171, Galle Road, Colombo 6
Open until 12:00 AM
A family restaurant in Wellawatte serving biriyani, fried rice and kottu.
“මුකුත් නෑ?”
“මුකුත් නෑ කියන්නෙ බං… මුකුත්ම නෑනෙ. සන්තෙටම හිඳිල තියෙන්නෙ. වෙලාවට ගෙදරින් කෑම එකක් ගෙනාවෙ”
“ඒක නේනං.
වැඩේ කියන්නෙ මම ගෙදරින් කෑම ගෙනාවෙත් නෑනෙ බං”
“නෑ… දැං මොකෝ කරන්නෙ. ඔන්න ඔහෙ තියෙන එකක් කාලා නිකං ඉමු එක්කො.”
“එහෙම නෙවේ. දාමුද මොකක් හරි ඕඩරයක්වත් බලල. උබලට රිවිව් කරන්න පුලුවන් වෙන්නත් එක්ක. එතකොට වැඩ දෙකම කෙරෙනවනෙ”
“හප්පට බොල. ඔය තියෙන්නෙ. සිරා අයිඩියා එකනෙ බං. ඉඳාන්කො ඉඳාන්කො විශ්විගෙනුත් අහල දාමු ඕඩරයක්, හොඳ කඩයක් බලල”
සනික අනික පැත්ත හැරුනු මම දැම්ම විශ්විටත් විසබීජෙ. දාලා ඔන්න… දෙන්න තුන්දෙනත් එකක්ම බලනව කඩයක්.
“ඒ… අරක අරක”
“ඒක හරියන්නෙ නෑ බං. ඒක බත් කඩයක්නෙ. ඉන්නකො, මේ ලඟදි අපි ඇඩ් කරපු කඩයක් තිබ්බා…
ආ මේ තියෙන්නෙ, ග්රෑන්ඩ් ෆයාස්! වැල්ලවත්ත.
දැන් කියන්නකො මොනවද දාන්නෙ කියල? බිරියානි, කොත්තු, ෂවර්මා..”
“තුනෙන්ම දාමු ඉතිං. කට්ටියම ඉන්නවනෙ. රෝස්ට් චිකන් බිරියාන් එකකුයි, මේ මික්ස්.. චිකන්.. කොත්තුද මොකක්ද එකකුයි, ඩුබායි ස්ටයිල් ෂවර්මා එකකුත් වගේ?”
“ඒමද. ඒනං ඒ ටික ඇඩ් කලා හොඳේ”
“හරි හරි. ඇඩ් විතරක් නෙවේ. ඕඩර් කරලම දාන්න ඔන්න ඔහෙ!”
හැබැයි එහෙම කිව්වට... ඕඩරේ දැම්මට පස්සෙ නම්, එනකම් ඉවසිල්ලක් නෑ. ඇයි අප්පේ, බිරියානි.. ෂවර්මා!
දෙයියනේ කියල පික්මි ඩිලිවරියට පින් සිද්ධ වෙන්න, කෑම ටික විනාඩි 15ට 20ට කොහොමහරි අපේ ලඟ. ආයෙ, ආවට පස්සෙ බල බල ඉඳිල්ලක් තියෙයි අපේ කස්ටිය ලඟ. ගත් ගැම්මටම ආහාර පාන සමඟින් 4 දෙනාම ලන්ච් රූම් එකට.
මුලින්ම දිග ඇරුනෙ මම ගෙනියපු බත් එක. ඒක කාලා තමයි ග්රෑන්ඩ් ෆයාස් බිරියානි එකට බැස්සෙ.
සැහ්! දිග ඇරියට පස්සෙනෙ දැක්කෙ. බිරියානි කිව්වට බත් එක සම්බනෙ. රු 450ට… බලමුකො ඉස්සෙල්ල කාලා රස කොහොමද කියල. ඔන්න රෝස්ට් චිකන් කෑල්ලක් එක්ක මමත් කටක් දෙකක් අනල ගිලල දැම්ම.
ම්ම්… අවුලක් නෑ. සම්බා වුනාට රස හොඳයි. හැබැයි අර ඔරිජිනල් බිරියානි සුවඳ එන්නෙ නෑ. අනිත් කාරණය තමයි කජු, මුද්දරස් පලම් එහෙමත් නෑ. ඒත් මින්චි සම්බෝලෙයි, ලූණු සම්බෝලෙයි නම් කටගැස්මට සෙට් වෙන්නම තිබ්බා. ඊටත් ඒ රෝස්ට් චිකන් කෑල්ලෙ සයිස් එකනෙ. ලෝබ නැතුව කාලක්ම දාලා තියෙනව. හැරත් ඒකෙ රසත් හොඳයි. හොඳ පදමට තන්දුරි එහෙම දාලා බැදල තිබ්බෙ.
වැඩේ කියන්නෙ බිරියානි එක එහෙම වුනාට ෂවර්මා එක නම් මෙලෝ රහක් නෑ. කොටින්ම රු. 580ක් තියා එක… අනේ මන්දා. රොටිය තනිකරම පිටි ගාලා, අළුවා කෑල්ලක් වගේ. ඇතුලට දාලා තිබ්බෙත් චිකන් විතරයි. ඒකත් ලුණු ගම්මිරිස් ටිකක පදම් කරලා පෑන් ෆ්රයි කරල වෙන්න ඕන. ඒ හැරුනාම, අනිත් ඔක්කොම එළවළු ජාතියි මයොනීස් වගේ චීස් රස මොනවදෝ ටිකකුයි.
ඒක කාලා කට සවුත්තු කරගෙන, මූණත් ඤොක්කං කරගෙන ඉන්න අතරට තමයි විශ්වි මික්ස් කොත්තුව ලිහුවෙ.
සප්පට බොල, මෙව්වනෙ කොත්තු කිව්වලු. ඒක දැක්ක විතරයි කට්ටිය ෆුල් ප්රබෝධමත්. චිකන් මික්ස් කිව්වාම අපි මුලින් හිතුවෙ රෝස්ට් චිකන් පොඩියට කඩල මික්ස් කරල කියල. බැලින්නම් රෝස්ට් චිකන් විතරක් නෙවෙයි ඉස්සො, දැල්ලො, මාළු තුනම මික්ස් කරල කියන්නකො. කොටින්ම කිව්වොත් පංකාදු කොත්තුව. බඩගින්නට වගේම බයිට් එකට වුනත්. ඇයි අප්පේ, දැල්ලො තන්දුරි කරලා, මාළු ලුණු, ගම්මිරිස් පදමෙ තම්බලා, ඉස්සොත් තරමක් ලොකු වුන්නෙ. හිතන්නකො ඒ අතරට මදි නොකියන්න කැරට්, ලීක්ස් දාලා චිලි පේස්ට් ටිකකුත් එක්ක එහෙම, උණු උණුවෙ තියෙද්දි.
කතා බස් නෑ කෙලින්ම උගුර ලඟට එනකම්ම හතර දෙනා කොත්තුවට වැඩේ දුන්නා. දීලා තමයි.. එතන එලෙසින්ම පොඩ්ඩක් හරි බරි ගැහුනෙ. ඇයි අප්පේ එහෙම කෑවට පස්සෙ එක පාරට නැගිටල යන්න කියලයැ.
හපෙ හප්පෝ… පොඩ්ඩ හෙල්ලුනානම්, කටින් එන්නෙ කාපුව. කටින් එන්නෙ!
Open until 12:00 AM
Cuisine
Price Range
Dish Types
Rice Noodles Eggs Pasta Vegetarian Kottu Biriyani Rice And Curry Fried Rice Beef Chicken Fried Chicken Fish Submarines Shawarma Fruit Juice
One of the best place to eat delicious authentic Sri Lankan…
Great place to have a delicious Sri Lankan buffet…
Delete Comment