533, Nawala Road, Nawala
Open 10.30 AM - 12 AM
A bar and restaurant that's great for its ambiance if you live in Nawala.
ගැහුවයින් ගැහුවෙ නෑ කියන්නකො එහෙම ගැහිල්ලක්. පරණ අවුරුදු කටේ, මම හන්දිය හතර වටේ!
සිද්ධිය වුනේ මේකයි. පරණ අවුරුද්දට අඩියක් ගහන්න කතා කරගෙන හිටියට මගේ ඔය එක එක ට්‍රැවල් සීන් නිසා අදාළ දවසෙ සෙට් වෙන්න බැරි වුනා. හැබැයි ඉතින් ටුවර් එක දාලා ආවට පස්සෙ නම් මටත් හිත ෂොට් එකක් දාන්නමයි. ඒත් වීක්එන්ඩ් එකේ ගෙවල් පැත්තෙ උන්ට පොල්ල තියපු නිසා ආයෙ, උන්ට කතා කරන්න බෑනෙ. ඔපිස් එකත් වරුවෙන් වහන පාටක් තිබ්බෙ. ඔන්න ඔහෙ කෝකටත් තයිලෙට ඉන්න කරාටම අදත් කතා කරනව කියල හිතා ගත්තු මම සෙනිකව බඩු ටිකත් බෑග් එකට දාගෙන 138ක එල්ලුනා.
“හලෝ, ඒ කරා, කොහෙද ඉන්නෙ?”
“ආ මචං, මං, මං මේ ඔපිස්.. මේ, පන්නිපිටි… මේ.. ගෙදර යන ගමන් බං ඉන්නෙ. පොඩි හදිස්සියකට. අක්ක කතා කරල බඩු ලැයිස්තුවක් කිව්ව බං ගේන්න”
“අනේ නිකං පළ යකෝ යන්න, කෙබ්බ ගහන්නැතුව. අර කොන්දට කියපං මහරගම කියල කෑ ගන්නැතුව වෙන එකක් කියල කෑ ගහන්න කියල. මේ ඒ වැයින් මේවැයින් වැඩක් නෑ. මට බොන්න ඕන. ඒ නිසා වහාම වර නුගේගොඩට”
“ඒ මචං කියන්නෙපෑ බං.. බොන්න කියල. මං හිතුවෙ කොහේ හරි ටුවර් එකක් යන්න කියල. විනාඩි 10ක් දියන් මම සෙනිකව නුගේගොඩ”
“මුගෙ ආච්චිට, බේබද්දා” හිතින් බැන බැන හයිලෙවල් එකෙන් බැහැපු මම අඩියට දෙකට වටපිටාවෙ බාර් ටික පීරන්න පටන් ගත්තා. ග්ලිට්ස් එක ගාව එක වහලා, කොහුවල පැත්තට ගිහින් බැලින්නම් ගිහාන්ස් එකයි අර චයිනීස් එකයිත් වහලා. දැන් මාර වැඩේ. 176 එල්ලිලා ඇවිත් සුපර් මාර්කට් හන්දියෙ බාර් ටික බැලුවාම ඒවත් වහල කියන්නකො.
අරක්කු ටිකක් බී ගන්න බැරුව අන්ත අසරණ තත්වට පත්වෙලා ඉඳිද්දි විනාඩි 10ට එන්නම් කියපු එකත් තාම නෑ. කරන්න දෙයක් නැතිම තැන, මම හීන් සැරේ වට පිටාව ගැන කල්පනාවක් දැම්මා. හ්ම්.. සංහිඳ එක!, අනිවා වහල ඇති. අඩේ නාවල ස්ටීම් බෝට් එක. සෙනිකව ගැහුවා කෝල් එකක්, ඒකත් වහල කියන්නකො.
මේ යන විදියට නම් සෝලිස් එකත් වහල ඇති. නිකං සැකේට වගේ කෝල් එකක් දීලා බැලුවා.
“ඉයාර්, වී ආර් ඕපන් ටිල් ලෙවන් සර්”
වදන් පෙළ ඇහුවත් හරි මගේ ඉහේ මලක් පිපුණ වගේ. වෙලාවට ඒ වෙද්දි යාළුවත් ඇවිත් හිටියෙ. දෙන්නත් එක්ක සෙනිකව මීටර් ටැක්සියක නැගල දඩි බිඩි ගාලා නාවල, කොස්වත්ත හංදියට ගෑටුවා.
වැඩිය ගොඩ නොවුනත් යන එන මගේ දැකල පුරුදු සුපුරුදු ලී දොරෙන් ඇතුලට ගියපු අපි දෙන්නට දැන් ෆුල් හැපි. ඒ මදිවට සෝලිස් එක අළුතෙන් හදලා. ඉන්ටීරියර් පාර පට්ට ලස්සනයි. සෙනඟත් කවුරුත්ම නැති නිසා ලයිට් වලින් එන ගතියත් සුපිරියට පේනව. එකම අවුල තියෙන්නෙ පබ් එකයි, ෆැමිලි රෙස්ට් එකයි දෙකම එකට තියෙන එක. හැබැයි ඒ දෙකටම පිටිපස්සෙන් එළිමහනට වෙන්න හදපු අළුත් කෑල්ල අඩියක් ගහන්න කියාපු. කොළ, දුඹුරු පාටින් හැඩ කරල හරිම කැළෑ ගතියක් තියෙන්නෙ. එළිමහන කියල නැතුව ‘ඒ.සී.’ත් කරල තියෙන නිසා තවත් මරු.
ඇතුලට ගියත් හරි සේවක මිත්‍රයෙක් හරි අපූරු හිනාවක් එක්ක ගුඩ් ඊව්නින්ග් පාරක් දාලා අපිව පිළිගත්තා. ඒ අතරට කෝකියත් එකතු වෙලා. බාර් එකට කිට්ටු මුල්ලක් අල්ලල සැප කුෂන් පුටුවක වාඩි වුන අපි දෙන්න හීන් සැරේ මෙනුව අතට ගත්තෙ මොනවද බොන්නෙ කියල බලන්න. හැබැයි ඊට කලින් කුක් අපිත් එක්ක සෙට් වුනා. ඉතිං යාළුවට අරක්කු තෝරන්න කියල මම කුක් එක්ක කතාවට වැටුනා. එයා කියපු විදියට නං සෝලිස් ස්පෙෂල් ඩිෂ් එක (රු. 2000-3000) තමයි එතන නැගලම යන්නෙ. මොකද ඒකෙ නැති මස් ජාතියකුත් නෑලු. රස පළතුරු ජාතිත් එමටයිලු. ඉතිං හිත හිත ඉන්න දෙයක් නෑනෙ. මම පටස් ගාලා එයින් එකක් ඕඩර් කලා.
කෝකි යාළුව කුස්සියට ගියත් හරි වේටර් යාළුව දඩි බිඩියට අපේ මේසෙ හදල දුන්නා. අරක්කු සොට් 2යි (DD 100ml - රු. 400). බියර් බෝතල 2යි (Lion Strong - රු. 500). පිඟන්, හැඳි ගෑරුප්පුයි, ෂහ් නියම සර්විස් එක (රු. 390).
බයිට් එකකම් නිකං ඉන්නත් බෑනෙ ඉතිං. යාළුවයි මායි අමුවෙන්ම පොඩි චියර්ස් පාරක් දාලා වැඩේ පටන් ගත්තා. කොහොම හරි සෝලිස් ස්පෙෂල් එක මේසෙට එන්න විනාඩි 15ක් විතර යන්න ඇති. හම්මේ… සුවඳ. පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු. පිඟාන ස්ටූල් එක උඩින් තිබ්බට පස්සෙ යාළුවයි මායි මූණට මූණ බලාගෙන. ඇයි අප්පේ කවද දකින්නද මෙහෙම බයිට්.
ඔන්න අහගන්නකො. දවලට බැදපු තෝර හරි පරා හරි මාළු කූරු 15ක් 20ක් විතර එක අයිනක. KFC ක්රස්පි චිකන් රස පරදන උණු උණු, තඩි ක්‍රිස්පි චිකන් කෑලි 3ක් ඉස්සරහටම වෙන්න. කටට කෙල උනන, සුවඳ වෑහෙන දවටල බැදපු ඉස්සො, දැල්ලො තොගයක් පිඟානෙ තවත් පැත්තක. වැඩේ කියන්නෙ ඔය ඔක්කොටම යට වෙලා තිබුනා කියන්නකො බැදපු ජම්බො සොසේජ් කරල් 3ක්. බයිට් එකේ ලස්සන එන්නෙ පිඟාන වටේ හැඩ කරපු රතු, කොළ ඇපල් පෙති වලින්. එතකොට… ලොකු මිදි වලු දෙකකුත් කොන් දෙකේ තියෙනව. ඔය අතරට අපිට කල්පනා වුනේ වෙලාවට බීෆ්, පෝර්ක් දාන්න එපා කිව්වෙ කියල. ඇයි ඉතිං පිඟානෙ ඉඩක් තියෙන එකක් කියලයැ.
අරක්කු, බියර් ඕන එකකට සුපිරියට කැපෙන මේ සෝලිස් ස්පෙෂල් බයිට් එකේ දවලට බැදපුව ගැන නං ආයෙ කතා කරල වැඩක් නෑ. මාළු කූරු ටික කොච්චි පේස්ට් එකත් එක්ක පංකාදු පහයි. හැබැයි ඉස්සො, දැල්ලො නං යන්නෙ චිලි, ටොමැටෝ සෝස් එක්ක. සෝසේජස් එක හොඳට බැදිලා නිසා ඇපල් කෑලි, මිදි ගෙඩි එක්කත් නැගලා යනව. ඔක්කොමත් හරි, ක්‍රිස්පි චිකන් එක කියන්නකො පට්ටම රස. කෑලි 3යිනෙ තිබුනෙ. අන්තිම කෑල්ලට දෙන්න හෙන පොරේ. ක්‍රිස්පි චිකන් රස නං අදටත් මතකයි යාළු. කරස් ගාලා හැපෙද්දී… අරක්කු ඕනත් නෑ.
කොහොම හරි අරක්කු ෂොට් දෙකයි බියර් බෝතල් දෙකකුයි හිස් කරලත් අන්තිමට බයිට් ඉතුරුයි. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද සෝලිස් ස්පෙෂල් එක කියල. අන්තිමට දෙන්න ඉස්මුරුත්තාව එනකම් බයිට් කෑවා. මද පවනට වැදිලා තිබ්බ නිසා අපි ෆුල් ආතල් එකේ හිටියෙ. අනික සෙනඟත් කවුරුත් නෑනෙ. හරිම නිදහස්.
පරණ අවුරුදු කටේ, සෝලිස් එකෙන් එළියට බැස්සෙ නං හොඳම සැපේ. කුක් යාළුවයි, වේටර් යාළුවයි එක්ක ෆොටෝසුත් ගැහුවා කියන්නකො. ඇයි ඉතිං පට්ට සුහද, සුපිරි සේවාවක් දුන්නාම අගය කරන්නෙ නැතුව පුලුවන්ද මං කියන්නෙ. ඈ…
If you're looking for a new spot to chill with your friends over a few drinks or even a bottle, consider Grand Solis.
සිංහල ඉතින් හිතන්නකො, එහෙම ලෙසටම බයිට් තියෙද්දි මිනිහෙක් කෙළින් නැගිටියිද කියල. බොහොම අමාරුවෙන් කරාව බේරගත්තෙ තව බාගයක් ගේන්න කියන්න හදද්දි. ඒක ගෙනාව නම් අලුත් අවුරුද්දටත් පස්සෙ නැගිටින්න වෙන්නෙ ඈ...
සිංහල කොහොම හරි අරක්කු ෂොට් දෙකයි බියර් බෝතල් දෙකකුයි හිස් කරලත් අන්තිමට බයිට් ඉතුරුයි කියන්නකො. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද සෝලිස් ස්පෙෂල් එක කියල. මොනව කරන්නද අන්තිමට දෙන්න ඉස්මුරුත්තාව එනකම් බයිට් කෑවා.
Address
Directions
It's right on Nawala Road at the Koswatte junction. If you're coming from Rajagiriya it's to your right, otherwise it's to your left. Its white facade is reminiscent of a casino.
Contacts
Report InaccuracyOpen 10.30 AM - 12 AM
Cuisine
Price Range
Dish Types
Kottu Fried Rice Pork Chicken Cuttlefish Alcoholic Wine Spirits
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
Cheap, yet not-so-dodgy place to sip a beer while staring…
4/5
AdamG
I've been to the air-conditioned restaurant downstairs. Good dishes at reasonable prices.
5/5
hasithaweerakkody
Good place for casual hang out with friend
3/5
sinnerman
Rated 3/5