Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Government Service Sports Club

2/16 Baseline Road, Colombo 5

  • Closed right now


Serving the best handallo in town, the GSSC is a dodgy bar with cheap drinks and decent patrons.



කට්ටිය සිකුරාදට හයිප් යනෝනෙ. ඉතින් අපි තනියම ඔපිස් එකේ. ඔන්න ගිය සිකුරාදට කලින් සිකුරාදත් එහෙමයි හොඳේ. මාත් ඉතින් මගේ වැඩක් කරගෙන හිටිය, මැන්ටලේ එක්ක ගෙදර යන්න පුළුවන්නෙ.

ඒත් රෑ බෝවීගෙන එනකොටම… සිද්ධ වුණේ හිතාගන්න බැරි වැඩක්. හයිව් ගියපු අපේ කට්ටිය, චන්දනයි, සරිතුයි, දේශානියි ඔෆිස් එකට ගොඩවුණා කියන්නකො “ඒ… බොන්න යං, බොන්න යං කියාගෙන” මාව නිකං හීතල වෙලා ගියා. ඇයි හත්ඉලව්වෙ මේ අතේ සතේ නැතුව මං ඉන්නව, මුං බොන්න යන්න කතා කරනව.

එක පාර බෑ කියන්නත් බැරි නිසා මං චන්දනගෙ පැත් හැරිලා නිකම් දන්නැද්ද… “මචං මේ දවස් ටිකේ…”

“ආ.. ඒව අවුලක් නෑ, ඒව අවුලක් නෑ. මං ගාව තියෙනව යං යං”

බේරුමක් තිබ්බෙම නෑ යාළු.

කරන්න දෙයක් නැතිම තැන ලට්ට ලොට්ට ටික අකුළල දාගත්ත බෑග් එකට. දාගෙන ගිහින් නැග්ග කට්ටිය දාලා තිබ්බ ඌබර් එකට.

“දැන් කොහෙද යන්නෙ?”

“මෙතන ගවර්න්මන්ට් ස්පෝර්ට්ස් ක්ලබ් කියල තියෙන්නෙ. එ්කට”

“ෂහ්! සුප්ප ප්ලේස් එකනෙ. යං යං යං” තැන කිව්වට පස්සෙ තමයි හරි පොඩි ගැම්මක් ආවෙ. මොකද අතේ තියෙන ගාණට නිදහසේ අඩියක් ගන්න කියාපු තැනනෙ. මම කලිනුත් වතාවක් ආවා. හැබැයි ගියා මතක නෑ.

ඒ නිසාම මෙදා පාරත් මමම ඉස්සර වුණා. අඩියට දෙකට ඇතුළට ගිහින් කොට්ටම්බ ගහ යට ප්ලේස් එකෙන් වාඩි වුණේ,ඇතුළෙ ප්ලේස් තිබ්බට මොකද කයියක් ගහගෙන අඩියක් ගහන්න එළිය තරම් සෙට් වෙන්නෙ නෑනෙ. එකම අවුල තියෙන්න හුළං පාරක් නැති දවසට මෙතන මදුරු උවදුර පොඩ්ඩක් හිස ඔසවන එක තමයි. හැබැයි ඒකට එයාලා ලෑස්ති කරල තියෙනව නියම බෙහෙතක්, පොල් ලෙලි පිළිස්සුම.

අපි ගිහින් වාඩිවෙලා, බෑග් අනම් මනම් ටික කිට්ටුව පාතින් තියල හරි බරි ගැහෙන අතරට සේවක මිත්‍රයෙක් අපේ මේසෙ ළඟ. කොහොමත් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ සර්විස් එක මරුනෙ.

“ම්… ලොකු අයියෙ, අපිට ගේන්නකො ගල් එකක් (රු. 1950). හැඳැල්ලො එකකුත් (රු. 390)දාන්න. සරිත් උඹට?”

“මට… පෝර්ක් මොනව හරි?”

“සර්, පෝර්ක් ඩෙවිලුත් තියෙනව, ඉස්ටුත් තියෙනව”

“ඉස්ටු එකක් (රු. 590) දාමු. හැමදාම ඩෙවිල් කනවනෙ.”

“ඒ රයිස් මොනවහරිත් ගේන්නකො.” ඔන්න දේශානිගෙ ඉල්ලීම. හැබැයි ඒකෙන් පොඩි වාසියකුත් වුණා. කවුරුවත් රෑට කාලා හිටියෙ නැති නිසා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක (රු. 490) අපේ රෑ කෑම එක කරගන්න පුළුවන් වුණා.

ඉස්ඉස්සෙල්ලාම කියල මේසෙට ආවෙ ගල් බෝතලයයි, සැන්ඩි, පිඟන් කෝප්ප ටිකයි. බයිට් එක එනකම් බලාගෙන ඉන්න බැරි නිසා වෙන්න ඕන! මට හිතුණෙම බෝතලේ කඩන්න. ඒත් පාටිය චන්දනගෙනෙ. ඉතින් අතට ගත්තු බෝතලේ චන්දනට දුන්න කඩන්න කියල. ඊට පස්සෙ ඉතින් දන්නැද්ද…

හැබැයි ඉතින් පළවෙනි ෂොට් එක දාලා කතාවකට සෙට් වෙද්දිම වගේ සියලු බයිට් ටික මේසෙ උඩට පංගාත්තු වුණා. මගේ අත ඉතින් ඉස්සෙල්ලම යන්නෙ හැඳැල්ලො පිඟානටනෙ. ඔන්න දේශානි නම් පෝර්ක් එකේ. දෙවනි ෂොට් එකට මගේ බයිට් එක වුණේ සෝස් පොඩ්ඩක් ගාපු ලොකු හැඳැල්ලෙක්. ෂහ්! කියල වැඩක් නෑ යාළු. එදා මෙදා කියල රසේ කිසිම වෙනසක් නෑ. හැරත් මෙදා පාර හැඳැල්ලො එක උණු උණුවෙම ආපු නිසා බයිට් එකට හැරුණාම අතරින් පතර ඩයට් එකටත් යන සීන් එකක් තිබුණ.

වෙලාවට පෝර්ක් පිඟානකුත් මේසෙ උඩ තිබ්බෙ. මොකද සරිතුයි චන්දනයි දෙන්නම තද පෝර්ක් ෆෑන්ස්ලනෙ. ඊළඟ ඊළඟ ෂොට්වලට පොඩි ගැප් එකක් තියල මමත් හෙමින් සැරේ පෝර්ක් කෑල්ලක් රස බැලුවා.

නොම්මර එකයි යාළු. ඉස්ටු නම් අන්න ඉස්ටු කිව්වලු. මිරිස් තුනපහ, කිරි පදම හොඳ හැටි ගැළපුණු පෝර්ක් එකේ මාළු මිරිස්, කැරට්, ලූනු එහෙමත් අඩු නැතුව. විශේෂයෙන්ම බයිට් එකට සෙට් වෙන්න ගම්මිරිස් සැරත් හොඳ හැටි තිබ්බ නිසා තලු මර මර රස බලන්න පුළුවන්. කොටින්ම කියනව නම් මෙයාලගෙ පෝර්ක් එක, බෝතලේකටත් වඩා පාන්, පරාටා වගේ දේකට පංකාදු පහයි. ඒත් එකක්, කරියෙ තෙල් කෑලි නම් ටිකක් වැඩියි.

ආං, ඒකට දෙවනි නැති රයිස් එක. කන කන, කටක් කටක් ගානෙ ඉස්සො. නැත්නම් දැල්ලො. එහෙමත් නැත්නම් බැදපු මාළු, චිකන්. හැබැයි රයිස් එකට එකතු කරල තිබ්බ කැරට්, ලීක්ස් ටික ටිකක් මදි වගේ. ඒත් මොකද කියල හිතෙන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකේ, ෆ්‍රයිඩ් රස හොඳ හැටි එද්දි තමයි. හැරත් රයිස් එකේ සයිස් එක! දෙන්නෙක්ට බඩ පැලෙන්න ඩයට් එකට ගන්න පුළුවන් සයිස්.

වැඩේ කියන්න එච්චර බයිට් ගත්තට අන්තිම බොන්න කවුරුත් නැති වුණානෙ. දේශානි මගදිම කට්. සරිතුත් ගෙදර යන්න පුළුවන් ගාණට. අන්තිමට චන්දනයි මායි අවසාන ‘කාලත්’ ක්‍රියා කරල!

තව පොඩ්ඩෙන් එතනම අභාවප්ප්‍රාප්ත වෙනව. වෙලාවට අපි වැටෙද්දි කලින් කට් වෙච්ච අය නැගිට්ටෙ. මගෙ මතකෙ හැටියට මැන්ටලේ වෙන්නෝන මාව ගෙදරට දාලා තියෙනව ඕං…

අවංකයෙන්ම කියන්නෙ ස්පෝර්ට්ස් ක්ලබ් නම් ආයෙ කට් වෙන්න කියාපු ඈ...


TIP

Go with a group and grab a table indoors. You can't go wrong with the handallo.
All Reviews

GSSC is wala-level value for money, and the indoor seating has a charming ambiance, but you've got to get there early to grab a table.

One of the Colombo's best dodgy bars is, without a doubt, the Government Service Sports Club. Hidden behind the Baseline Road, a large crumbling building opens out onto a ramshackle garden scattered with a handful of metal chairs, plastic tables and a few mournful cats.

සිංහල අන්තිමට චන්දනයි මායි අවසාන ‘කාලත්’ ක්‍රියා කරල! තව පොඩ්ඩෙන් එතනම අභාවප්ප්‍රාප්ත වෙනව. වෙලාවට අපි වැටෙද්දි කලින් කට් වෙච්ච අය නැගිට්ටෙ.

සිංහල ‘‘කොහෙද බං සෙට් වෙන්නේ?’’ මම ඉමාඩ්ගෙන් ඇහුවා. ‘‘ටිකක් පරණ ප්ලේස් එකක් තියෙනවා බේස් ලයින් පාරෙ, ගවර්මන්ට් සර්විස් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා. එතෙන්ට යමු.’’ ඉමාඩ් කිව්වා.

සිංහල රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය කොළඹ තිබෙන පහළ පෙළේ බාර් අතරින් හොඳම එක බව සැකයක් නැහැ. බේස්ලයි්‍න් පාරේ විශාල දිරාපත් වෙමින් යන ‍ගොඩනැඟිල්ලක් පිටුපස සැඟවී තිබෙන එය විවෘත වන්නේ ගරාවැටුණ උද්‍යානයකටයි. එහි අතන මෙතන යකඩ පුටු කීපයකුත්, ප්ලාස්ටික් මේසත් තිබෙනවා. දුක්මුසු පෙනුමැති බළලුන් කීපදෙනෙක් මේසවලින් බිමට වටුණු හඳැල්ලන් අහුලා කනවා. එහා කෙළවරේ අබල දුබල තාප්පය දිගට සෝඩා බෝතල් ගොඩගහලා.

Address

2/16 Baseline Road, Colombo 5

Directions

It's on Baseline Road near the canal and the old Airtel office. If you turn right from Park Road onto Baseline Road, it's just after the canal (but on the opposite side of the road). It's on Thalakotuwa Gardens, the road that leads to AIS and Elizabeth Moir.

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pork Fish Bites

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 15 Comments