Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Gold Star Hotel & Bakery

Mount Lavinia, Dehiwala-Mount Lavinia, Western Province

  • Closed right now


Delicious Sri Lankan Chinese food and lot of meat varieties to taste



ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා කිව්ව වගේ තමයි. පෙනුමෙන් කඩවල් මනින්නත් නරකයි.

මොකද.. මෙන්න මේ වගේ තැන්. ඒ හැටි, හැඩට වැඩට නැතිවුණාට කෑම තියෙනවනෙ ටොප්පෙකට!

ඔව් යාළු නිකම් හිතන්නෙවත් නැතුව අරගෙන ගියේ කොහොමත් කන එකනෙ කියල. ගිහිල්ල හිටං භාජන ටිකකට දාලා කරල මේසෙට ගලපද්දිනෙ. හප්පේ.. සුවඳ?

ඊටත් පෝෂන්වල ලොකු. සත්තයි දෙන්නෙක්ට ඇති හැටියට තියෙනව. අනික කරි අඩුපාඩුත් නොම්මර එකට නිසා.. බත් මදියක් වුණොත්, පාන්, රොටි ටිකකින් හරි ගොඩ දාගන්න පුළුවන්නෙ.

ඉතින්.. නොහිතාම ගෙනියපු කෑම අතර මම ඉස්සෙල්ලම රස බලන්න පටන් ගත්තෙ රෝස්ට් චිකන් චීස් කොත්තුව (රු. 510). මොකද ඒ වෙලාවෙ තිබ්බ බඩගින්නත් එක්ක.. ඒකම තමයි හරියන්නෙ.

වැඩේ කියන්නෙ.. ඒක නෙවෙයි, කෑම මාරයිනෙ.

බොලේ චීස් කොත්තුවෙ ඇත්තටම චීස්..

දෙයියෝ.. කිරි පොඩ්ඩක්වත් දාලා නෑ. සත්තයි ඒ චීස්මයි. මගෙ හිතේ කෑලි 2ක් විතර දාලා, හොඳට කොත්තුව ගහල. පදමට රෝස්ට් වුණු චිකන් පලුවෙ, හීනි හීනි කෑලිත් එක්ක තකට තක යන්න. ඒ විතරක් නම් බැරියැ, ඒකට කැරට්, ලීක්ස්, ලූණු අඩුම කුඩුම ටිකත් නූලට දාලා, හොඳ හැටි සැර තියෙන්න මිරිස්, චිලි පේස්ට් ටිකත් දාලා.. ෂැහ්! කියල වැඩක් නෑ. නොම්මර එකයි හොඳේ.

ඒකත් හරි කියන්න, ඊට පස්සෙ ගත්ත බිත්තර ආප්පයක්  (රු. 35) එක්ක බාබත් (රු. 210) ටිකක් කන්න කියල. රම්පෙට පොරි කිව්වලු. සත්තයි ටොප් බාබත් එක ඈ.. හැබැයි පොඩ්ඩක් ෆ්‍රයි වෙලා කරියට වැටුණ නම් තමයි මරු. මොකද ඒකෙ මස් රස, සුවඳ ටිකක් වැඩිපුර එනව. එහෙමයි කියල කරියෙ, රසේ අඩුවක් නෑ හොඳේ. පදමට ගම්මිරිස් ටිකක් එහෙමත් දාපු බිත්තර ආප්පයත් එක්ක.. කටට දෙකට… ආයෙ!

ම්… ඊටත් පස්සෙ මම බැස්සෙ ලිවර් කරියයි  (රු. 210), ඔම්ලට් පරාටා එකයි (රු. 40) කන්න. බැහැලා ඒකෙන් බාගයක් කඩාගෙන ඔන්න ලිවර් කෑල්ලක් එක්ක…

තලු මැරෙයි, රස නහර පිනායයි! ලිවර් කරිය කිව්වට ඒක නිකම් ස්ටු එකක් වගේ යාළු. මාළු මිරිස්, මිරිස්, ගම්මිරිස්, ලූණු සියලුම දේවල් දාලා, ලිවර් ගිසාර්ඩ් ටිකත් පොඩ්ඩක් කරවෙන්න අල්ලලා..

අනික බලන්න එපැයි ඔම්ලට් පරාටා එක. ඇත්තම කිව්වොත් ඒක බිත්තර රොටියම තමයි. හැබැයි බිත්තරේ විතරක් නිකම් දාලා නෑ. ඒකට ලුණු, ගම්මිරිස් එක්ක මිරිස්, කැරට්, ලීක්ස් අඩුම කුඩුම ටිකකුත් දාලා.. හාෆ් බොයිල් වගේ තියෙන්න බාලා..

තව මොනවද ඉතින්. කොහොමහරි ඒ කරිවල රසටම අන්තිමට මම ඒ ඔක්කොම කාලා ගෙදර තිබ්බ පෝරණු පාන් ගෙඩියෙනුත් බාගයක් විතරත් කෑවා ගෙනාපු බීෆ් බිස්ටේක් එකත් එක්ක. ඇයි අප්පේ.. කලාතුරකින්නෙ එහෙම සෙට්වෙන්නෙ, ආ.. නැද්ද?

කිව්වට විශ්වාස කරන්න.. පදමට ෆ්‍රයි කරපු අල්ලක් සයිස් බීෆ් පෙත්ත, හොඳ හැටියට මිරිස්, තුනපහ දාපු කරියක පදම් වෙලා..

පාන් ගෙඩියකට ගැලපෙනව කියන්නේ.. පංකාදු පහට ආයෙ, ඕං..!


TIP

Try bi-stake


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment