446, Colombo road, Pilimatalawa
Open until 10:00 PM
To have a delicious and amazing Sri Lankan style breakfast on your way Kandy, stop at Pilimatalawa and step in to Grand Mansion
“ඒ සිරාවට?
එච්චර අඩුවට?
අඩේ රත්නපුර සිල්වරේ එකට එහෙම ගියා නම් 1000ත් පැනල බං”
“ඒක නේන්නං මාත් මේ කල්පනා කළේ. කෑම ටිකත් සුප්පෙට දීලා, එච්චර අඩු ගාණට! අනේ මංදා, වේටර්ට වැරදුණා වෙන්නත් බෑ බං”...
සත්තයි යාළු.
ඇත්තටම බුෆේ එකේ තියෙන තියෙන දේ බෙදාගෙන වැඩිපුර චිකන් කරි, බුල්සායි එහෙමත් ගෙන්නගෙන හිතේ හැටියට කෑවෙ, අතේ සල්ලි තිබ්බ නිසා. කොටින්ම කියතොත් අන්තිමට ටොප් ටී එකකුත් බිව්ව. මොකද පාන්දර පිටත් වෙච්ච ගමනෙ එළිවෙද්දි දඹ බඩගින්නක්නෙ ඇල්ලුවෙ. කොහොමහරි බිල ගෙවන්න බලද්දි රු. 690යි කියන්නකො. එක්කෙනෙක්ට රු. 350ක්වත් වැටිල නෑ. අපි දෙන්න ෆුල් හොල්මන්...
ඒකත් වෙන කොහෙවත් නෙවෙයි, පිළිමතලාවෙ ග්‍රෑන්ඩ් මැන්ෂන් හෝටෙල් එකේ. කිව්වට විශ්වාස කරන්න යාළු... බුෆේ එක රතුබත්, සුදුබත්, පාන්, නූල්ඩ්ස්.. වෙලාවට අපි යද්දි ඉඳිආප්ප ඉවර වෙලා තිබ්බෙ. එතකොට එළවළු ජාති... අල, පරිප්පු, පොල්සම්බෝල, කංකුං ඩෙවිල්, මාළු, චිකන්, බුල්සායි… ඇඬෙනව ඈ.
අනික රසවලුත් ආයෙ නොම්මර එකටනෙ. එකම අවුල තිබ්බෙ අර පෝරණු පාන් වෙනුවට සැන්ඩ්විච් පාන් තිබ්බ එක තමයි. ඒකත් හැබැයි බුල්සායි එක ආවාම ගොඩ. ඇයි ඉතින් මැද්දට තියල කෑ හැකිනෙ.
ඔක්කොමත් හරි නූල්ඩ්ස් එකයි චිකන් එකයි තමයි ටොප් එකටම තිබ්බෙ. අර හීනි නූඩ්ල්ස් පොඩියට පොඩියට කඩල කැරට්, ලීක්ස්, බෝංචි හීනියට කපල දාලා, බිත්තරත් හොඳ හැටි කැරලි වෙන්න දාලා... පංකාදු පහයි හොඳේ. ඒ විතරක් නෙවෙයි, ඊටපස්සෙ ඒ මික්ස් එක තෙලට දාලා අරගෙන පදමට ලුණු, ගම්මිරිස් එහෙමත් දාලා, ෂැහ් ටොප් ආයෙ.
අනික ඒකටම කියාපු චිකන් කරියත්නෙ. සැර තිබ්බා… හායි හූයි ගෑවෙන්නෙ. ඒකෙ රසත් මාර ම. මගෙ හිතේ එක්කො මොනවහරි රසකාරක දාලා වෙන්න ඕන නැත්නම් බටර් ටිකක් එහෙම දාලා රස කරල අරගෙන වෙන්න ඕන. මොකද සාමාන්‍ය මිරිස් තුනපහ, මස්කරි, ඉඟුරු සුදුලූනුවලින් එහාට ගියපු රසක් තිබ්බෙ.
වැඩේ කියන්නෙ චිකන් කරියට ම තකටතක පරිප්පු එකත්. ඒක එකතු වුණාම දෙන්න පුළුවන් නූල්ඩ්ස්, පාන්, රොටි... ආයෙ ඕන දේකට රඹටි හැලෙන්න. මොකද රස පදමට, හොද්ද ළාවට තියෙන්න හින්දපු පරිප්පුවනෙ.
ම්ම්… කංකුං එකත් හොඳයි. හැබැයි පොඩ්ඩක් මෝරල වැඩියි. නැත්නම් හොඳට මිරිසට, තෙලට එහෙම දාලා අරගෙන තිබ්බෙ සුදුලූනු ටිකකුත් දාලා රසට...
ඒ හැරුණාම මාළු කරිය!
සාමාන්‍යයෙන් කට්ටිය කඳුකර පැත්තෙන් මුහුදු මාළු කනව අඩුයිනෙ. ඒත් වගකීමෙන් කිව්වහැකි මෙයාලට නම් කොහෙන් හරි ෆ්‍රෙෂ් බඩු ටිකක් එනව. මොකද කද්දි ම කිව්වහැකි සුප්ප මාළු කෑල්ල කියල. කඩද්දි පෙති පෙති ගැලවෙන්නෙ. මිරිසට හදල තිබ්බට ඒකටත් අර චිකන් එකට වගේ බටර් ටිකක් එහෙම දාලා තියෙනව. ඒ හැරුණාම ගොරක සුදුලූනු, මිරිස් ගම්මිරිස් පදමත් නූලට. අවංකයෙන් ම, ඉඳිආප්ප ටිකක් තිබ්බ නම්... කියල හිතුණ ඒක කද්දි.
පොල්සම්බෝලෙත් හොඳයි. හැබැයි අර අපිට හුරු නෑ. මොකද අපි කන්නෙ කොටපු අඹරපු පොල් සම්බෝලනෙ. මේක ඇවිල්ල නිකම් ලූණු, තක්කාලි, ගම්මිරිස් දාලා අතින් කලවම් කරපු එකක්. ඒත් ඉතින් රස පදමට ම වගේ තිබ්බ.
විශේෂයෙන්ම කියන්න ඕන බුල්සායි එක. ලුණු ගම්මිරිස් පොඩ්ඩක් උඩින් දාපු, අඩිය පොඩ්ඩ කරවෙන්න අල්ලපු ටොප් හාෆ්බොයිල් බුල්සායි එක. සැන්ඩ්විච් පාන්වලට විතරක් නෙවෙයි, නූඩ්ල්වලට එහෙමත් හොඳම ආයෙ.
ඔක්කොම වගේ නෙවෙයි අන්තිමට ආපු ටී එක. සප්පේ... ඒකට නම් අත දිගඇරල තරු පහක් දෙන්න පුළුවන්. නිකමට කිව්වෙ පොඩ්ඩක් කහට වැඩියෙන් ගේන්න කියල. ආයෙ එච්චරයි! සීනි මට දාගන්න තිබ්බෙ...
ඒක ම ඇති ඉතින් බය නැතුව රෙකමන්ඩ් කරන්න, නුවර පාරෙ නම්... උදේ කෑම, දවල් කෑම, රෑ කෑම බුෆේ, ඕං…
Open until 10:00 PM
Cuisine
Asian Western Chinese Sri Lankan Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Vegetarian Biriyani Rice And Curry Fried Rice Chicken Fried Chicken Fish Cuttlefish Fruit Juice
Ratings Breakdown
Great place to have a delicious Sri Lankan buffet…
The warm reception we received on arriving at Earl's was…
Delete Comment