533, Nawala Road, Nawala
Open 10.30 AM - 12 AM
A bar and restaurant that's great for its ambiance if you live in Nawala.
ගොඩාක් පරණ සිද්ධියක්. ඒ වගේම ගොඩාක් පරණ පුරුද්දක්!
පරණ අවුරුද්ද ඉවරකරල අලුත් අවුරුද්දට පියනගන්න... සාමාන්‍යයෙන් කරයි, මායි හැමදාම ගොඩවෙන්නෙ නාවල සෝලිස් එකට. මොකද ඒකට ගියාම ඇත්තටම ගෙදර ගියා වගේනෙ. හිතේ හැටියට කාලා බීලා, උපරිම විනෝද වෙලා එන්න පුළුවන්. සේවක මිත්රයොත් මාර හිතවත්. කෝකි මහත්තය... ඉන්නව නිකම් අපි එනකම් මග බලාගෙන වගේ. ඇත්තටම ඒ හිනාව දැක්ක කියන්නේ, මොන ජාති ගැහුවත් කරටි කැඩෙන්න වදිනව යාළු. ඒකත් වෙන දෙයක් නිසා නෙවෙයි, ඒ අවංක වූ සේවාව නිසා.
ඉතින් මෙදා පාරත්... අපි, පරණ අවුරුද්ද අල්ලල ගොඩවුණා සෝලිස් එකට. මතකෙ හැටියට හැන්දෑවෙ හයට විතර ඇති.
“හප්පේ.. දකින්නත් ආසයි අප්ප”
කිව්වට විශ්වාස කරන්න යාළු ගොඩ වෙලා අඩි දෙකයි තියන්න හම්බවුණේ. කොහෙදෝ ඉඳන් ආපු කෝකි මහත්තය සුපුරුදු හිනාවත් එක්ක අපේ ඉස්සරහ!
“ඔයාලා ඉතින් අවුරුද්දට සැරයයිනෙ එන්නෙ අපිව බලන්න. එන්න එන්න, වාඩි වෙන්න.
මොනවද ගන්නෙ?”
“ම්ම්… හැමදාම වගේ සංස්ථා මොනවහරි තමයි. ඕල්ඩ් එකක්!
ඒකයි... දෙන්නකො ඉතින් මේ අවුරුද්දෙත් ඔයා දාපු අලුත් කෑම මොනවහරි”
“අලුත් කෑම? අලුත් කෑම කිව්වාම අපි ගමු ඒනම්... මට්න් කොත්තුවක් (රු. 1500). ඒකයි... සෝලිස් ස්පෙෂල් රයිස් (රු. 1500) එකකුයි වගේ?”
“එළ. සුපිරි. හැබැයි පෝර්ක් මොනවහරිත් ඕන බ්‍රෝ”
“පෝර්ක්? පෝර්ක් නම්.. මේ ටිකත් එක්ක ගැලපෙන්න… රෙඩ්චිලි (රු. 800) එකක් දාමු. ඒක සුප්ප”
“ඔය තියෙන්නෙ. ඒනම් ගේන්න ලොක්ක පිඟන් පුරෝල.
ආහ්! මෙ, සැන්ඩියට සෝඩා හොඳේ”
“අනිවා අනිවා. මං දන්නවනෙ ඉතින්…”
කියල වැඩක් නෑ යාළු. ඇත්තම කියනව නම් ෂොටක් දාලා මදපවනට එනකම් ඉවසිල්ලක් නෑ. ඒ කියන්නෙ, අනේ මන්දා සෝලිස් එකේ හැටියක්ද මොකක්ද කියල. මාර ම ගැම්මක් එන්නෙ එතනට ගියාම ඇඟට. හිතාගන්න බෑ අප්ප!
කොහොමහරි ඉතින් ඕඩරේ දාලා අනික් පැත්තට අපේ මේසෙ හැදුණෙත් අපේ ම හිතවතෙක්ගෙ අතින්. පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු එක්ක අයිස් බකට්, ටිෂූ ඔක්කොම සනික සනික මේසෙ උඩට. ඒ විතරක් නෙවෙයි කෑම ගෙනාවාම තියන්න ඉඩත් ගැලපුව කියන්නකො. වැඩේ කියන්නෙ ඒ අනික් පැත්තට අරක්කු අඩුමකුඩුම ටිකත් මේසෙට.
“හපන්න දෙයක් එනකම්... මොකෝ බං කියන්නෙ”
“අල්ලමු අල්ලමු”
මමත් එක පයින් ම!
‘සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලි’ කියල දෙන්න දාගත්ත ඔන්න පළවෙනි දෙක අමුවෙන්ම.
“සැහ්! කට කාරල ගියේ ඈ... ඉතින් කියපන්කො, මොකෝ බං දැං අපේ වැඩ ටික” ඇල්ලුව අලුත් අවුරුද්දෙ අලුතෙන්ම එන්න තියෙන වැඩ ටිකේ පුරෝකථනයට.
“ගොඩක් දුරට හරි බං. ඇත්තටම…”
දන්නැද්ද ඉතින්, කතාවෙන් කතාව ෂොට දෙකවුණා. ඊටත් බයිට් ටිකත් හෙමින් සැරේ මේසෙට ආවනෙ.
එතනින් එහාට ඉතින් අපේ කතා ටික ටික අඩු. කෑමට තමයි එන්න එන්න... මොකද දෙන්නට හෙමින් හෙමින් බඩු නෙ!
ඉස්ඉස්සෙල්ලාම කියල අපි අත තිබ්බෙ මට්න් කොත්තුවට. මැටි ඇතිලියෙ දුම් ද දා තිබ්බ කොත්තුවෙන් ටිකක් අමාරුවෙන් තමයි පිඟානට දාගත්තෙ. මොකද ඒකෙ සයිස් එකත් ලොකුයිනෙ. කොටින්ම කියතොත් දෙන්නෙක්ට බඩ පැලෙන්න තියෙනව. හැරත් ඒකෙ රස! ෂප්පේ.. සුවඳට ම කටට කෙල උනනව යාළු. හොඳ හැටියට කැරට් ලීක්ස්, ලූණු අමුමිරිස් දාලා, මිරිස් එක්ක හොඳ පදමට ගම්මිරිස් තුනපහ එකතු වෙච්ච හොද්දකින් රස කරල, පදමට තැම්බුණ තඩි මට්න් කෑලිත් හත අටකුත් එකතු කරල... ඒ විතරක් නම් බැරියැ තඩි බුල්සායි දෙකකුත් උඩින් දාලා කියන්නකො. වැඩක් නෑ කියන්න, බයිට් එකට වගේම ඩයට් එකටත් කියාපු ම කොත්තුව හොඳේ.
වැඩේ කියන්නෙ ඊට දෙවනි නැති ස්පෙෂල් රයිස් එකනෙ. අපි මුලින් හිතුවෙ ඇත්තටම ඒක මික්ස් ග්‍රිල් එකක්වත්ද කියල. ඇයි අප්පේ.. උඩින් දාලා තිබ්බ මස් මාළු තොගේට බත් එක සම්පූර්ණයෙන්ම වැහිලනෙ. හිතන්නකො ගැඹුරු තෙලේ බැදපු ඉස්සො, සොසේජස් පෙති, චිකන්, පෝර්ක්. එතකොට ලුණු ගම්මිරිස් පදමට දමාපු සුප්ප බැටර් එකක දවටල බැදපු මාළු, දැල්ලො තීරු. ඒ හැරුණාම ලූනු, මිරිස් අඩුමකුඩුම හොඳ හැටි දාලා හදපු තඩි ඔම්ලට් කෑලි, ඈ... තව මොනවද කියන්නකො ඉතින්. අනික බත් එකත් කීරි සම්බ හාලෙන් හදල කැරට්, ලීක්ස්, ගෝවා, බිත්තර අඩුමකුඩුමත් නූලට දාලා... කන්න කන්න ආසයි හොඳේ. සුපිරිම රසක් තියෙන්නෙ. අර එකම අවුල වුණේ ටිකක් වෙලා යද්දි පොඩ්ඩ අල්ලන සීතල ගතිය තමයි. මොකද රෙස්ටුරන්ට් එකේ නහුතෙට ඒසීනෙ.
ඒ ඔක්කොමත් හරි, පෝර්ක් එක! එක කෑල්ලයි කෑවෙ හප්පොච්චියෝ.. කියල හිතුණ. ඒකෙ රස නම් යාළු ඩබල් ස්පෙෂල් හොඳේ. හිතා ගන්න බෑ, මොකද රියල් ම චයිනීස් රසකුත් නෙවේ, ටිකක් අපේ විදියටත් ගලපල හදල තියෙන්නෙ... පෝර්ක් කෑලිත් ගැඹුරු තෙලේ බැදල එකතු කරලා... රතු මිරිසුයි, කෑලි මිරිසුයි, කංකුං, ලූනු, සුදුලූනු එක්ක සෝස් ජාතිත් දෙක තුනක් කලවමේ... පිස්සු පීකුදු වෙනව කියන්නෙ. ඇත්තටම බයිට් එකට නම් කියාපුම පෝර්ක් එක හොඳේ. රයිස් එකත් එක්ක උණු උණුවන් රසබලද්දි නිකම්... මාරයි අප්ප!
ඉතින් හිතන්නකො, එහෙම ලෙසටම බයිට් තියෙද්දි මිනිහෙක් කෙළින් නැගිටියිද කියල. බොහොම අමාරුවෙන් කරාව බේරගත්තෙ තව බාගයක් ගේන්න කියන්න හදද්දි. ඒක ගෙනාව නම් අලුත් අවුරුද්දටත් පස්සෙ නැගිටින්න වෙන්නෙ ඈ...
කොහොමහරි මට ළාවට මතකයි කුක් මහත්තයයි, සේවක මිත්‍රයො ටික එක්ක පොටෝ එකක් ගහනව. ඊට පස්සෙත් එයාලට විශ් කරල දොර ළඟටත් ඇවිල්ල තියෙනව...
එතනින් එහාට…!
If you're looking for a new spot to chill with your friends over a few drinks or even a bottle, consider Grand Solis.
සිංහල ඉතින් හිතන්නකො, එහෙම ලෙසටම බයිට් තියෙද්දි මිනිහෙක් කෙළින් නැගිටියිද කියල. බොහොම අමාරුවෙන් කරාව බේරගත්තෙ තව බාගයක් ගේන්න කියන්න හදද්දි. ඒක ගෙනාව නම් අලුත් අවුරුද්දටත් පස්සෙ නැගිටින්න වෙන්නෙ ඈ...
සිංහල කොහොම හරි අරක්කු ෂොට් දෙකයි බියර් බෝතල් දෙකකුයි හිස් කරලත් අන්තිමට බයිට් ඉතුරුයි කියන්නකො. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද සෝලිස් ස්පෙෂල් එක කියල. මොනව කරන්නද අන්තිමට දෙන්න ඉස්මුරුත්තාව එනකම් බයිට් කෑවා.
Address
Directions
It's right on Nawala Road at the Koswatte junction. If you're coming from Rajagiriya it's to your right, otherwise it's to your left. Its white facade is reminiscent of a casino.
Contacts
Report InaccuracyOpen 10.30 AM - 12 AM
Cuisine
Price Range
Dish Types
Kottu Fried Rice Pork Chicken Cuttlefish Alcoholic Wine Spirits
Ratings Breakdown
A restaurant and a guest house in Ella, that one should…
Cheap, yet not-so-dodgy place to sip a beer while staring…
4/5
AdamG
I've been to the air-conditioned restaurant downstairs. Good dishes at reasonable prices.
5/5
hasithaweerakkody
Good place for casual hang out with friend
3/5
sinnerman
Rated 3/5