවෙක් අල්ලා ගත්තොත් හපන්න යමක් සමග සිසිල් පානයක් ලබාගන්න පුළුවන්.

මේ කොළඹ තිබෙන සුන්දරම වගේම සංචාරකයන් අඩුවෙන්ම එන තැනක්. මෙහි ගතකරන සන්ධ්‍යාවන් සුන්දරයි. අපි එය එකතුකරනවා අපේ affordable places for a date in the city.

TIP

The naval guns situated at the base of the lighthouse are fired on Independence Day (4th Feb) in a 25 gun salute.

Address

Chaithya Road, Colombo 1

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments