Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Government Service Sports Club

2/16 Baseline Road, Colombo 5

  • Closed right now


Serving the best handallo in town, the GSSC is a dodgy bar with cheap drinks and decent patrons.



රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොළඹ තිබෙන පහළ පෙළේ බාර්  අතරින් හොඳම එක බව සැකයක් නැහැ. බේස්ලයි්‍න් පාරේ විශාල දිරාපත් වෙමින් යන ‍ගොඩනැඟිල්ලක් පිටුපස සැඟවී තිබෙන එය විවෘත වන්නේ ගරාවැටුණ උද්‍යානයකටයි. එහි අතන මෙතන යකඩ පුටු කීපයකුත්, ප්ලාස්ටික් මේසත් තිබෙනවා. දුක්මුසු පෙනුමැති බළලුන් කීපදෙනෙක් මේසවලින් බිමට වටුණු හඳැල්ලන් අහුලා කනවා. එහා කෙළවරේ අබල දුබල තාප්පය දිගට සෝඩා බෝතල් ගොඩගහලා. ඇතුළත කාමර‍ දෙකයි. එකක් නිවෙන පත්තුවන රූපවාහිනියක් ඇති මන්දලෝකය සහිත  දීර්ඝ චතුරස්‍ර හැඩැති බීමහල් අවකාශයක්. අනෙක පහතින් එල්ලෙන භයානක පෙනුමැති ලාම්පු සහිත 'පූල්' කාමරයක්. එහි තිබෙන පැරණි බිලියඩ් බෝල මේසය තමයි ඇත්තෙන්ම මෙහි තරුව. එය වටිනා පෞරාණික භාණ්ඩයක්.

විස්මයජනක ගෘහභාණ්ඩයක් වන එහි පිටුපස කළුලෑල්ලක් වැනි ඍජුකෝණාස්‍රයක් තිබෙනවා. එහි ඉහළින් හා පහළින් ඇති පිත්තල පැහැ තීරුවල 0 සිට 20 දක්වා අංක දැක්වෙනවා. ඒ අතර තිබෙන රේඛාවල 'රෝස', 'කහ' හා 'නිල්' දැක්වෙනවා. කොළඹ පහළ මට්ටමේ බාර්වලදී ඇතැම්විට මෙවැනි විස්මිත පැරණි ගෘහභාණ්ඩ හමුවෙනවා. ලොකු ලී පංකාවල්, සියුම් ලැටිස් ආවරණ, සමස්ත කාසල් හෝටල් ගොඩනැඟිල්ල ආදිය මේ සඳහා හොඳ උදාහරණ. ඒ තැන් එක්ක හොඳින් පෑහෙන මේ ගෘහභාණ්ඩ අනුව අපට හිතාගන්න පුළුවන් අද බොහොම දුගී පෙනුමකින් යුක්ත වුණාට ඒවා අතීතයේදී එතරම් පහළ මට්ටමක‍ නොතිබුණු බව.

අපි දන්නේ නැහැ, රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොපමණ කාලයක සිට පවතිනවාද කියා. ඒත්, මේ තරු පංතියේ නොවන තැන ඇත්තෙන්ම තරු පහේ සේවාවක් ඔබට සපයනවා. එයින් සිහිපත් කරවන්නේ හොඳ සේවාවක අවශ්‍යතාව මුළුමනින්ම නොතකා හරින ලද නයිට් ක්ලබ් සංස්කෘතියක් බිහිවන්නට කලින් මෙවැනි තැන්වල තිබුණු සේවා විශිෂ්ටත්වය.

ඔබට සේවා සපයාගැනීම සඳහා බලාසිටීම හා නුසුදුසු යයි කියන ඇඳුම් නිසා පිටවීයන්නට සිදුවීම එපා වෙලානම් යන්න රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය වෙත. එය සාමකාමීයි. මිළත් අඩුයි. සේවකයෝ ඔබට රජකුට සේ සලකනවා. කටගැස්මත් රසවත්. දිලිසෙන රන්වන් දැවටුමක බහා බදින ලද හඳැල්ලන් දෙහි ඉස්ම ටිකක් මුසු කරගත්තාම ඉතා රසවත්. රතු මිරිස් මුසු කරන ලද කර කර ගා හැපෙන ෆ්‍රයිස් හා අපි විස්තර නොකියන විශේෂ මස් වර්ගයකුත් එහි තිබෙනවා.

සුළං සහිත සුවිසල් උද්‍යානයක හිඳගෙන විවේකීව බීමක් රසවිඳින්නත්, ඔබගේ කාලය ඇත්තෙන්ම ආස්වාදජනක කිරීමට කැප වූ සේවක පිරිසක සේවා ලබන්නටත් කැමතිනම් යන්න රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයට.

TIP

Go with a group and grab a table indoors. You can't go wrong with the handallo.
All Reviews

GSSC is wala-level value for money, and the indoor seating has a charming ambiance, but you've got to get there early to grab a table.

One of the Colombo's best dodgy bars is, without a doubt, the Government Service Sports Club. Hidden behind the Baseline Road, a large crumbling building opens out onto a ramshackle garden scattered with a handful of metal chairs, plastic tables and a few mournful cats.

සිංහල අන්තිමට චන්දනයි මායි අවසාන ‘කාලත්’ ක්‍රියා කරල! තව පොඩ්ඩෙන් එතනම අභාවප්ප්‍රාප්ත වෙනව. වෙලාවට අපි වැටෙද්දි කලින් කට් වෙච්ච අය නැගිට්ටෙ.

සිංහල ‘‘කොහෙද බං සෙට් වෙන්නේ?’’ මම ඉමාඩ්ගෙන් ඇහුවා. ‘‘ටිකක් පරණ ප්ලේස් එකක් තියෙනවා බේස් ලයින් පාරෙ, ගවර්මන්ට් සර්විස් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා. එතෙන්ට යමු.’’ ඉමාඩ් කිව්වා.

සිංහල රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොළඹ තිබෙන පහළ පෙළේ බාර් අතරින් හොඳම එක බව සැකයක් නැහැ. බේස්ලයි්‍න් පාරේ විශාල දිරාපත් වෙමින් යන ‍ගොඩනැඟිල්ලක් පිටුපස සැඟවී තිබෙන එය විවෘත වන්නේ ගරාවැටුණ උද්‍යානයකටයි. එහි අතන මෙතන යකඩ පුටු කීපයකුත්, ප්ලාස්ටික් මේසත් තිබෙනවා. දුක්මුසු පෙනුමැති බළලුන් කීපදෙනෙක් මේසවලින් බිමට වටුණු හඳැල්ලන් අහුලා කනවා. එහා කෙළවරේ අබල දුබල තාප්පය දිගට සෝඩා බෝතල් ගොඩගහලා.

Address

2/16 Baseline Road, Colombo 5

Directions

It's on Baseline Road near the canal and the old Airtel office. If you turn right from Park Road onto Baseline Road, it's just after the canal (but on the opposite side of the road). It's on Thalakotuwa Gardens, the road that leads to AIS and Elizabeth Moir.

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pork Fish Bites

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 15 Comments