Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Goodness Groceries

No 12, Kirulapone Market, Colombo 5


A groceries outlet that is available as a physical store as well as through PickMe Food.



මේ වැහි දවස්වල ගෙදරින් එළියට බහිනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. හිතන්නකො එහෙම වෙලාවක ගෙදර උයන පිහන බඩු ඉවර වුණොත් එහෙම මොකද කරන්නෙ කියල? ඒ වැඩේටම ඇඳ පැළඳගෙන ගෙදරින් එළියට බහිනව කියන එක මරන්න ගෙනියනව වගේ නෙ? වැඩ ඇරිල එන ගමන් බඩු ගන්න යන එකත් මහ එපා කරපු වැඩක්. රෑ වෙලා මහන්සි වෙලා ඇවිත් තව කඩවල් ගාණෙත් රස්තියාදු වෙන්න වුණාම!

මේ ඔක්කොම කරදර ගමන් බිමන් නවත්තන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නෙ. PickMe Food එක්ක ඔයා ඉන්න තැනටම, ගෙදරට ඕන කරන සිල්ලර බඩු ගෙන්නගන්න ක්‍රමයක් තියනවා.

ඒක ඇහුණ ගමන් ප්‍රශ්න ගොඩක් හිතට ආව නේද? ඒගොල්ලො වෙලාවට ඩිලිවර් කරනවද? බඩුවල ගුණාත්මක බව මොන වගේ ද? මිල ගණන් සාධාරණ ද???

ඔන්න දැන් අපි හදන්නෙ ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

ඕඩර් කරන විදිහ

කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්. PickMe Food එකෙන් කෑම ඕඩර් කරන විදිහමයි. PickMe ඇප් එකට යන්න. Food ඔප්ෂන් එක තෝරන්න. Groceries කියල සර්ච් කරන්න. ඔන්න එතකොට එනවා Goodness Groceries ෂොප් එක. කිරුළපන මාකට් එකෙන් කිලෝමීටර් 5ක් ඇතුළත ඕනම තැනකට, ඔයාට ඕන කරන බඩු ටික එයාල ඩිලිවර් කරනවා.

එළවළු, පලතුරු, කුළුබඩු, ධාන්‍ය වර්ග වගේ දේවල් Goodness Groceries හරහා ළඟටම ගෙන්නගන්න පුළුවන්. මේ සර්විස් එකේ තත්වෙ, මිල ගණන්වල තත්වෙ වගේම බඩුවල තත්වෙත් චෙක් කරල බලන්න හිතාගෙන අපි සිල්ලර බඩු කීපයක් ඕඩර් කරන්න හිතුවා.

අපි ඕඩර් කරපු දේවල්

කොළපාට මිදි ග්‍රෑම් 200 (රු. 193), කෝලිකුට්ටු කෙසෙල් ග්‍රෑම් 200 (රු. 60), කැරට් ග්‍රෑම් 500 (රු. 66), රතු ලූණු ග්‍රෑම් 200 (රු. 50) , කඩල ග්‍රෑම් 100 (රු. 63) සහ ගම්මිරිස් ඇට ග්‍රෑම් 100 (රු. 115) තමයි අපේ ලිස්ට් එකේ තිබුණේ.

මේ ඔක්කොම ඩිලිවර් කරේ කඩදාසි බෑග්වල. කොළ මිදියි කෙසෙලුයි එක කඩදාසි බෑග් එකක. කඩලයි ගම්මිරිස් ඇටයි පුංචි පොලිතින් බෑග්වල ඔතලා රතු ලූණුයි කැරටුයි එක්ක අනික් කඩදාසි බෑග් එකේ.

මිල ගණන් අපි බලාපොරොත්තු වුණ විදිහටම ඉතාම සාමාන්‍යයි. ඒ වගේම සමහර සුපර්මාර්කට්වල මිල ගණන්වලට වඩා අඩුයි.

මිදි ටික ෆ්‍රෙෂ් ගතියටත්, කෙසෙල් හොඳට ඉදිලත් තිබ්බා. පලතුරු ඩැමේජ් වෙලා තැලිලා පොඩි වෙලා තිබුණේ නෑ. කැරට්, කඩල, රතු ලූණු, ගම්මිරිස් ගැනත් කියන්න තරම් වරදක් නෑ. ගෙන්නගත්ත බඩු ඔක්කොම හොඳ තත්වෙන් තිබුණා.

අවසාන වශයෙන්

කරදර කලබල කඩිමුඩි ගමන් බිමන්වලින් තොරව බඩු මිලට ගන්න, විකුණගන්න දැන් ඕන කෙනෙකුට PickMe Food කියන්නෙ හොඳ ප්ලැට්ෆෝම් එකක්.

 

Address

No 12, Kirulapone Market, Colombo 5

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment