High level road, Kottawa
Open until 10:00 PM
A spot to grab rice and curry in a very gamey setting.
අඩුම තරමෙ නුවර පාරෙන්වත් කමු කියන අදහසින් ආවෙ. ඒත් කොහෙද දෙන්නට තිබ්බ හෙම්බිරිස්සා ගතියයි, ඇඟේ අමාරුවයි එක්ක කන්න තියා හිතන්නවත් පිරියක් තිබ්බෙ නෑ. එකම අදහස වුණේ කොහොමහරි ගෙදරට ඇදගන්න එක.
ඒත්.. කොට්ටාවෙන් එළියට දැම්මට පස්සෙනෙ!
“වැස්සකුත් ඇල්ලුව නේ බං. එක්කො ඔන්න ඔහෙ කාල ම අදිමුද. ආයෙ ගිය අනික් පැත්තට නිදාගන්න තියෙන්නෙ”
“ඒ.. අවංකයෙන්ම ඈ. සුප්ප අදහස. ඒත් කොහෙන්ද බං කන්නෙ?”
“අඩෙහ්, ආයෙ මොනවද ඉතිං ඔය තියෙන්නෙ ඉස්සරහම. සුප්ප බත් කඩේ”
“සිරාවට! ඒනං දහං දහං ඇතුලට. මොන හෙවිලි බැලිලිද තව”
දෙන්න දැම්ම වාහනේ පාර්කින් එකට. දාලා දිව්ව වැස්සෙම කඩේ ඇතුලට.
මගෙ සන්තෝ... මෙව්වනෙ බොල කඩ! ආයෙ හදල තියෙනව යාළු මැටි පෙනුම එන්න නිකම්, සිරාම ගැම් ගෙයක් වගේ. කොටින්ම කියතොත් නමටම හරියන්න.. ‘ගම්මානය’. ඊටත් පොල් අතු හෙවිලි කරල, ලී මේසෙ පුටු දාලා, ඉඩත් තියෙනව කියන්නකො එකපාර තිහ හතලිහකට කෑමට වාඩිවෙන්න. ඇතුළත ආලෝකකරණය කරල තියෙන්නෙත් ලන්තෑරුම්, පහන් පාවිච්චි කරල. ඒ විතරක් නෙවෙයි, මැටි ඇතිලිවලට බෙදුනු බත්, මාලු බුෆේ එක... දැක්කාම කටට කෙල උනන ගානයි. ඒත් අර වැඩේ තියෙන්නෙ එතනින් අපිට තෝරගන්න පුලුවන් එළවළු හතරකුයි, මසක් හරි මාළුවකුයි හරිනෙ. ඒ හැර වෙන මොනවහරි ගන්නව නම් කරි විදියට වැටෙන්නෙ. එතකොට ගාණ පොඩ්ඩක් වැඩියි.
හැබැයි ඉතින් එහෙමයි කියල අපි නිකම් ඇරියෙ නෑ. රතුබත් පෝර්ක් (රු. 350) එකක් එක්ක, කහබත් චිකන් (රු. 350) එකකුයි... බිත්තර ඔම්ලට් (රු. 50) එකකුයි, බැදපු වැව් මාළුවෙකුයි (රු. 100), කට්ලට් (රු. 50) එකකුයිත් ගත්ත. කටගැස්මට හරි හොඳයිනෙ.
ඊටපස්සෙ තමයි ගිහින් එළිපහලියෙන් වාඩි වෙලා වැඩේට සෙට්වුණේ.
පළවෙනි කටට ම මම රස බැලුවෙ අඹ. කෑවත් හරි ‘අඹ මාමේ’ කිව්වලු. අවංකයෙන්ම, සුප්ප අඹ එක යාළු. කාලෙකට පස්සෙ සුපිරිම ගමේ රහට අඹ මාලුවක් කෑවෙ. පැණි රස වගේම අඹවලටම ආවේණික ළා ඇඹුල් රසත් හොඳ හැටි තියෙන්න. ඒ විතරක් නෙවෙයි, තුනපහ පදමත් ගාණටම වගේ. හැබැයි සැර තමයි පොඩ්ඩක් මදි. අන්න ඒකට, තිබ්බ කොළ මැල්ලුමක්... සුපිරි. ලුණු ඇඹුල් පදමත් නොම්මර එකට. ගොටුකොළ මැල්ලුමක් වුණාට මොකද පොල්, ලූණු, උම්බලකඩ, අමුමිරිස් එහෙමත් අඩු නැතිව දාලා නිසා රස පංකාදු පහට. හැබැයි බෝංචි කරිය නම් එකෙන්ම මෙලෝ රහක් නෑ. කිරි දාලා නැතුවමත් නෙවෙයි, මගෙ හිතේ මිරිස් තුනපහේ මදි කමක් තියෙන්නෙ. ම්ම්... ගෝවා මැල්ලුම නම් ඔන්න හොඳ මට්ටමක තිබ්බ. විශේෂයෙන්ම අබ, මිරිස් ටිකක් දාලා තෙලට දාලා අරගෙන නිසා රස නියමයි. හැරත් නැවුම් ගතිය එළසෙින්ම තියෙන්න පොඩ්ඩ කරවෙද්දි බාලානෙ.
ඒ ඔක්කොමත් හරි පෝර්ක් එකනෙ? අයියෝ... දෙනෙතට කඳුලු නැගුන යාළු. මෙච්චර හොඳ කඩේක පෝර්ක් එක හරියට හදාගන්න බෑ කියන්නෙ. පැහැදිළිවම ඒකට මිරිස් තුනපහ දාලා තියෙන්න අමු ම අමු ලෝබ කමකින්. කොටින්ම කියතොත් මිරිසුත් නෑ, ඉඟුරු සුදුලූනු ගොරකත් නෑ, තුනපහ මස්කරිත් නෑ.. ඊටත් මස් කෑලිත් හරිහැටි නෑ, ඔක්කොම තෙල් කෑලි. අනේ මන්දා ඉතින් අර හිතේ තිබ්බ රස නිසා කෑවා මිසක් නැත්නම් එහෙම්මම තියල යන්නෙ.
සරිත්ගෙ කහබත් එකෙත් අපි හිතපු තරම්ම රසක් නෑ. බත් එකට ලූනු, ලීක්ස්, රම්පෙ කරපිංච අඩුමකුඩුම ටිකක් දාලා තියෙනව. ඒ නිසා රස හොඳයි. හැබැයි ඒකෙට බෙදුණු කෙහෙල්මුව තෙල්දැමුම එහෙම මෙලෝ ම රහක් නෑ. කෙහෙල්මුව ටික හරියට තෙලට වැටිලත් නෑ, මිරිස් ගම්මිරිස් පදමක් ඇත්තෙත් නෑ.. අනේ මංද ඉතින්. ම්ම්... චිකන් කෑල්ල නම් ඔන්න පොඩ්ඩක් හොඳයි. ඒකත් මං හිතන්නෙ අර බත් එක අවුල් නිසා රසයි වගේ හිතෙනවද දන්නෑ. හැබැයි ගැඹුරු තෙලේ බැදල එහෙම සෝස් ටිකක් දවටල නිකම් ඩෙවිල් පාරක් වගේ පේන්න සෙට් කරල තිබ්බෙ.
ඒකට! බැදපු මාළුව... සුපිරි ඈ. ලොකු කොරලිය, හොඳ හැටි සුද්ද කරල ගැඹුරු තෙලේ හොඳ ගාණට බැදල...
ඒ විතරක් නෙවෙයි බුල්සායි එකත් හොඳයි ඉතින්. විශේෂයෙන්ම අර ලුණු චුට්ටක් එහෙම දාලා. ඒ අතරිනුත් කට්ලට් එකනෙ. අනේ... තුක් විතරක්. ඒකෙ පිරවුම එහෙම පරණ එළවලුවලින් හදලද මංදා කටට ළංකරන කොටම අප්පිරියයි. ඒ මදිවට හරියට බැදිලත් නෑ.
එතනින් එහාට ඉතින් ඇත්තටම අපි වෙන දෙයක් බැලුවෙත් නෑ. මොකද සේවකයො ටිකත් මෙලෝ රහක් නෑනෙ. මෝල්ගහක් ගිලල වගේ කොල්ලෙක් හිටිය, දෙයක් ඇහුවාම අහක බලාගෙන උත්තර දෙන්නෙ. හරියට නිකම් අපි ණයට කන්න ඇවිල්ල වගේ.
අනේ මන්දා ඉතින් එක්කො මැනේජර් මේව බලන්න ඕන, නැත්නම් බැරි කඩ නොකර ඉන්න ඕන...
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood BBQ Vegetarian Beverages Kottu Biriyani Rice And Curry Fried Rice Pork Chicken Fried Chicken Fish Cuttlefish Parata Fruit Juice Bites Roti
Ratings Breakdown
Delete Comment