Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Gemi Uyana

No. 397, Galle Road, Colombo 3.

  • Open until 08:00 PM


A buth kade serving decent packs throughout lunchtime.



පානදුර පැත්තේ තියෙන ප්‍රසිද්ධ ම බත් කඩවල්වලින් එකක් තමයි “ගැමි උයන”. කෑමකට ගොඩ වෙලා නැතත්, ගාලු පාරෙන් ආ ගිය ඕනේ කෙනෙක්ට, පාරේ අයිනේ තියෙන මේ බත් කඩේ ලේසියෙන් ම මීටර් වෙනවා. මොකද ඇත්තට ම මේකේ තියෙන්නේ අපේ ඔය ගම් පළාත්වල තියෙන පොල් අතු හෙවිල්ලපු ගෙදරක පෙනුම.

ඔන්න ඔය ගැමි උයනේ බ්‍රාන්ච් එකක්, කොල්ලුපිටියෙත් ඇරලා. මීට මාසයකට දෙකකට වගේ කලින් තමයි මේ බත් කඩේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් පහුගිය දවසක දිනිතියි මායි ගැමි උයනට ගොඩ වුණේ දවල් කෑමකට. 

තැන 

ගැමි උයන තියෙන්නේ කොල්ලුපිටියේ මැක්ඩොනල්ඩ්’ස් එක ඉස්සරහ. අර පානදුරේ ගැමි උයනේ තියෙන ගමේ ගතිය ලාවට වගේ මෙතැනිනුත් දැකගන්න ඇහැකි. පොල් අතු හෙවිල්ලපු වහලේ හුඩ් එකෙනුයි, ඇතුළේ තියලා තියෙන ලී පුටු මේස ටිකෙනුයි තමයි ඒ පෙනුම මේ ගැමි උයනටත් ඇවිල්ලා තියෙන්නේ.

දවල් වරුවට මෙතැන තදබදේ නම් ටිකක් වැඩියි. මොකද වටපිටේ තියෙන ඔෆිස්වල ගොඩක් අය කන්න එන්නේ මෙතැනටනේ. කෑම දාපු හට්ටි මුට්ටි ටික තියෙන ෂෝ කේස් එක ළඟට බිල් කඩන කවුන්ටරේ ළඟ ඉඳල ම පෝලිම.

කෑම බීම 

අපි ගැමි උයනට ගොඩ වැදුණු දවසේ තිබුණේ බත් වර්ග ජාති දෙකයි. ඒ සුදු බත් සහ රතු බත්. මස් හෝ මාළු දෙවර්ගෙන් එකක් එක්ක, කරි වර්ග හතරක් ගන්න ඇහැකි. හැබැයි මස්, මාළු හැරුණා ම කරි වර්ගවල තේරීමක් කරන්න අපට බැහැ. ඒ කට්ටියට හිතෙන ජාති තමයි දාලා දෙන්නේ. අනික තෝරන්න කියලා ලාස් ගණන් කරි ජාති ඇත්තෙත් නැහැ. 

දිනිති ගත්ත “කට්ල්ෆිෂ් රයිස්” (රු.280) එක තමයි මේ. කට්ල්ෆිෂ් එක ශේප් එකේ තිබුණට, මේ බතේ අනිත් කරි වර්ග ගැන නම් ඒ හැටි හොඳක් කියන්න අමාරුයි. මොකද බත් එකත් ටිකක් ලාබ ටයිප් එකේ එකක්. හරි ම වේලුණු ගතියයි. පරිප්පු එකෙත් කියන්න තරම් අරුමයක් නැහැ. පොඩ්ඩක් ලුණු, මිරිස් රස මීට වඩා වැඩි වුණා නම් ඔයිට වඩා රස වෙන්න තිබුණා. කංකුන් බැදුමත් ඔහේ හැදුවා වගේ එකක්. තෙල් රසත් තරමක් වැඩියි. මොනවා වුණත් ගොටුකොළ සම්බෝලේ හොඳට තිබුණු එක අපට සෑහෙන්න අල්ලලා ගියා. මොකද යහමින් රතු ලූණු, දෙහි එහෙමත් එකතු කරලනේ. 

මම ඕඩර් කළේ “චිකන් රයිස්” (රු.230) එකක්. කලින් බත් එකේ තිබුණු ගොටුකොළ සම්බෝලේ වෙනුවට, මේකේ තිබුණේ කෙසෙල්මුව බැදුමක්. අනේ ඒකෙත් කියන්න තරම් රසක් නැහැ. ඕනේ කරන තුනපහ එකක්වත් හරියට වැටිලා නැති ගානයි. චිකන් කරිය ශේප් එකේ හොඳට තිබුණා. ඒකට නම් ලුණු ඇඹුල් ගානට දාලා වගේ. 

ඩෙසර්ට් එකට අපි ගත්තේ වටලප්පමක් (රු.50). පොඩ්ඩක් පැණි රස වැඩි ගතියක් තිබුණට, මේ වටලප්පමේ ටෙක්චර් එක සෑහෙන්න හොඳයි. 

සර්විස් එක 

ගැමි උයනේ සර්විස් එක නම් මීට වඩා ටිකක් දියුණු වෙන්න ඕනේ. මොකද අපි කෑම ටික ගන්න ම විනාඩි 15ක් විතර පෝලිමේ හිටියා. අපට පෙනුන විදියට මෙතැන වැඩට ඉන්න ප්‍රමාණය මදි. මොකද හට්ටිවල කෑම හිස් වෙද්දී, ආයේ ඒවා පුරවන්නවත් කෙනෙක් නැහැ වගේ. ඒ නිසා බෙදන බත් පතක් ගාණේ කුස්සියට ගිහින් තමයි ඒ කට්ටිය ඒවට කරි බෙදාගෙන ආවේ. 

අවසාන වශයෙන්

ප්‍රනීත, ලන්තෑරුම, උදුම්බරා, ජාඩි සමඟ ගමේ කෑම වගේ බත් කඩවල් එක්ක සලකලා බැලුව ම නම්, ගැමි උයනේ තත්ත්වය මීට වඩා දියුණු වෙන්න ඕනේ කියලා කියන්න ම වෙනවා. කෑම බීමවල රස ගැන විතරක් නෙවෙයි, සර්විස් එක ගැනත් මීට වඩා සැලකිල්ලක් දක්වන්න පුළුවන් නම් හොඳයි. මොකද ගෙවන ගාණේ හැටියට ලැබෙන වටිනාකම හුඟක් මදි. 


TIP

We recommend the Chicken Rice and Curry.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No. 397, Galle Road, Colombo 3.

Directions

It's right opposite McDonald's on Galle Road.

Report Inaccuracy

Open until 08:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment