Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

4/5

Grand Slam By Mitsi

Sir Marcus Fernando Road, Colombo 07


Grand Slam By Mitsi is an extension to the ever so popular Mitsi's Delicacies.



එක්කෙනෙක්ගෙ බර්ත්ඩේ එක හොඳේ. ඉතින් මම කල්පනා කළේ ම පොඩි සප්‍රයිස් එකක් දෙන්න කියල. ඒකත් නිකම් නෙවෙයි, එයා ආසම කෑම තියෙන තැනකට එක්කගෙන ගිහින්, මෙනුවෙ තියෙන කෑම බීමත් හිතේ හැටියට තෝරගෙන, ඇති පදමට කන්න බොන්න දීලා... තෑගි බෝග ටිකක් එහෙමත් අරගෙන දීලා...

දන්නැද්ද!

වැඩේ කියන්නෙ ඒ්කට හරියන තැනක්නෙ?

උදේ ඉඳන් හොයනව හොයනව, ම්හ්... නෑ කියන්නකො. මොකද කරන්නේ කියල බලබල ඉඳල අන්තිමට ‘යමු’ එකෙත් බැලුව. අන්න ඒ පාර තමයි ඇත්තටම එකක් සෙට්වුණේ.

‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’. තියෙන්නෙ කොළඹ ටෙනිස් කෝට් එක ඇතුලෙ.

ම්... බැලූ බැල්මට නම් හොඳ පාටයි... කමක් නෑ. මොක වුණත් ඉතින් වෙන තැනකුත් නෑනෙ. ඒ ගැම්මටම ගැහුව කෝල් එකක් එයාගෙ හොඳම යාළුවෙක්ටත්. ගහල කිව්ව කේක් එකකුත් ලෑස්ති කරගෙනම හරියට 1 වෙද්දි අදාළ ස්ථානයට එන්න කියල. එන්න කියල මම සනික ඇද්දෙ කල්තියා ම ලෑස්ති කරපු තෑගි ටික ගන්න. අරගෙන... ආයෙ හැරෙන තැපෑලෙන්!

මොකද ඒ අතරෙ ආවනෙ එයාගෙන් කෝල් එකක් “අයියෙ මම කොල්ලුපිටියෙන් බහින්න යන්නේ”

බුදාප්පෝ... මෙන්න මග එනෝ...!

ආයෙ නෝ වේටින්ග් කෙළින්ම වීල් එකේ ටෙනිස් කෝට් එක ළඟට ම. ඒත් කොහෙද, යද්දි අර යාළුව ඇවිත් නෑ කියන්නකො. කමක් නෑ, ඔය වගේ පොඩි පොඩි මිස්ටේක් කොහොමත් වෙනවනෙ. ‘ට්‍රැෆික් වෙන්න ඇති’ කියල හිතහදාගෙන ඔන්න මම තෑගි බෝග ටිකත් මේසෙ උඩින් තියල ගියා ඉස්සරහට ගියා පොඩි පිළිගැනීමක් දෙන්න කියල.

හප්පේ... ඊට පස්සෙනෙ, ෆුල් වෙල්කම් එක ඈ. ඊටත් අර යාළුවත් ආවා ඒ වෙද්දි ම. සප්‍රයිස් වීම කෙසේ වෙතත් එයා කෙළින්ම ගිහින් වාඩි වුණා කියන්නකො මේසෙට, කෑම ඉල්ලගෙන.

“ඔිඩර් කළේ නෑ ඉතින්. ඔයා එනකම් හිටිය‌ෙ. එහෙනම් ඔයාට කැමති දේවල් ම බලල ගන්නකෝ” මෙනුව දුන්න අතට.

“අනේ ඇත්තද.. ෂෝක් අප්ප!

අපි පීසා කමු නේ. බීෆ් පෙපරෝනි එකක් වගේ. ඒකයි... මට ඕන පැස්ටා එකකුත්. අයියෙ බොන්න මොනව හරිත්.. කූල් කැපුචිනෝ එකක්!”

“හරි හරි. ඔින දෙයක් ඉතින්. ඔයා ගන්නකො. මාත් ගන්නව ස්මෝක්ඩ් සැමන් සැන්ඩ්විච් ඒකක් වගේ”

ඔිඩරේ කතාබහ කරගෙන අපි අඬගැහුව සේවක මිත්‍රයෙක්ට.

“අපිට... බීෆ් පෙපරෝනි පීසා (රු. 1700)...”

“සර්, පීසා ගන්න නම් වෙලා යනව. පැයක් විතර යයි. මොකද අවන් එක තාම රත් කරල නෑ”

“ආ... ඒ වුණාට ඔයාලා දාලා තියෙනවනෙ 11 ඉඳන් ඇරල කියල”

“ඔව් සර්. ඒත් පීසා එන්නෙ ටිකක් පරක්කු වෙලා”

“ආ එහෙමද. එහෙම නම් කමක් නෑ, පීසා එක පැයකින් එවන්නකො. දැනට ස්මෝක් සැමන් සැන්ඩිවිච් එකයි (රු. 850), බොලොග්නීස් පැස්ට එකයි (රු. 1100), කූල් කැපුචිනෝ එකයි (රු. 550), පැෂන්ෆෘට් මොහිටෝ (රු. 550) එකකුයි ගේන්න”

මාර කඩ තමයි ඈ. මට නේද යාළු මළේ මළ. ඇයි අප්ප, එක්කො නෙට් එකේ දාල තියන්න ඔින, ‘පීසා එන්නෙ පළවෙනි එක්කෙනා ඕඩර් කරල පැයකට පස්සෙ ඉඳන් කියල.’

වෙලාවට අර යාළුව හිටියෙ, කතාවක් දාගෙන වෙලාව කකා ඉන්න.

කොහොමහරි මුලින්ම මේසෙට ආවෙ පැෂන් එකයි, කැපුචිනෝ එකයි. ඒ එක්ක ම වගේ කෑම ටිකත් ආවා. ඒත් කද්දිනෙ..

හයියෝ, ස්මෝක් සැමන්. ඒකෙ සැමන් රසකුත් නෑ ස්මෝක් ගතියකුත් නෑ. නිකම් පාටට මාළු පෙති දෙකක් විතරයි. යන්තම් බනිස් ගෙඩිය බටර් ටිකක් ගාලා ග්‍රිල් කරල තිබ්බෙ. ඒකයි මාළු පෙති දෙකට උඩින් චීස් පෙත්තක් තිබ්බා. ඒ හැරුණාම ගෝවා කොළයකුත් තිබ්බ. අනේද කියන්නෙ, වෙලාවට සෝස් එකක් එක්ක ෆ්‍රයිඩ් පොටැටෝ වෙජස් තිබ්බෙ. අන්තිමට කොහොමද දන්නවද, මම බනිස් කෑල්ලක් කනව, රසක් එන්න බැදපු අල කනව.

ම්ම්... අරයට ආපු පැස්ට එක නම් ඔන්න යාන්තම් ගොඩ ගිහිල්ල. හැබැයි ඒකෙත් ලුණු පොඩ්ඩක් මදි. හැබැයි ෆ්‍රෙෂ් තක්කාලි සෝස් එක්ක මිරිසුත් ළාවට දාලා, ක්‍රීම් චීස් පදම එහෙමත් හොඳ හැටි ගලපල... වැඩේ කියන්නෙ ඒ් හැටි හැම් තිබ්බ නැති එක තමයි. මගෙ හිතේ චිකන් හැම් හීනියට ලියල අර පේස්ට් එකත් එක්කම මික්ස් කරල වෙන්න ඕන. මොකද හැපෙන සයිස් එකට වැටිල තිබ්බෙ නැති වුණාට රස හොඳ හැටි තිබ්බනෙ.

වැඩේ වුණේ ඔය අතරට කැපුචිනෝ එක රස බලලනෙ. චැහ්, තොල කටේ යම් කිසි රසක් තිබ්බ නම් දෙයියනේ කියල ඒකත් ඉවරයි. කොටින්ම කියනව නම් ඒක තනිකරම මළ ජරාවක්. කැපුචිනෝ තියා නිකම් කෝපි රසක්වත් නෑ. තනිකරම වතුර. ඊටත් ඒකෙ උඩට දාපු අයිස් ටික සීතලයි, යටට බැහැපු කිරි ටික උණුයි.

එක උගුරයි බිව්වේ.. සත්තයි මට මූණට දමල ගහන්න හිතුණෙ ඈ.

ඒක එලෙසින් ම පැත්තකට කරල පොඩ්ඩක් ළංකරගත්ත පැෂන් මොහිටෝ එක. අඩුම තරමෙ සවුත්තු වෙච්ච කටවත් ගොඩ දාගන්න.

කිව්වට විශ්වාස කරන්න යාළු ඒක නම් අවංකයෙන් ම පංකාදු පහයි. රස පදමට, මදි නොකියන්න පැෂන් දාලා, දෙහි එක්ක ස්ප්‍රයිට් මින්චි අඩුම කුඩුමත් ගලපල, කූල් ගතියත් හොඳ පදමට තියෙන්න...

ටොපේ ටොප් හොඳේ.

ඔය අතරෙ ආවා කියන්නකො පීසා එකත්. ඒක දැක්ක විතරයි මට නිකම් දෙලෝ රත්වෙලා ගියේ. පෙපරෝනි දාලා තියෙනව කියන්නේ.. එක කටකට එක කෑල්ල ගානෙ සෙට්වෙන ගානයි යාළු. අනික ඒකෙ රොටියත් හරිම තුනී. තක්කාලි මොසරැල්ල චීස් බේස් එක උඩට මිරිස්, ගම්මිරිස් පදමත් ලාවට තියෙන්න, පෙපරෝනි ටිකත් පදමට කරවෙන්න… සත්තයි ඒකෙ නම් පුදුම රසක්. ඊටත් උඩින් ටබැස්කෝ සෝස් ටිකකුත් දාගත්ත කියන්නේ... රස නහර පිනා යන්නව බඩ කට පිස්සු වට්ටගෙන.

අන්තිමට ඉතින් කට්ටියටම කොහොමහරි එච්චරයි තමා. කාලා කාලා…

ෂෝට් ලීව් ආපු කට්ටිය හාෆ්ඩේ ගියේ ඕං!

Have you visited this place?

Write your own review!
See 1 Comment