Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Golden Palace (Hotel Sapphire)

Hotel Sapphire, 371, Galle Road, Wellawatta, Colombo 06

  • Closed right now


Golden Palace is hotel Sapphire's in-house Chinese Restaurant.



ගාලු පාර දිගේ නිතර යන එන කෙනෙක්ට නම්, Hotel Sapphire කියන්නේ දෑහැට නුහුරු නුපුරුදු බිල්ඩිමක් නෙවෙයි. අවුරුදු බර ගණනක ඉඳන් දෙහිවල තියෙන මේ හෝටලය ගැන හොඳ, නරක කතා බොහොමයක් අපට අහන්න ලැබිලා තියෙනවා. මොකද ඒ කාලේ තිබුණු කල එළිය දැන් පේන්නවත් නැහැනේ.

“ගෝල්ඩන් පැලස්” කියන්නේ මේ හෝටලේ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් එක. කාලෙක ඉඳන් තියෙන රෙස්ටෝරන්ට් එකක් වුණත්, අපි මේකේ රිවිව් එකක් කරලා තිබුණේ නැහැ. ඒ නිසාම තමයි පහුගිය දවසක මායි සාරායි මේ පැත්තට ගොඩවුණේ.

තැන

ගෝල්ඩන් පැලස් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ Sapphire හෝටලේ තුන්වැනි තට්ටුවේ. ඇත්ත ම කිව්වොත් මෙතැන තියෙන්නේ අනූ ගණන්වල ස්ටයිල් එකක්. සාරා කිව්වෙත් 90 දශකයෙන් වෙලාව නැවතුණු තැනක් වගේ කියලයි. ඉඩකඩත් බොහොමයි. ළාවට ප්ලේ වෙන මියුසික් එකයි, යන්තමට ඇහෙන පාරේ සද්දෙයි ඇරෙන්න මෙතැන තියෙන්නේ හරි නිස්කලංක ගතියක්.

කෑම බීම

චයිනීස් කෑම හැරුණා ම, ඉන්දියන් කෑම තියෙන පොඩි මෙනුවකුත් ගෝල්ඩන් පැලස් එකේ තියෙනවා. අපි ට්‍රයි කළේ චයිනීස් මෙනු එක. ඒ විතරක් නෙවෙයි, තඩි බාර් මෙනුවකුත් මේ කට්ටිය ළඟ තියෙනවා.

හැමදාම බත් කන එකේ මෙදා පොටේ අපි හිතුවා නූඩ්ල්ස් කන්න. ඒ නිසාමයි “Seafood Vermicelli Noodles” (රු.740) එකක් ඕඩර් කළේ. ඒකත් එක්ක “Hong Kong Style Chicken” (රු.595) සහ “Sweet and Sour Crispy Pork” (රු.620) කරියක් ගත්තා.

චිකන් කරිය ශේප්. අමුතුවෙන් අටුවාටීකා කියන්න දෙයක් නැතත්, හොඳට හදලා තිබුණා. සාමාන්‍ය තරමේ චිකන් කෑලි දහයක් වගේ තිබුණු නිසා දෙන්නෙක්ට හොඳටෝ ම ඇති. රතුළූණු, සුදුළූණු, කෑලි මිරිස් නිසා ස්පයිසි ගතියත් නියම ගානට. මේකේ සෝස් එකත් මරු. නූඩ්ල්ස් එකට දාගත්ත ම පිඟන් හත අටකට වුණත් වග කියන්න ඇහැකි.

ෂහ්! පෝක් එක නම් මල් හතයි! නමේ තියෙනවා වගේ ම තමයි ක්‍රිස්පි ගතිය හොඳට තිබුණා. අනික තෙල් කෑල්ලක් අහු වුණේ හරි කලාතුරකින්. මේක ගිල්ලලා තියෙන පැණි රස සෝස් එකට අන්නාසිවලින් එක ඇඹුල් රසින් එන කික් එක තමයි අපට වැඩියත් ම අල්ලලා ගියේ.

අපි ගත්ත නූඩ්ල්ස් එක පෙනුමෙන් නම් ඉඳි ආප්ප වගේ. ඒ වුණාට මේකෙත් රස නියමයි. කන කටක් ගානේ හැපෙන ඉස්සෝ, දැල්ලෝ, මාළු කෑලිවලින් ඒක තවත් රසවත් වෙනවා. ළාවට එන ස්පයිසි රසක් මේ නූඩ්ල්ස් එකෙන් දැනුණා.

සර්විස් එක

තරු පහේ සර්විස් එකක් ගෝල්ඩන් පැලස් එකෙන් අපට ලැබුණා. කෑම ටික මේසෙට ආවේ විනාඩි පහළොවෙන් වගේ. සේවක මිත්‍රයින් හරි ම මිත්‍රශීලියි. කස්ටමර්ස්ල ගැන හොඳින් හොයලා බලනවා.

අවසාන වශයෙන්

ටැක්ස් සේරම එකතුවෙලා එද්දී අපේ බිල ආවේ රු.2700කට කිට්ටු ගාණක්. හැබැයි කෑව කෑමවල රස එක්ක සලකලා බැලුවා ම කිසිම පාඩුවක් නෑ. ලොකු ගාණක් වියදම් නොකර, පවුල පිටින් ගිහින් රස චයිනීස් කෑම කන්න ආස නම්, ගෝල්ඩන් පැලස් එක ඒකට හොඳ තැනක්.


TIP

A small portion of the noodles/rice is enough for two people to share!

Address

Hotel Sapphire, 371, Galle Road, Wellawatta, Colombo 06

Directions

Hotel Sapphire is down Wellawatte next to Arethusa Lane.

Report Inaccuracy

Closed right now

Cuisine

Western Chinese Indian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Noodles Alcoholic

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
5
Ambience Rating
4
Similar Places

See 2 Comments