Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Gami Gedara

176, Jambugasmulla Mawatha, Nugegoda

Get it delivered on Pickme Food

A long-standing rice & curry name that has slid down the ladder a bit.



“ඒ… අද බඩගිනි එකකට ගැමි ගෙදට්ට යංද?”

ඔෆිස් එකට ගොඩ වෙන්න වුණේ නෑ අපේ විශ්වියගෙන් සුහද ආරාධනාවක්! වැඩේ කියන්නෙ කෑමක් නිසා බෑ කියලත් බෑ, අතේ සතේ නැති නිසා හා කියලත් බෑ…

මොකද කරන්නේ…

“එක්කො ඔන්න ඔහෙ යනව” කියල හිත හදාගත්තු මම දවල් 1 වෙද්දි පිටත් වෙන්න පොරොන්දු වුණා. පොරොන්දු වෙලා, විස්තරේ සරිතයට එහෙමත් කියල කැමරා බඩුත් එක්ක විඩියෝ ටීම් එකත් ලෑස්ති කරගත්ත.

ඊට පස්සෙ ඉතින් දවල් 1.10 වගේ වෙන්න අල්ලල හෙමින් සැරේ පිටත් වුණා, හයිලෙවල් එක දිගේ නුගේගොඩ බෝගහ පැත්තට යන්න. හප්පේ… ගිනි මද්දහනෙ, පුල් මාවලස් ආ... කොහොම හරි ඔන්න දඩිබිඩියට අඩිය තියල සරිතයයි, මායි, ලමිදුවයි තුන්දෙනා ම පාලමට කිට්ටු කළා. කිට්ටු කරල බැලුවා එහා පැත්තෙ තියෙන ගැමි ගෙදර දිහා.

“ඒ… කට කපල සෙනඟ බං!”

“එහෙමද? ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ආව නම් යන්න වෙනවනෙ”

“ඔව් ඔව්, කොහොමත් ඔෆිස් එකෙත් කෑම නෑනෙ. යමං යමං”

හෙමින් සැරෙ පාරත් පැනල ඔන්න 3දෙනා පඩි පෙළ දිගේ උඩට. ගිහින් ගොඩවුණා කඩේට.

බොලේ! එළියට පේන තරම් අවුලක් නෑනෙ. බුෆේ එකත් ටිකක් ෆ්‍රී. අනික කන්නත් මේසයක් දෙකක් හිස්. ඒත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු කරගන්න ඕන නෑනෙ. ඉතින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මම කෑම ඕඩරේ දාන්න පටන් ගත්තා.

මුලින්ම රතු බත් පෝර්ක් එකක් (රු. 300). ඊට පස්සෙ රතු බත් මාළු එකක් (රු. 250). ඊටත් පස්සෙ සුදුබත් චිකන් එකක් (රු. 250) එක්ක අමතර පෝර්ක් කරියකුයි (රු. 150), ග්‍රිල්ඩ් චිකන් පලුවකුයි (රු. 150), සොසේජස් එකකුයි (රු. 100), තම්බල බැදපු බිත්තරයකුයිත් (රු. 50).

“කීයද මල්ලි?”

“රු 1250යි මහත්තය”

“හෑ… මට නිකම් හිතාගන්න බෑ වගේ”

“සෑහෙන්න අඩුයිනෙ ගණන්” හිතින් හිත හිත, මම බිල ගෙවල කෑම ටිකත් අරගෙන මේසෙට ගියා. සරිතුයි ලමිඳුයිත් පස්සෙන්.

බලමුකො අඩු ගාණට වැඩි ම රසට එහෙනම් බඩ පුරෝගෙන, කියල වැඩිපුර ඉල්ල ගත්ත මිරිස් පපඩම් ටිකෙනුත් ටිකක් බත් වට්ටියට දාගත්ත මම වැඩේ පටන් ගත්තා… ඒ අතරට අපේ ඩබලත් ලෝස් නැතුව දස බස ගාලා දෙසනව.

මම මුලින් ම අනාගත්තෙ හොඳ පෝර්ක් කෑලි දෙකක් දාපු බත් කටක්.

ආයෙ ඉතින් කියන්න ඕන නෑනෙ. පංකාදු පහෙත් උපරිම එක. බත් පැත්තක, සත්තයි පාන්, පරාටා වගේ දෙයක් තිබ්බ නම් පෝර්ක් හට්ටියම හිස් කරල දෙනව. හැබැයි! කටවල් 4, 5ක් කාගෙන යද්දිනෙ වැඩේ අවුල් කියල තේරුනේ. එතනින් එහාට ගන්න ගන්න කෑල්ල තෙල්. මස් තියා එක කට්ටක්වත් නෑ… ඇයි අප්පේ, ඒ? හිතා ගන්න බැරි කමටම මම යාළුවො දෙන්නගෙ මූණුත් විපරම් කළා.

ආයෙ අමුත්තක්යැ, එයාලටත් ඒ අවුලම තමයි.

මොනව කරන්නද ඉතින්! කියල හිත හදාගත්ත අපි බත් වට්ටියෙ පැත්තක තෙල් කෑලි ගොඩ ගහල බෙදා ගත්ත චිකන්, මාළු ටිකෙන් ගේම ගහන්න ගත්තා.

ඔන්න මුලින් ම කියන්නම්කො,

මෙයාලගෙ කොළ මැල්ලුම නම් සෑහෙන්න හොඳයි. ඒක තනිකර ගොටුකොළ මැල්ලුමක්. රස පදමට ලුණු ඇඹුල් දාලා පංකාදුවට හදල තිබ්බ. අවංකයෙන් ම ඒකට උම්බලකඩ කෑල්ලක් එහෙමත් වැටුන නම් ටොපේ ටොප්!

ඒත් අපි කවුරුත් ආස කරන පරිප්පුව නම් හරි නෑ අප්ප. ඇත්තටම ගාණට කිරි, තුනපහ ටික දාලා නැති කේස් එකක් තිබ්බෙ.

ඒකට බෝංචි එක, තිබ්බ ලෙසටම! හොඳට මිරිස්, අමුතුනපහ, කහ දාලා ගමේ රහ ඉස්මතු වෙන්න, කිරි රසත් මදි නොකියන්න. අවංකයෙන්ම මස් හොද්දත් එක්ක එහෙම නම් නියමෙට යනව.

වැඩේ කියන්නෙ ඒ අනික් පැත්තට ඇඹරැල්ල එක හරි නෑනෙ. ඒකෙ නම් අවුල හිතා ගන්නත් බෑ. එකක් තමයි සීනි මදි එක. අනිත් සියල්ල මිරිස් තුනපහ පදමෙන් වෙන්න ඕන. ඊටත් ඒක තව ටිකක් තැම්බෙන්නත් ඕන වගේ.

කොහොම හරි පොල්සම්බෝලෙත් ලොකු රසක් නෑ. ලුණු ඇඹුල් වගේම උම්බලකඩ කෑල්ලක අඩුවත් හොඳ හැටි දැනුනා.

හැබැයි මුරුංගා එක නම් සුපිරි! කිරි රස වගේම තුනපහ රසත් නියම ගාණට. මස් හොද්දත් එක්ක එහෙම තකට තක පෑහෙනව. ඊටත් මදි නොකියන්න මිරිස්, තුනපහ ඇඹුල් පදමෙන් රස වෙලා මේසෙට ආපු ආපු මාළු ඇඹුල් තියල් එකත් එක්ක ටොප් එකටම යනවනෙ. අනිත් එක තමයි ඒ මාළු කෑල්ලෙ සයිස් එක? අල්ලක් ඇති කියන්නකො කෙලවල්ලො කෑල්ල.

සරිත්ගෙ බත් එකේ තිබ්බ වම්බටු එකත් මම නිකමට වගේ කාලා බැලුවා. අවංකයෙන්ම හොඳයි. රස පදමට තෙලට දාලා මිරිස් රසත් ගාණට එන්න. ඇත්තටම වම්බටු එකෙන්, බතට එන්න ඕන තෙල්දැමුමක අඩුපාඩුවත් මැකුන ගතියක් තිබ්බෙ.

ඔක්කොමත් හරි චිකන් කරියනෙ? ඒක නම් පැහැදිලිවම ඊට වඩා රසට හදන්න තිබ්බ. මං කිව්වෙ රස, අවුල්ම නෙවෙයි. ටිකක් මදි. වැඩිය ඕන නෑ තව මිරිස් තුනපහ ටිකක් එක්ක පදම් වෙලා ඉවුණ නම්.

අන්න ඒකට ග්‍රිල්ඩ් චිකන් කෑල්ල. නොම්මර එකයි ඈ… නියම ගාණට ග්‍රිල්ඩ් වෙලා, මිරිස් ඇඹුල් පදමත් ගැළපිලා ළා පැණිරස ගතියකුත් එක්ක, සුපිරිම හොඳේ… කොටින් ම බයිට් එකකට වගේ නම් ටොප්!

අනිත් එක තමයි තම්බල බැදපු බිත්තරේ. බිත්තර රස එලෙසින්ම, හැබැයි වටේ දැවටුමක් වගේ හරිම සොෆ්ට්. ඒක ගැන නම් කියන්න තේරෙන්නෙ නෑ කෝකියගෙන්ම අහන්න වෙනව. මොකද හරි අමුතු රෙසිපිනෙ මේවා. බිත්තරේ එහෙම වුණාට සොසේජස් එකේ නම් අමු බොරුව. අපි හිතුවෙ ෆ්‍රයි කරල ඇති කියල. කොටින්ම ෆ්‍රයි කරන්න තියා පෑන් එකේ හරියට ගෑවිලාවත් නැති ගානයි. නිකම් මිරිස් කෑලි ටිකක් නම් තිබ්බ උඩින්.

ඔය ඔක්කොමත් එක්ක තෝර බේරගෙන බත් කාලා, ඉස්මුරුත්තාවට කිට්ටු කරද්දි තමයි අපි හොට දැම්මෙ ෆ්‍රිජ් එකට…

ඒකෙත් වටලප්පම හොඳයි. හැබැයි සියලු අඩුම කුඩුම තව පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා රස ටිකක් වැඩි වෙන්න ඕන. ඒ වුණාට ෆෘට් සැලඩ් එක නම් හරි නෑ. පළවෙනි කටෙන්ම තේරෙනව සෑහෙන වෙලාවක් ෆ්‍රිජ් එකේ තිබිලා කියල. ඒ කිව්වවෙ පලතුරුවල රස, සුවඳ ගොඩක් ම අඩුවෙලා.

කොහොම වුණත් ඉතින් බඩගින්නට නම්… ගැමි ගෙදර අවුලක් ම නෑ… ඉතින්!


TIP

Try their Mixed Fried Rice.

Address

176, Jambugasmulla Mawatha, Nugegoda

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani Rice And Curry Pork

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
1
1

1/5

0

1675

My first and last visit to this place. The food was ok but but very stingy in serving. The staff was very arrogant and have very poor attitude in talking to customers.

S
1

5/5

0

Shilps

Great tasting food and good portions! The place is small and gets busy during lunch so you need to get in early but it's well worth it for the price.
It's right next to the road at nugegoda junction but the area itself is sealed so the food and eating areas are protected from the dust. Thumbs up for hygiene!

Avatar for J
2

4/5

1

J YAMU STAFF

Went there for lunch on Sunday and I'm proud to report that they haven't declined in quality at all.
In fact, they're super crowded, so make sure you go early.
They've even got a live band playing!

1
1

1/5

0

1675

My first and last visit to this place. The food was ok but but very stingy in serving. The staff was very arrogant and have very poor attitude in talking to customers.

S
1

5/5

0

Shilps

Great tasting food and good portions! The place is small and gets busy during lunch so you need to get in early but it's well worth it for the price.
It's right next to the road at nugegoda junction but the area itself is sealed so the food and eating areas are protected from the dust. Thumbs up for hygiene!

Avatar for J
2

4/5

1

J YAMU STAFF

Went there for lunch on Sunday and I'm proud to report that they haven't declined in quality at all.
In fact, they're super crowded, so make sure you go early.
They've even got a live band playing!

H
1

3/5

0

hashu119

They dont serve Biriyani and Fried Rice anymore. But their rice and curry was still great though…

See 4 Comments