Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

5/5

Ginirachcha

Colombo - Horana Rd, Piliyandala


Your best bet for Pork-Roast Paan combo in Piliyandala.



කොම්පියටරේ වැඩක් කර කර ඉන්න අතරට.. අපි කාගෙත් පුරුද්දක්නෙ, නිකමට ෆේස්බුක් පැත්තෙ රවුමක් ගහල එන එක. අන්න එහෙම රවුමක් ගහද්දී, මට අපේ යාළුවෙක් දාපු අපූරු පෝස්ට් එකක් පෙන්නුම් කලා. එසේ මෙසේ එකක් නෙවෙයි, පෝර්ක් සමඟ යම් යම් කෑම ටිකක් තියෙන කඩයක් ගැන. එකම අවුල තිබ්බෙ ඒ කඩේ තියෙන්නෙ අපිට ටිකක් දුරින් වෙච්ච එක. ම්.. ඒත් ඉතින් එහෙමයි කියල නොකා ඉන්න පුලුවනයැ. හැරත් පෝර්ක්, පරිප්පු, පොල්සම්බෝල එක්ක.. ඉඳිආප්ප, රෝස්ට් පාන්..!

හරි හරියට පෝස්ට් එකේ උඩ පහළට ගියපු මම ඉස් ඉස්සෙල්ලාම කලේ අපේ විශ්විට ඒක පෙන්නපු එක. ඒ වෙලාවෙ ඉඳන් ඉතින් එයාටත් විසුමක් නෑ.. “ඒ.. අපි ලබන සතියෙ යං ඈ. ලබන සතියට දාගෙන ඉඳපු එක ඊට පස්සෙ සතියට දාමු හොඳේ.. ඒ හාද?”

“හා හා..” මාත් ඉතින් බැණුම් නාහා වැඩේ ගොඩින් බේරගත්ත. බේරගෙන කරල හෙමින් සැරේ දවසක් එහෙමත් දාගෙන…

ඔන්න හැන්දෑවෙ 5 අල්ලලා, නැග්ග නුගේගොඩින් වීල් එකකට. නැගල කරල කොහොමහරි අපි කැස්බෑවට කිට්ටු කරද්දි 6ටත් කිට්ටුයි. ඒත් එළිමහනෙ තිබ්බ ‘ගිණි රච්චා’‌ගෙ නියම පෙනුම සෙට්වෙලා තිබ්බෙත් ඒ වෙලාවෙමයි. ලස්සනට ලයිට් ටිකක් දාලා, පොඩි මියුසික් පාරකුත් එක්ක, ප්‍රධාන පාරට බෝඩර් වෙන්න පොඩි මේසයයි, පුටු 4යි.

ම්.. ඒ විතරකුත් නෙවෙයි, ගුඩ් ඊව්නින්ග් කියල ලස්සන හිනාවක් දාගෙන ඉස්සරහට ආපු කඩේ මිත්‍රයා.. එයාගෙ බිරිඳ..

ෂැහ්.. කියල වැඩක් නෑ යාළු සේවාව නම් වචනෙ ඉඳන්ම මල් 7යි. වැඩිය ඔ්න නෑ, අපි මේසෙට වාඩිවෙලා අනික් පැත්තට.. මෙනු 3ක් අපේ ලඟ. ඒ ටික බලන අතරට වතුර වීදුරු ටිකයි, ඉල්ලපු ඊජීබී, ක්‍රීම් සෝඩා දෙකයිත් අපේ ලඟ. ඒ ඔක්කොම සෙට් කරලා.. කඩේ මිත්‍රය ඉන්නව සද්ද නැතුව එතනට වෙලා හිටගෙන, අපි ඔ්ඩරේ දෙනකම්.

“අපිට.. පෝර්ක්, ඉඳිආප්ප පෝෂන් එකයි (රු. 400), චිකන් රෝස්ට් පාන් පෝෂන් එකයි (රු. 500), පෝර්ක් රයිස් ඇන්ඩ් කරි පෝෂන් එකයි(රු. 500) ගන්න පුලුවන්ද?”

“පුලුවන් සර්. විනාඩි 5ක් දෙන්න..”

කියල, මිත්‍රයා ගියා ඇතුලට. ගිහිල්ල විනාඩි 5කුත් නෑ ඇත්තටම. මෙන්න ඉඳි ආප්ප, රෝස්ට් පාන්, බත් ටික මේසෙ උඩට. ඊට පස්සෙ හෙමිහෙමිහිට එනව තඩි පරිප්පුවකුයි, දැක්කාම කන්න ආස හිතෙන පොල් සම්බෝලයකුයි..

ඊටත් පස්සෙ, උණු උණු චිකන් කරියයි, පෝර්ක් කරි 2යි!

ආයෙ ඉතින්, ඊට පස්සෙ නම් අහන්න එපා මිත්‍රවරුනි හුස්මක් ගත්ත වෙලාවක් මතක නෑ එක්කෙනෙක්ටවත්.. කිරි අප්පේ.. කාගෙන කාගෙන ගියපු කෑමක්.

නිකමට හිතන්නකො රස පදමට බෝල කොච්චි, ඉඟුරු, සුදුළූණු එක්ක මිරිස් තුනපහ ටිකත් හොඳහැටි දාලා ලාවට හින්දල ගත්තු පෝර්ක් කරියක්.. ඒකත් මස් කෑලිවලින්ම!

ඊටත් මම පටන් ගත්තෙ ඉඳි ආප්ප වලින්..

බලන් ඉඳිද්දි වාශ්පවුනේ ඈ.. කොහොමහරි පරිපුවත් පෝර්ක් කරියටම කැපෙන්න නූලට කිරිටික දාලා හොද්ද තියෙන්න අරගෙන තිබ්බ. ඔක්කොමත් හරි පොල්සම්බෝලෙ.. ඉඳි ආප්ප වලට කෙසේ වෙතත් ඒක උණු උණු සම්බාහාලෙ බතට නම්..

හැබැයි එකක්, ඒකට තව උම්බලකඩ ටිකකුයි, මිරිස් ටිකකුයි එන්න ඔ්න. එතකොට තමයි ලංකාවෙ අපිටම කියාපු පදමට සෙට් වෙන්නෙ, හ්ම්…

ඔය අතරට මම නිකමට විශ්විගෙන් රෝස්ට් පාන් කෑල්ලක් ඉල්ලගෙන රස බැලුව චිකන් කරියත් එක්ක. රඹටි හැලෙයි කිව්වලු.. බොලේ ඒකෙ ඒ හැටි දෙයකුත් නෑ. හැබැයි රස! කොටින්ම කියතොත් මිරිස් තුනපහ අඩුම කුඩුම පදම මස්වලටත් අල්ලල.. 

එහෙම තියෙද්දි ඒකත් එක්ක ගැලපුවා පරිප්පු ටිකකුත්.. 

එපමණයි, හතර ජාතිම කෑවා..

හම්මෝ ඉන්න බෑ ඉස්මුරුත්තාවයි. 

සත්තයි, අන්තිමට බොහෝම අමාරුවෙන් ඉඟුරු ප්ලේන්ටියක් බීලා ගොඩ ආවෙ, හ්ම්..

මේ, ‘ගිණි රච්චා’.. ඔයාලත් අනිවා යන්න ඔ්න ප්ලේස් එකක්. හැබැයී… කනකොට පරිස්සමෙන්. නැත්නම් බඩ පැළිලා එලොව යන්නෙ..!


Similar Places

User Reviews
T
1

5/5

0

Thilina.ac

Best place around Kesbewa for Pork Curry and Roast Paan

T
1

5/5

0

Thilina.ac

Best place around Kesbewa for Pork Curry and Roast Paan

See 1 Comment