Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Galle Face Hotel (Pool)

2 Galle Road, Colombo 3


Well you really can’t do one without the other - Mount Lavinia Hotel and the Galle Face Hotel are Colombo’s colonial duo. So we headed to the GFH’s famed salt water pool. That’s right, no chlorine here, but salt so you get a bit of added buoyancy and less of that horrid chorine smell.



එකක් නැතිව අනෙකට පවත්න්න බැහැ වගේ. ගල්කිස්සේ මවුන්ට් ලැවිනියා හෝටලය සහ ගාලුමුවදොර ගොල්ෆේස් හෝටලය යන දෙක තමයි කොළඹ යටත්විජිත යුගයේ හෝටල් ද්විත්වය. අපි ගියා ගොල්ෆේස් හෝට‍ලයේ ප්‍රසිද්ධ ලුණුදිය පිහිනුම් තටාකයට. ඔව්, එහි ක්ලෝරීන් ගඳ නැහැ. සැහැල්ලුවකුත් දැනෙනවා.

සැලසුම අතින් එහි කිසි විශේෂත්වයක් නැහැ. එය හුදු හතරැස් තටාකයක්. ඒත්, සයුරු තෙර පිහිටි එහි තිබෙන සම්භාව්‍ය පෙනුම නිසා එය හෝටලයට ගැලපෙනවා වගේම සුන්දරයි.

අපි ගෝල්ෆේස්‍ හෝටලයේ පිහිනුම් තටාකයේ පිහිනීම රසවින්දා. එහි මවුන්ට් ලැවීනියා හෝටලයේ පිහිනුම් තටාකයේ වගේ සෙනග නැහැ. මෙහිදී පිහිනන අතරේ ඔබට ඇත්තෙන්ම මුහුද බලන්න පුළුවන්. සේවාවන් විනීතයි. ප්‍රසන්නයි. තටාකය අද්දර දර්ශනත් මවුන්ට් ලැවීනියා හෝටලයට දෙවෙනි වෙන්නේ නැහැ. එය හෝට‍ලයේ පිටුපසට වන්නට මුල්ලක පිහිටා ඇති නිසා, අනෙකුත් හෝටල්වලදීට වඩා පෞද්ගලිකත්වයක් අත්විඳින්න එහිදී පුළුවන්.

එය සාපේක්ෂ වශයෙන් සෙනග නොපිරි පිහිනුම් තටාකයක්. ඒ නිසා හොඳින් ව්‍යායාම ගන්න පුළුවන්. අවට දර්ශනයත් සුන්දරය. සේවාවන් හොඳයි. කොණක පිහිටා තිබෙන නිසා ඔබේ පිහිනුම් ඇඳුම් අගයකරන්න වැඩිදෙනෙක් නැහැ. සෙනග අවම නිසා තටාකය ඔබේමයි.

මිළ: රු. 1000 දිග: මීටර් 20 ගැඹුර: නොගැඹුරු කෙළවරේ ශ්‍රැති එකයි. ලයන් ලාගර් රු. 400යි. ක්ලබ් සැන්විච් රු. 500යි.

Address

2 Galle Road, Colombo 3

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments