Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Gio's Al Fresco

Baladaksha Mawatha, Colombo 03

  • Closed right now


Gio's Al Fresco is Giovanni's small cousin at the Dining Capsule down Baladaksha Mawatha.



දර පෝරණු පීසා ගැන මතක් කරනකොට Giovanni's කියන්නේ අමතක නොවෙන නමක්. ඒ තාලෙට පීසා හදන රෙස්ටෝරන්ට් බොහොමයක් කොළඹ තිබුණත්, Giovanni's තරම් ඒ වැඩේ හොඳට කරන කට්ටියක් අපට තවමත් හම්බවෙලා නැහැ. ඉතින් ඔන්න මෙයාලගේ අලුත් රෙස්ටෝරන්ට් එක තමයි Gio's Al Fresco. අර කොටුවේ අලුතෙන් දාපු ඩයිනින් කැප්සුවල් එකේ තමයි මේක තියෙන්නේ.

එකම වෙනස තමයි මෙතැන පීසා හැදෙන්නේ ඉලෙක්ට්‍රික් අවන් එකේ. හැබැයි ඒකයි කියලා නෑ, රසයි කොලිටියයි වෙනදා විදියට ම තියෙනවා. 

කෑම බීම 

තිඹිරිගස්යායේ තියෙන Giovanni's එකට වැඩිය මෙතැන මෙනුව පොඩියි. ඒ වුණාට මස්, මාළු, වෙජ් ජාති කීපයක් ම තියෙනවා. පීසා එන්නේ සයිස් දෙකකින් - ස්මෝල් සහ ලාජ්.

අපි මුලින් ම ගත්තේ  Spicy Chicken සහ All-meat දාපු හාෆ්-ඇන්ඩ්-හාෆ් පීසා එකක් (රු. 2000).

All-meat එක වෙනදා වගේ ම සුපිරියට තිබුණා. බලන්න එපායැ ඒකෙ තිබුණ මස් ජාති ටික! බේකන්, පෙපරෝනි, චෝරිසෝ සොසේජස්, හැම්, චිකන් - මේ හැමදේම අඩුවක් නැතුව දාලා තිබුණ නිසා හරිම ස්මොකි ටෙස්ට් එකක් දැනුණා. ක්‍රස්ට් එක අර පරණ පුරුදු Giovanni's එකේ ක්‍රස්ට් එකට වැඩිය චූට්ටක් විතර ගනකම්. ඉලෙක්ට්‍රික් අවන් එකෙන් හදන නිසා කියලයි අපි හිතන්නේ. ඒත් අපට ඒක වෙනසක් නොතේරුණ තරම්. මොකද ක්‍රිස්පි ගතියෙන් අනූනයිනේ. කරස් ගාලා හැපෙන්නේ.

Spicy Chicken එකෙත් චිකන් කෑලි තොගේ! අනික නමේ තියෙන විදියට ම මේ පීසා එක ස්පයිසි. මොකද කෑලි මිරිස් ගොඩක් දාලා තිබුණනේ. ඒ හැරුණාම බෙල් පෙපර්, බ්ලැක් ඔලිව්ස්, ලූනු එහෙමත් යහමින් එකතු කරලා තිබුණා. 

Gio's Al Fresco එකෙන් කැල්සෝන් ගන්නත් පුළුවන් බව දැනගත්තේ එතැනට ගියාට පස්සේ. ඉතින් අපි Four Cheese Calzone (රු. 1400) එකකුත් ඕඩර් කළා. ඔය කැල්සෝන් කියන්නේ සාමාන්‍යයෙන් හදන පීසා එක දෙකට නවලා බේක් කරන එකනේ. උණු චීස් බේරි බේරි මේසෙට ආව මේ කැල්සෝන් එක පට්ට. ක්‍රස්ට් එකේ බොහොම ලස්සන කහ පාටක් දැකගන්න ලැබුණා. සොෆ්ට් ටෙක්ස්චර් එකක් එක්ක, පොඩි චුවී ගතියක් දැනෙන්න වගේ ම, ක්‍රිස්පි කොලිටියකුත් ලැබෙන විදියට තමයි මේක බේක් කරලා තිබුණේ. 

බීමට අපි ගත්ත Narang Juice (රු. 300) එක සිරා. මේක ස්වාභාවික නාරං රස පිරුණු බීමක්. සීනිත් ගානට.

තැන සහ සේවාව 

රිලැක්ස් එකේ කෑම ගන්න පුළුවන් වාතාවරණයක් මේ ඩයිනින් කැප්සුවල් එකේ තියෙනවා. එකම අවුල ඉතින් වැස්සක් ආවම තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැනක්වත් හරියට නැති එක තමයි. අනික පාරේ සද්දෙනුත් තරමක් බාධා වෙනවා. ඒක ඒ හැටි ගාණක් වෙන්නේ නැත්තේ Gio's Al Fresco එකෙන් හොඳ සද්දෙට සින්දු ටිකක් දාන නිසා. 

සර්විස් එක පැත්තෙන් ගත්තත් Gio's Al Fresco එකේ තත්ත්වය බොහොම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේ ම ටක් ටක් ගාලා කෑම ටික ලෑස්ති කරලා දෙනවා. 

අවසාන වශයෙන් 

පීසා කිව්වොත් දර පෝරණු ද, ඉලෙක්ට්‍රිකල් අවන් ද කියන එක Giovanni's එකට අදාළ ම නැහැ. ඔය කොයි විදියෙන් වුණත් පංකාදු පහේ පීසා එකක් හදන්න එයාලට පුළුවන්. ඔයත් වෙලාවක ගිහිල්ල ම බලන්නකෝ. පීසා කෑල්ලක් කන ගමන් බියර් එකක් එහෙම තොලගාන්නත් අදහසක් තියෙනවා නම්, Gio's Al Fresco එකේ එහාපැත්තෙ තියෙන Box Bar එකට පොඩ්ඩක් ඔළුව දාලා බලන්න.

Address

Baladaksha Mawatha, Colombo 03

Contacts

E-Mail Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
4

Similar Places

User Reviews
T
1

4/5

0

Taamer

I got the spicy chicken pizza and it wasn't spicy as I thought it would be but the narang juice was top notch…. but all in all I got the small and I think it will be enough for two although I ate it all by myself 🙈

C
7

3/5

0

curious

Time we tried the pizzas were dripping with oil. Yamu… reviews tend to be biased some times…

T
1

4/5

0

Taamer

I got the spicy chicken pizza and it wasn't spicy as I thought it would be but the narang juice was top notch…. but all in all I got the small and I think it will be enough for two although I ate it all by myself 🙈

C
7

3/5

0

curious

Time we tried the pizzas were dripping with oil. Yamu… reviews tend to be biased some times…

See 2 Comments