4/5

Geek HQ

17A, Frankfurt Place, Colombo 04


Geek HQ is the first geek-themed restaurant in Sri Lanka. Be it comics, games, movies and the myriad of fandoms and interests or food, it is a restaurant that's geared for every kind of geek, or basically, for pretty much anyone who enjoys good food. 



කාටුන්, ෆිල්ම් ලෝකයක තනිවෙන්න..

යන්න

බම්බ ගීක් මූලස්ථානයට!

ඇත්තටම ඈ… ඒක නම් මාර ම ප්ලේස් එකක්. හරි ලස්සනට හැඩ කරපු අපූරු කෑම කඩයක්. වැඩේ කියන්නෙ, ඒකත් නෙවෙයි.. එතන තියෙන හැඩ කැටයම් ටිකයි, පිළිම, ෆොටෝ, චිත්‍ර ටිකයි දැක්කාමනෙ පිස්සු හැදෙන්නෙ. තනි සජීවී ආර්ට් ටික හොඳේ. හැරත් ඔක්කොම, ෆිල්ම්වල කාටුන්වල ඉන්න සුපිරිම චරිතනෙ.

ඉතින්.. වැඩිහිටි අය වගේම පොඩිහිටියොත් මෙතනට හරිම කැමතියි. ඊටත් ඔය ෆිල්ම් පිස්සො එහෙම බේදයක් නැතුවම මෙතනට එකෙන්මනෙ!. වැඩිය ඕන නෑ, මගේ යාළුවෙකුත් මැරෙන්න හැදුවෙ ගීක් එකට යන්න ඕනමයි කියල. ඊට පස්සෙ තමයි ඔන්න පහුගිය වීක්එන්ඩ් එකක දවසක් දාගෙන අපි දවල් කෑමට ඒ පැත්තට ඇල්ලුවෙ.

දවල් කෑමට කිව්වට ඉතින් යද්දි නම් හවස 2ත් පහුවෙලා. එහෙමයි කියල එතන සෙනඟෙ අඩුවක් නෑ. ඇතුල් වුණ තැන ඉඳන් මේස තුනක්ම පිරිලා. යාන්තම් කැෂියර් එක ළඟම මේසෙ හිස් තිබුණෙ. මම ගියපු සනික එතනින් වාඩි වුණා. වාඩි වෙලා... අනික් පැත්ත බලද්දි පස්සෙන් ආපු යාළුව නෑ කියන්නකො. පොඩ්ඩක් ඔළුව උස්සල බැලින්නම් පොර පිස්සු පූසා වගේ, හතර අතේ තියෙන පින්තූර, ඩමි බල බල ඉන්නව.

අනේ මන්දා මුන්ටත්! මෙච්චර ලොකු වෙලා...

ඔය කිව්වට, තැන මගේ හිතටත් අල්ලල තිබුණෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, එතන හරිම පිලිවෙලයි. අනික හදපු හැම ඩමියක් ම සජීවී විදියට සුපිරියට ම හදලා. ඒවයෙ පසුබිම් වුණත් කතා දෙකක් නෑ ආයෙ කිරිගහට ඇන්න වගේ. කොටින්ම කියනව නම් ඒ අදහස ගෙනාපු කට්ටියයි, හදපු කට්ටියයි දෙගොල්ලො ම නොම්මර එකේ වැඩ්ඩො තමයි.

කොහොම හරි යාළුවට බලන දෙයක් බලාගෙන එන්නය කියල මම දැම්ම කවුන්ටරේ ළඟට ගිහින් ඕඩරේ… චීස් ෆ්‍රයිස් එකකුයි, චිකන් මොනවදෝ අමුතු රයිස් එකකුයි, බීෆ් සබ්මැරීන් එකකුයි, බොන්න ලටේ එකකුයි. අවංකයෙන්ම කිව්වොත් ඒවයෙ නම් තිබ්බෙ නම් එහෙම නෙවෙයි, ස්ට්‍රෙටචර් (රු. 550).. චිකන් ස්ටාර්ක් ටවර් ස්පෙෂල් (රු. 950)… චෙවි සැන්ඩ්විච් (රු. 1250), ලටේ ඔෆ් ටෘත් (රු. 550) කියල. මොනව කරන්නද ඉතින් තැනේ හැටිනෙ කියල මම ගිහින් වාඩි වුණා මේසෙන්. ඒ වෙද්දි ඔන්න යාළුවත් ඇවිල්ල.

“ඇත්තටම මොකක්ද බං මේ සීන් එක?”

“උබ මේ වගේ ෆිල්ම් බලන්නෑනෙ. දෙන දෙයක් කාලා හිටපං” කතාව එතනින්ම ඉවරයි. මම ෆෝන් එක ඔබන්න ගත්ත. යාළුව කන්න වගේ ටීවී එකේ දාලා තිබ්බ මොකක්දෝ කාටුන් එකක් බලනව. ඔය විදියට විනාඩි 5ක් 10ක් යන්න ඇති. ඉස්ඉස්සෙල්ලාම කියල මේසෙට ආවෙ චීස් ෆ්‍රයිස් එක. ඒ එක්කම වගේ චිකන් මොකක්ද රයිස් එකත් ආවා. එතනින් එහාට ඉතින්.. කරන්න වැඩක් නැතුව ඉඳපු මට මසුරන් වගේ.

ගත්ත ගමන් කෑවා උණු උණු ෆ්‍රයිස් තොගයක්ම. සප්පේ… ඒකෙ චීස්! පිස්සු හැදෙනව ඈ… පදමට බැදුණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලට මොසරැල්ල චීස් තොගයක් උණු කරල දාලා, ටොප් කියන්නේ... ඒ විතරක් නම් බැරියැ, හොඳ හැටි චීස් ගෑවුණු ෆ්‍රයිස්වල සෝසුත් ගාගෙන කද්දි, නොම්මර එකයි ආයෙ.

ෆ්‍රයිස් කන ගමන් හෙමින් සැරේ මම රයිස් එකත් ළංකර ගත්ත. මොකද ඒ වෙද්දිත් යාළුව කාටුන් බලනවනෙ.

ඒකෙ රයිස් එක නම් නිකම්ම රයිස්. හැබැයි මික්ෂර් එකක් තිබ්බා.. චොප්සියක් වගේ.. ඒකෙ නැති දෙයක් නෑ කියන්නකො. කැරට්, ගෝවා, ඉරිඟු, බේබි කෝන්, වට්ටක්කා, මෑකරල් වගේ එළවළු අතරට පොඩි පොඩි චිකන් කෑලිත් තොගයක්. ඊටත් ඒකෙ රස! හරිම මාරයි. එළවළු රස වගේම සෝස් රසක් එක්ක ලා ක්‍රීම් රසකුත් එනව. අනේ මන්දා, ඇත්තටම ඒක නම් එයාලගෙම එකක්ද කොහෙද.

අවුල වුණේ රයිස් එකෙන් කට දෙක කාගෙන යද්දි යාළුව මගේ පැත්ත බලපු එකනෙ. මම මරේ කියල දෙසනව දැක්ක විතරයි මූට නිකම් යකා වැහුණ වගේ. ගත්තනෙ බත් පිඟාන ඇදල.

හැබැයි සවුත්තු වැඩේ වුණේ. පොර බත් පිඟාන ගත්ත විතරයි අනික් පැත්තට බීෆ් සබ් එකෙ මේසෙට ආවා කියන්නකො.

කින්ඩි හිනාවක් දාලා මම වැඩ පටන් ගත්තෙ.

ගත්ත ගමන් කෑවා බර දාලා කටවල් දෙක තුනක් එක පේළියට. ෂැහ්! “රයිස් නම් මොනාද” කියල කියන්නත් හදල නිකම් හිටියෙ, හදිස්සියෙවත් මේකා හිතුවොත් සබ් එක හොඳයි කියල, ඒකත් මට අහිමි වෙනවනෙ.

කිව්වට විශ්වාස කරන්න යාළු ඇත්තටම සබ් එක පංකාදු පහයි. කටට සැරට, ක්‍රීම්, සෝස් එහෙමත් මදි නොකියන්න දාලා හදපු බීෆ් තොගයක් මැද්දට අතුරලා, ඊට උඩින චීස් පෙති දෙකකුයි සලාද කොළ අඩුම කුඩුමයිත් තියල ලෙසටම හදල තියෙනව. අනික ඒ බීෆ්වල රසත් හිතා ගන්න බැරි විදියට… සබ් එකටම ගැලපෙනවනෙ. ඒකට ඇවිල්ල තිබ්බ බැදපු අල කෑලිත් නියම කටගැස්ම. සබ් කටයි අල කෑල්ලයි.. රම්පෙට පොරි වගේ නැගල යන්නෙ ඕං…

ඔය අතරට ආපු තිබහ නිව්වෙ ලටේ එක. ඒකත්! හොඳ කූල් එකට, කෝපි රසෙනුත් අඩු නැතුව, කිරි රසයි පැණි රසයි නූලට තියෙන්න… වැඩිය ඕන නෑ, බොන්න බොන්න ආස හිතෙනව ඈ.. වැඩේ වුණේ ඒකත් එක්ක සබ් එක කාලා ඉවර වෙද්දි මට නිකම් හෙල්ලෙන්න බෑ කියන්නකො.

චීස් ෆ්‍රයිස් ටිකක් ඉතුරු වෙලා තිබ්බ. ඒකෙන් එකක් කාගන්න බැරි තරමට, නිකම් ආසාවට. සත්තයි, මටම හිතා ගන්න බෑ එදා නම් වුණ දේ හොඳේ!


TIP

Try Chew Sandwich

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

17A, Frankfurt Place, Colombo 04

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
5
Similar Places

User Reviews
D
2

5/5

0

Dinu Horadugoda

Great place n great food!!😍

R
1

5/5

1

Review artist

So great to visit a new and unusual Resteraunt in our beautiful city amazing food and staff that make you feel at home right away. Love love love the jasmine rice and the burger patties the deserts and the ice cream is best in town - go there - now! whoa did I mention the sushi it’s ridiculous ya”ll

D
2

5/5

0

Dinu Horadugoda

Great place n great food!!😍

R
1

5/5

1

Review artist

So great to visit a new and unusual Resteraunt in our beautiful city amazing food and staff that make you feel at home right away. Love love love the jasmine rice and the burger patties the deserts and the ice cream is best in town - go there - now! whoa did I mention the sushi it’s ridiculous ya”ll

See 2 Comments