Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

2/5

Golden Dragon

No 94/24 Depanama, Pannipitiya


Takeaway only Sri Lankan Chinese restaurant. Food is bit saucy and not much tasty. Think twice before order.



මාර වැඩේ උනේ ලංකාවට..

නෙවේ අපිට!

ඔන්න ඊයෙ ඉතින් ඉරිදා නිසා, රෑට උයන්නත් කම්මැලියි වගේ තත්වයක් ඇවිල්ලා බැලුවා ලඟම තියෙන චයිනිස් එකක්.. රයිසක්, කොත්තුවක් බඩට දාගන්න කියලා. බලලා හිටං ෆයිනලයිස් වුනු තැන් 2, 3න් පළවෙනි තැන දුන්නා පන්නිපිටියෙ ගෝල්ඩන් ඩ්‍රැගන් එකට. දීලා ඔන්න දැම්ම ඔ්ඩරේ පික්මියෙන්..

ස්පෙෂල් රයිස් එකයි (රු. 1020), මසාලා චිකන් කොත්තුවයි (රු. 630), ස්පයිස් පෝර්ක් එකයි (රු. 860)!

දාලා අනික් පැත්තටම වගේ මෙන්න ආහාර ටික ගේට්ටුව ලඟ. විනාඩි 20ක් යන්න ඇති යාළු උපරිම. ඒ සිද්ධියෙන් පස්සෙ මාත් කොර!

කාට කාටත් පින් දිදී, “මාර සර්විස් එකක්නෙ” කියලා හිත හිත ඔන්න පැක් ටිකත් අරගෙන ගියා කුස්සියට. ගිහිල්ලා කරලා සියල්ල දිග ඇරලා පිඟන් වලටත් දාලා.. යාළුවත් එක්කම වටවුනා වැඩේට. හැබැයී..

කටයි දෙකයි, හයියෝ.. කියවෙයි!

අනේ.. තත්වය හරිම සෝචනීයයි කියන්නකො. 3 දෙනෙක්ට විතර ඇති වෙන්න තිබ්බ තඩි ස්පෙෂල් රයිස් එක, ‌චොප්සි රයිස් එකක්. ඒකත් අවුලක් නෑ, අනේ හරිම වතුර ගතියයි. සෝස් එහෙම දාලා තියෙනවා, ලෝ ම කොලිටි බඩු වලින්. හැබැයි කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, අල එහෙම නම් ඇති හැටියට පෙති කපලා දාලා. ඒ විතරක් නෙවෙයි පෑන් ෆ්‍රයිඩ් චිකන්, කට්ල්ෆිෂ්, ප්‍රෝන්ස්, පෝර්ක් සියල්ලමත්..

ලොකුම අවුල තිබ්බෙ රයිස් එක! සූදුරු සම්බා හාලෙන්. හැබැයි හාලටත් එක්කම අසාධාරණය. එක බිත්තරයයිද කොහෙද දාලා තිබ්බෙ. ආයෙ රයිස් එකත් ෆ්‍රයි වෙච්ච පාටක් නෑ. අනේ අර වතුර වගේ සෝස් ගතියත් එක්ක නිසා..

ඒකත් හරි කොත්තුව?

රොටි සියල්ල එකට ඇලිලා. නිකම් චොරයක් වගේ. මසාලා රස නම් ලාවට තිබ්බා. ඒ හැරුනාම චීස් කෑලිත් 3ක් විතරම. ම්.. රෝස්ට් චිකනුත් පොඩි පොඩියට කපලා ඇති වෙන්න දාලා.. එළවළු අඩුම කුඩුමත් ඇති පදමට තිබ්බ නිසා.. සහ චිලිපේස්ට් තිබ්බ නිසා ඔන්න කොත්තුව නම් ටිකක් කෑවා.

කෙසේ වෙතත් කණගාටුදායකම සිද්ධිය.. ස්පයිස් පෝර්ක් එක!

තනි සෝස් හැලියක් යාළු. කන්න තියා කටේ තියන්න බෑ. ලූණු, මාළු මිරිස්, තක්කාලි ඇති හැටියට දාලා වුනාට අපරාදෙ තිබ්බ පෝර්ක් කෑලිටික. අනේ තෙල් කෑලි 3, 4ක් හැරෙන්න ඉතුරු සියල්ල මස් පෙති. ඒත් අර සවුත්තු සෝස් හොද්ද නිසා කටේ තියෙන්න බෑ..
ඊටත් ස්පයිස් කිව්වාම අඩුම තරමෙ සැරක් හරි තියෙන්න එපෑ..

මොන.. පැණි රසයි!

ඡිඛ් ථුඛ්..

අපරාදෙ සල්ලි වුනා අන්තිමට.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment