Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

3/5

Grand DSM

42, S De S. Jayasinghe Mawatha, Nugegoda


A restaurant in Kalubowila that does a mix of rice & curry, biriyani, grilled meats and fast food.



සුහද ආරාධනාවක් කලාම ඉතින් පිළිනොගෙන ඉන්න පුලුවන්ද? ඊටත් අස්ප බඩගින්නෙ ඉන්න වෙලාවක, හොඳම යාළුවෙක්!

හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම මම වචනෙ දුන්න අප්ප. “හා යං ඒනං”

එච්චරයි. මග එන තව යාළුවෙක් හිටිය. අපේ ප්ලෑන් එක වුනේ එයා ආපු ගමන්, ඒ වාහනේම යන්න.

කොහොමහරි.. කියල කටගන්න හම්බවුනෙත් නෑ, විනාඩි 5ට 10ට ඒකා එතන. අන්තිමට දුවල ගියේ පල්ලෙහාට. ගිහිල්ලා වාහනේට නැගල කරල ඔන්න කෙලින්ම කොහුවල-කළුබෝවිලට.

“ආ.. ඔතනින් දාන්න අයියෙ”

යාළුවම පෙන්නුව අදාළ ස්ථානය. අපිත් ඉතින් බැස්ස.

බැහැලා.. ‘ෂැහ්, හරි හයිෆයි ප්ලේස් එකක්නෙ. මොනවද දන්නෑ තියෙන්නෙ’ හිතින් හිතාගෙන, හෙමින්සැරේ ඇතුලට.

“හෑ.. මට්න් බිරියානි? ටර්කි කරි?

ඒ..හ් මෙහ්”

කොහෙද, අහන්න එකෙක් නෑනෙ. දෙන්නම ඉස්සරහින් යනව රයිස් ඇන්ඩ් කරි බුෆේ එක බලාගෙන. මමත් මකූ..ත් කිව්වෙ නෑ. ඕඩර් කරහල්ලකො බොලා ඉස්සෙල්ලා, ඊටපස්සෙ මම ගන්න.

“අපිට.. මෙන්න මේ ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 240). රයිස් ඇන්ඩ් කරි චිකන් එකයි (රු. 350)..

එහ් උබට මොනාද?”

“මට මට්න් බිරියානි එකක් (රු. 750)”

“මට්න් බිරියානි? අනෙහ් මෙහ් විකාර නොකිය කියනෝකො”

“විකාර කියන්නෙ? මට මටන් බිරියානි එකක්”

“ඒවා නෑ ගොනෝ මෙහේ. කියන්නකෝ..”

“නෑ කියන්නෙ? බැලුවද ඉස්සරහ බෝඩ් එක?

ඇස් කටේ දාගෙන එනෝ මෙතන. දාන්න මල්ලි මට්න් බිරියානි එකක්. ඒකයි ටර්කි කරියකුත් (රු. 525) දාන්න”

ආයෙ කතා නෑ. ඇයි ඉතින් මෙතන මෙලෝ සිහියක් නෑ.. ගිහින් වාඩිවුනා කෙලින්ම මේසෙට.

වාඩිවුනත් හරිනෙ වැඩේ කියන්නෙ, සර්විස් එක! ෂැහ්, වතුර වීදුරු තියල, වතුර පුරවල දීලා, අපි ඊජීබී. එකක් ඉල්ලුව, ඒකත් සනික ගෙනාවා කියන්නකො. ඊටපස්සෙ කෑම ටිකත් හරි හරියට. විනාඩි 8, 10ක් පරක්කු වුනේ ටර්කි කරිය විතරයි.

හැබැයි.. ඒක ආවට පස්සෙ නම්, සත්තයි හිතුන ආවට වැඩිය හොඳයි නාව නම් කියල.

ලුණු! මගෙ සන්තෝ.. කුස්සියෙම ලුණු ඉවර ඇති ඒකට දාලා. ඊටත් කටු විතරයි තියෙන්නෙ කියන්නකො කරියෙත්. මස් කෑලි ඕන නම් 4, 5ක්? ඒකත් අතටවත් අහුවෙන ගානට නෙවෙයි, කෙලින්ම මයික්‍රො ලෙවල් එකෙන් ඈ.. මිරිසුත් ඒ හැටි නෑ, හැබැයි තුනපහ අඩුම කුඩුම ටික නම් දාලා තිබ්බ නූලට. ඒ නිසාමයි අර ඒකෙ හොද්ද හරි කෑවෙ.

*මට්න් බිරියානි සහ EGB 

අනේ මන්දා මගේ වෙලාව කියන්නෙ ටර්කි එකට දෙවනි නැති බිරියානි එකත්. බතේ කිසිම බිරියානි ගතියක් නෑ. ඒ මදිවට අර මැගි හරි මොනවහරි රස කාරකත් දාලා. අඩුම තරමෙ මසාලා රසක්වත්? ඒකත් නෑ. ඊටත් බතේ මට්නුත් නෑ කියන්නකො. ඇඟිලි පුරුකකට පොඩ්ඩක් ලොකු කෑලි 7, 8ක් ගැඹුරු තෙලේ හොඳ හැටි කරවෙන්න බැදල, දාලා. හයියෝ.. හපන්න ඕන වරුවක් විතර. අර තම්බපු බිත්තරේ නිසා ටිකක් කෑවා මිසක්, නැත්නම්.. එහෙම පිටින්ම තියල එනව.

රයිස් ඇන්ඩ් කරියෙත් ඒ හැටි ලොකු සෙතක් නෑ යාළු කොළ මැල්ලුමට පොල් ටිකක් දාලා මලවල නිසා රස හොඳයි. ඇඹරැල්ල එකට සීනි දාලා නිසා ඒකෙත් රස හොඳයි.. අනිත්වා ඉතින් නෝමර්ලමයි. පරිප්පු, බෝංචි එහෙම, අතිශය සාමාන්‍යයයි. ඔන්න චිකන් කෑල්ලෙ රස ටිකක් හොඳට තිබ්බ. ඒකත් අර මිරිස් තුනපහ එහෙම පදමටම දාලා නෙවෙයි, නිකම් ඇපෙන් බේරෙන්න වගේ. 

රසයි කියල කියන්න පුලුවන් කමකට තිබ්බෙ ෆ්‍රයිඩ් රයිස් එක විතරයි. ඒ හැටි එළවළු, බිත්තර අඩුම කුඩුම නැතිවුනාට ඒකෙ චිකන් එක රසයි. තඩි රෝස්ට් චිකන් පලුවක්, ඩෙවිල් සෝස්වල දවටල.. බතත් කීරි සම්බා නිසා සුවඳට ගතියට තිබ්බ ඉතින්. හැබැයි.. ඒකෙත් චොප්සිය ටිකක් අවුල්. එළවළු එහෙම ෆ්‍රිජ් එකේ තිබිල තියෙනව සෑහෙන කල්.

එහෙමයි කියල අපි අත ඇරියෙත් නෑ. මොකද අත ඇරිය නම් කන්න දෙයක් නැතිවෙනවෙන. කොහොමහරි ඒකෙන් වුනේ අන්තිමට අපේම යාළුව ‘ග්‍රෑන්ඩ් ඩීඑස්එම්’ කියන එකේ තේරුම කියපු එක.

‘ග්‍රෑන්ඩ් ඩිසපොයින්ට්මන්ට්’..

කොහොමද ඒක!

Have you visited this place?

Write your own review!
Leave a comment