Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF essentials sbb 2

3/5

Gihans Family Restaurant

68, S De S. Jayasinghe Road, Kohuwala Dehiwala, Colombo


A great place for a quick lunch or dinner.



අපේ මැන්ටලේගෙ ‘අවාසනප්පාටිය’? මතකයි නේ…

අන්න එදා අපි තැන් දෙකකින් බයිට් ගෙනාවා කිව්වෙ. ඒ එකක් කොත්තු ලැබ්ස්නෙ. අනික තමයි ‘කොහුවල ගිහාන්ස්!’

ඇත්තටම බයිට් සොයා යන ගමනේ ගිහාන්ස් එකට ගොඩ වෙන්න විශ්විගෙවත් මගෙවත් කිසිම අදහසක් තිබ්බෙ නෑ. ඒත් අපි කොල්ලුපිටියෙ ඊස්ටන් වොක් එකට යද්දිම ඒකෙ දොරවල් වැහුවනෙ. බැලින්නම් වෙලාව 2.30යි.

“ඒ… මොකෝ බං කරන්නෙ”

“අන්න ඒකනෙ බං විශ්වියො මං ප්ලෑන් එකේ B කොටසක් තියාගත්තෙ, කෝකටත් කියල. ඔහොම්මම අදිමු කොහුවල ගිහාන්ස් එකට”

ඔන්න ඕකයි වුණේ.

ගිහාන්ස් එකට ගොඩවුණු සනිකව අපි ඇල්ලුවෙ ටේකවේ කුස්සිය. එතනට ගිහින් කැෂියර් එක ළඟ තිබ්බ මෙනුව පෙරළල බැලුව මොනවද ඕඩර් කරන්නෙ කියල.

“ඒ… මට්න් ඩෙවිල් එකක් (රු. 1200) ගමු බං. කාලෙකින් මට්න් කෑවෙ නෑ”

විශ්විට, මං පොඩි අයිඩියා එකක් දැම්ම. ඒ අතරට එයා තෝරල තිබ්බ ගිහාන්ස් ස්පෙෂල් මික්ස් ග්‍රිල් එකකුත් (රු. 1200).

“හ්ම්ම්… රයිස් මොනව හරිත් ගමු නේ බං”

මෙනුව බලන ගමන්ම විස්තරේ දාපු මම ගිහාන්ස් ස්පෙෂල් මික්ස් රයිස් එකකුත් (රු. 950) ඒ ඕඩරේටම දැම්ම.

කියන්න සන්තෝසයි යාළු හිතුවට වැඩිය ඉක්මනට කෑම ටික අපේ අතට ආවා. දෙයියනේ කියල ඒ වාසියෙන් ඔෆිස් ටයිම් ට්‍රැෆික් එක පන්න ගන්නත් පොඩි චාන්ස් එකක් සෙට් වුණා. එ්කත් ඉතින් මහ ගොඩක් කලින් නෙවෙයි 4.30 වගේ.

ඒ එද්දි පාර්ටියට සියල්ල ලෑස්තියි. කේක් කපල, තෑගි දීලා, සෙනි සෙනිකව අපි අඩිය ගහන වැඩේ පටන් ගත්ත. කොහොම හරි මුල්ම සොට් ටිකත් එක්ක නැගල ගියේ කොත්තුනෙ. ටික වෙලාවක් යද්දි තමයි මට මතක් වුණේ මට්න් ඩෙවිල්.

හප්පේ… කිට්ටු කරල බැලින්නම්. ඒකෙන් කාලක් විතර ඉවරයි කියන්නකො. චින්තකයයි, වටේ ඉඳපු කට්ටියයි වැඩේ දීලා. එක මොහොතක්වත් ප්‍රමාද නොවී මාත් ගත්ත මට්න් කෑල්ලක්. අරගෙන, පොඩි සොට් එකක් හලා ගන්න ගමන් බැලුව රස කොහොමද කියල.

ෂහ්! ටොප් බඩුනෙ. හැබැයි සැර ටිකක් මදි. මගෙ හිතේ ඒක වෙලා තියෙන්නෙ ඩෙවිල් එකට සෝස් අම්බානක දාපු නිසා වෙන්න ඕන. මොකද ඒකෙ තිබ්බ මාළු මිරිස්, ළූණු, කැරට් වගේ ඒවගෙන් ආවෙත් සෝස් රසමනෙ. කෙසේ වෙතත් ඩෙවිල් එකේ මට්න් කෑලි ටික නම් පංකාදු පහයි. මොනව හරි දාලා නියම ගාණට පදම් කරල. අනික කෑලිවල සයිස් එකත් සාමාන්‍යයෙන් ලොකුයිනෙ. ඒකත් කෑලි 15ක් 20ක් විතර තිබ්බ නිසා හරි හමන් ඩබලකට නම් බෝතලයක් ගහන්න වුණත් ඇති ඉතින්.

ඔය අතරෙ මගේ ළඟින්ම තිබ්බ මික්ස් ග්‍රිල් එකෙනුත් කෑල්ලක් දෙකක් අරගෙන මම පොඩ්ඩක් රස බැලුව.

සිකේ… ඒ මොකද ඒ… ග්‍රිල් කිව්වට ඒකෙ කිසිම ග්‍රිල් ගතියක් නෑ. තනිකරම ඩෙවිල්. කොටින්ම කියනව නම් පිච්චිච්ච, වේලිච්ච ගතියක් ගෑවිලාවත් නෑ. හැබැයි මස්, මාළු, එළවළුවලින් නම් පිඟාන පිරිල. චිකන් ඩ්‍රම්ස්ටික්, තඩි දැල්ලො කැරලි, ලොකු ඉස්සො, කකුළුවො, රස කරපු මාළු පෙති විතරක් නෙවෙයි තම්බපු බෝංචි, කැරට් වගේ එළවලුත්!

ඒත් ඉතින් අවාසනාවට ඒ කිසිම දෙයක රස නම් හරියට දැනෙන්නෙ නෑ. ඒ තරමට සෝස්. අනේ මන්ද ඉතින්, එක්කො බැරි ඒව නොකර ඉන්නෝනි…

කිව්වට විශ්වාස කරන්න යාළු රයිස් එකෙත් මහ ලොකු ගතියක් නෑ ඉතින්. සයිස් එක හොඳයි. හැබැයි බත් ඇට ටිකක් වේලිලා වගේ. අනික රසත් ටිකක් මදි. කොහොම වුණත්, රයිස් එකත් කැරට්, ලීක්ස්, බෝංචිවලින් නම් පිරිලා. ඒ විතරක් නෙවෙයි, ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, බුල්සායි කෑලි 2ක් එහෙමත් තිබ්බ. දෙයියනේ කියල කන කන කටට මසක් මාළුවක් සෙට් වුණ නිසා මිසක්, නැත්නම් ඉතින් රයිස් එකත් ෆේල් තමයි.

“ආයෙ ඉතින්…”

ආයෙ ඉතින් ඕකට යනවද නැද්ද කියන එක තමයි කල්පනා කරන්න වෙන්නෙ. මොකද ඉස්සර නම් ගිහාන්ස් කිව්වාම ආයෙ… මුළු ටවුමම දන්නවනෙ.

ඒත් දැන්...?


TIP

Try the chicken biriyani and the mango juice! Yumm-my!


Similar Places

See 1 Comment