Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Gami Gedara

176, Jambugasmulla Mawatha, Nugegoda

Get it delivered on Pickme Food

A long-standing rice & curry name that has slid down the ladder a bit.



හයිලෙවල් එකේ තියෙන බත් කඩ පේළිය බලන්න යන්න යමු එකේ අපි ප්ලෑන් කරගෙන හිටියේ මාස ගාණක ඉඳන්. අතරින් පතර සෙට් වෙන අමතර වැඩ නිසා ඕක හැමදාම මඟඇරෙනවා. ඔන්න ඉතින් කොහොමහරි වෙලාව හදාගෙන, හා හා පුරා කියලා මේ වැඩේට අපි අතගැහුවේ ගිය සිකුරාදා. මායි, සාරායි, කවිඳුයි තුන්දෙනා එක්ක ටැක්සියකට ගොඩ වුණේ නුගේගොඩ ගැමි ගෙදරට යන්න බලාගෙන.

තැන

මේ බත් කඩේ තියෙන්නේ නුගේගොඩ හන්දියෙමයි. නුගේගොඩ බෝගහ පිටිපස්සේ තියෙන කැෂුවල් වේ ඇඳුම් කඩේ දන්නවා නේද? අන්න ඒකෙ ම පැත්තෙන් තියෙනවා පුංචි පඩිපෙළක්. ඔන්න ඔය පඩිපෙළ දිගේ උඩට යද්දී තමයි ගැමි ගෙදර මුණගැහෙන්නේ. පාරට පේන්න තඩි බෝඩ් එකක් තියෙන නිසා මෙතැන හොයාගන්න අමාරු නැහැ.

සාරායි, මායි, කවිඳුයි තුන්දෙනා ගැමි ගෙදරට යද්දී උදේ 11.30ට වගේ ඇති. ඒ වෙද්දීත් කඩේට සෙනඟ පිරෙන්න පටන් අරගෙන. කඩේ ඇතුළේ තියෙන රෝස පාට, කොළ පාට තීන්ත ගාපු ලී මේස, බංකු ටික දැක්ක ම මට මතක් වුණේ ඉස්කෝලේ බාලාංශ පන්ති තිබුණු හැටි. ඒත් ෆෑන්, ඒසී දෙක ම තිබුණත් මෙතැන ටිකක් රස්නෙයි.

කෑම බීම

ෂහ්! කෑම ටික ඩිස්ප්ලේ කරලා තියෙන හැටි දැක්කත් බඩ පිරෙන ගානයි. එක පැත්තක තියෙන්නේ රතු බත්, සුදු බත් හට්ටි පිරිවරාගත්ත ලංකාවේ ටයිප් එකේ කරි ටික. අනිත් පැත්තේ තියෙන්නේ බුරියානි, මික්ස් රයිස්, ෆ්‍රයිඩ් රයිස් එක්ක තියෙන වෙස්ටර්න් ටයිප් එකේ කෑම ජාති ටික. මේ ඔක්කොම දාලා තියෙන මේස පේළියට උඩින් ගමේ ගෙදරක වගේ පොල් අතු හෙවිල්ලක් ගහලා, පැට්‍රෝල්මැක්ස් ලාම්පු එහෙම එල්ලලා තියෙනවා.

අපේ කවිඳු වෙජිටේරියන්නේ. ඒ නිසා එයා කෙළින් ම ගියේ රතු බත්, සුදු බත් මුට්ටි තිබුණු සයිඩ් එකට. කවිඳු එළවළු කෑම (රු.160) එකක් අරගෙන එන අතරේ, මායි සාරායි බුරියානි (රු.350) එකකුයි, මික්ස් රයිස් විත් පෝක් (රු.350) එකකුයි ගත්තා.

නෙළුම් කොලේ බෙදපු කවිඳුගේ බත් පත දැක්ක ගමන් කන්න හිතෙනවා. පොලොස් කරියයි, බීට් කරියයි, පරිප්පු හොද්දයි, තක්කාලි සම්බෝලයයි එක්ක තව පොල් සම්බෝලේකුත් මේ බතේ තිබුණනේ. ඒ විතරක්යැ, පපඩම්, බැදපු මිරිස් කරල්නුත් දාලා.

පොලොස් කරිය සුපිරියට ම හදලා තිබුණා. ලුණු පහේ හොඳ ගාණට. ළාවටවත් කහට ගතියක් නෑ. හොද්දත් එක්ක බතට එකතු වෙද්දී පට්ට ම රසයි. අමුතුවෙන් අටුවා ටීකා කියන්න නැතත් බීට් කරියත් මරු. හැබැයි පොල් සම්බෝලේට උම්බලකඩ ටිකකුත් එකතු වුණා නම් තමයි මං කැමති. හැබැයි දෙහි ඇඹුල් රස නියමෙට ම දැනුණා. ටොප් පරිප්පු හොද්ද ඈ. යහමින් මිටිකිරි දාලා. අනික අබත් එකතු කරලා නිසා ස්පයිසි ගතියකුත් තිබුණා.

සාරා ගත්ත බුරියානි එකෙන් මං එක කටයි කෑවේ. මට තරු පෙනුණා මේකේ රසට. අම්මපා! මරදාන බුහාරියෙන් කෑවට පස්සේ මේ තරම් රසට ලංකාවේ ටයිප් එකට හදපු බුරියානි එකක් කෑවමද කොහෙද. ඒ තරම් රසයි. බත නියමෙට සීසනින් කරලා. අමුතු තෙල් ගතියකුත් නැති නිසා හොද්දක් මසක් නැතුව වුණත් කාගෙන යන්න පුළුවන්. හොඳට හදපු බුල්සයි එකකුයි, චොප්සියකුයි, පොඩි සලාදෙකුයි, තඩි චිකන් කෑල්ලකුයි මේ පිඟානේ තිබුණා. චිකන් එක ගැන නම් ඒ හැටි හොඳක් කියන්න නැහැ. මොකද ඒක ශේප් එකේ ග්‍රිල් කරපු චිකන් කෑල්ලක්.

මම ගත්ත මික්ස් රයිස් එකත් නියමෙට ම අල්ලලා ගියා. කතාවේ හැටියට නම් මේක මස්, මාළු දෙක ම දාලා තෙම්පරාදු කරපු බතක්. අවාසනාවකට වගේ මට හම්බෙච්ච බත් පංගුවේ තිබුණේ චිකනුයි, සොසේජසුයි විතරයි. අන්තිම හරියේදී වගේ ඉස්සෙක් දැකගන්න ලැබුණා. කොහොම වුණත් මේ බත නියමයි. මේක කන්න නම් චිලී පේස්ට් ඩිංගක් තිබුණ ම හොඳටෝම ඇති.

මික්ස් රයිස් එකත් එක්ක ගත්ත පෝක් එක තමයි මහත්තයෝ කෑම! කට්ටක් දෙකක් තිබුණට තෙල් කෑලි දාලා කරන ප්‍රෝඩාව මේකේ නෑ. පොඩියට කපපු පෝක් කෑලි පහළොවක් විතර මේ පිඟානේ තිබුණා. දුන්නු ගාණට කිසිම පාඩුවක් නෑ. බතට විතරක් නෙවෙයි, බයිට් එකටත් මේක මරු කියලයි අපට නම් හිතුණේ.

සර්විස් එක

මේ කඩේ කරගෙන යන්නේ පොඩි කොල්ලෝ සෙට් එකක්. පට පට ගාලා බත් බෙදලා දෙන්නේ. කතාබහත් හරි ම සුහදශීලියි.

අවසාන වශයෙන්

නුගේගොඩ හන්දියේ කැරකෙන වෙලාවක බත් බඩගින්නක් ආවොත්, ඔන්න මහත්තයෝ යන්න පුළුවන් තැන්වලින් එකක්. අතේ තියෙන ගාණට නියම වටිනාකමත් අරගෙන බඩ පුරවගන්න නියම පොට් එක තමයි මේ ගැමි ගෙදර.


TIP

Try their Mixed Fried Rice.

Address

176, Jambugasmulla Mawatha, Nugegoda

Contacts

Report Inaccuracy

Open until 09:30 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani Rice And Curry Pork

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
1
1

1/5

0

1675

My first and last visit to this place. The food was ok but but very stingy in serving. The staff was very arrogant and have very poor attitude in talking to customers.

S
1

5/5

0

Shilps

Great tasting food and good portions! The place is small and gets busy during lunch so you need to get in early but it's well worth it for the price.
It's right next to the road at nugegoda junction but the area itself is sealed so the food and eating areas are protected from the dust. Thumbs up for hygiene!

Avatar for J
2

4/5

1

J YAMU STAFF

Went there for lunch on Sunday and I'm proud to report that they haven't declined in quality at all.
In fact, they're super crowded, so make sure you go early.
They've even got a live band playing!

1
1

1/5

0

1675

My first and last visit to this place. The food was ok but but very stingy in serving. The staff was very arrogant and have very poor attitude in talking to customers.

S
1

5/5

0

Shilps

Great tasting food and good portions! The place is small and gets busy during lunch so you need to get in early but it's well worth it for the price.
It's right next to the road at nugegoda junction but the area itself is sealed so the food and eating areas are protected from the dust. Thumbs up for hygiene!

Avatar for J
2

4/5

1

J YAMU STAFF

Went there for lunch on Sunday and I'm proud to report that they haven't declined in quality at all.
In fact, they're super crowded, so make sure you go early.
They've even got a live band playing!

H
1

3/5

0

hashu119

They dont serve Biriyani and Fried Rice anymore. But their rice and curry was still great though…

See 4 Comments