Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Gi-Gi Flavours

No. 6-A 10th Ln, Colombo 03


Gi-Gi Flavours is an affordable option for some fine Sri Lankanised Chinese food in Colombo.



චයිනීස් කඩවලින් කන්න ගියාම හැම වෙලේ ම මූණ දෙන්න වෙන කේස් දෙකක් තියනවා. එකක් තමයි ගණන් වැඩිකම. අනික එච්චර ගාණක් දීල ගන්න කෑම රහ නැතිකම. එක්කො ලුණු රහ වැඩිකම. දන්නව නේ එම් එස්‌ ජී. ඉතින් කාල ඉවර වුණාම ඉවසන්න බැරි තරං වතුර තිබහයි. හැබැයි මේ කේස් එකකටවත් මූණ නොදී චයිනීස් කන්න මේ ළඟදි දවසක අපිට පුළුවන් වුණා. ඒ ගිගී ෆ්ලේවර්ස් එකෙන්.

තැන

කොල්ලුපිටියේ තියන ගිගී කලම්බෝ සිටි හොටෙල් එකේ ම කොටසක් මේ රෙස්ටොරන්ට් එක. සෑහෙන ඉඩකඩ සහ සීටින් ස්පේස් තියන ලොකු ම ලොකු රෙස්ටොරන්ට් එකක්. ඒත් වැඩිය කවුරුත් ම හිටියෙ නෑ අපි ගිය වෙලාවෙ නං. අපේ විශ්වියි මායි ඇරුණම තව තනි ටේබල් එකක එක්කෙනෙක් විතරයි මුළු රෙස්ටොරන්ට් එකට ම හිටියේ. තැන පිරිසිදුයි, පිළිවෙළයි, ප්‍රසන්නයි. බලන්න කවුරුත් හිටියෙ නැති වුණාට බිත්තියක ලොකු ටීවී එකකුත් ඔන් එකේ තිබුණා.

කෑම

චිකන්, බීෆ්, සීෆුඩ් ජාතිවලින් සමන්විත මෙනු එකක් තමයි මෙතන තියෙන්නේ. ස්ටාටර් එකක් විදිහට අපි ප්‍රෝන් ක්‍රැකර්ස් (රු. 200) ගත්තා. මේ තියෙන්නේ ස්නැක් එකක් විදිහට කඩේ පැකට් කරල තියන ප්‍රෝන් ක්‍රැකර්ස්මයි. හැබැයි හොඳ ක්‍රිස්පි ගතියයි. ඒ වගේ ම අලුත් බව තේරෙනවා. 

ඊළඟට අපි ඕඩර් කළේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 700), ඩෙවිල්ඩ් චිකන් එකයි (රු. 550), බීෆ් විත් මෂ්රූම් ඇන්ඩ් කැෂු එකයි (රු. 650)

සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් කිව්වට මොකද මේක පෙනුමෙන් නාසිගුරන් පැත්තටයි බර. බැදපු බිත්තරයක් එක්ක තමයි ආවෙ. යහමින් සෝස්, කුළුබඩු වගේ ම සීෆුඩ් ගොඩක් දාල හදපු ෆ්‍රයිඩ් රයිස් එකක්. පේනව නේ පාට. ඒ වගේමයි රහත්. මදි පාඩුවට තව ලීක්ස්, කැරට් කෑලි එක්ක ලූනු රවුම් එහෙමත් එකතු කරල තිබුණා. අපි ගත්තේ මීඩියම් පෝෂන් එකක්. මේ පෝෂන් එක තුන් දෙනෙකුට මදි නොවෙන්න හොඳට ෂෙයා කරගෙන කන්න පුළුවන්.

ඩෙවිල්ඩ් චිකන් පෝෂන් එකත් මීඩියම් හෝ ලාජ් සයිස්වලින් ගන්න පුළුවන්. අපි ගත්තේ මීඩියම් සයිස්. මේක පැණි රහයි සැරයි තිතට බැලන්ස් කරපු ඩෙවල් එකක්. ෆ්‍රයිඩ් චිකන් කෑලි ටික හොඳ සොෆ්ට් ගතියයි. ග්‍රේවි එක ලූනු, අමුමිරිස්, තක්කාලිවලින් සරුසාර වෙලා උකුවට තිබුණා.

මේ තියන්නේ බීෆ් විත් මෂ්රූම් ඇන්ඩ් කැෂු එක. මේකත් මීඩියම් සයිස් පෝෂන් එකක්. හැබැයි අපි දෙන්නා කාලත් තව එක්කෙනෙකුට විතර කන්න ඉතුරු වුණා. කැරට්, බෝංචි, ලූනු, හතු සහ කජු උපරිමයෙන් දාලයි මේක හදල තිබුණෙ. බීෆ් කෑලිවල හයිය ගතිය නං කොහොමත් තිබුණා. ඒ හැටි නේ. හැබැයි ශ්‍රී ලංකන් චයිනීස් රහ එන්න නියමෙට සීසනින් කරලා තිබුණා. 

බීම

බීම විදිහට මේගොල්ලො ළඟ ෆෘට් ජූස්, මිල්ක්ෂේක්, මොහිටෝ එහෙම තියනවා. අපි ගත්තෙ ඔරේන්ජ් ජූස්. (රු. 300) මේකේ වතුර ගතිය ටිකක් වැඩියි. සමහර විට අයිස් කැට ගොඩක් දාල හින්ද වෙන්න ඇති. ඒත් හොඳ දොඩං රහ එක්ක සීනි ලුණු ඇඹුල් ගාණට බැලන්ස් වෙලා තිබුණා.

සර්විස් එක

ස්ටාෆ් එකේ ගොඩක් අය ඉන්න බවක් පෙනුණේ නෑ. සර්ව් කරන්න හිටියෙ එක්කෙනයි. එයත් ටිකක් ඈතින් තමයි හිටියෙ. ඒ හින්ද අල්ලගන්න ටිකක් අමාරුයි. ඒත් සර්විස් එකේ වරදක් නෑ.

අවසාන වශයෙන්

අපේ කෑමබීම ඔක්කොටම ගියේ රු. 2400යි කියන්නකො! සාක්කුවට දැනෙන්නෙත් නැතුව, ශ්‍රී ලංකන් ස්ටයිල් එකට බඩ පැලෙන්න චයිනීස් කන්න, කියාපු ම තැන. උඩින් ම රෙකමදාරු කරතහැකි!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment