Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

2/5

Great Wall (Pelawatta)

16, parlimant road, Pelawatta, Battaramulla


If you have money to waste, please do anything except of trying this place.



“හෝ හෝ හෝ.. නවත්තන්න නවත්තන්න. අද උයන්න ඕන නෑ. මං යනව දැං එළියට. කෑම අරගෙන එන්නං රෑට කන්න” හෙන ලොකු සීන් එකක් දැම්ම අම්මට. දාලා ගිහින් ඇඟපත එහෙමත් හෝදගෙන, ඇඳුමක් දාගෙන... පික්මියක් දාන්න බලද්දිනෙ.. එකක්වත් නෑ කියන්නකො.

‘චැහ්..’

කියල කටගන්න හම්බවුණේ  නෑ.. මෙන්න ඇදහැලෙන්න ගත්තා.. අනෝරා එකෙත් හොඳ එකෙන්. ආයෙ ඉතින් බලාපොරොත්තුවක්වත් තියල වැඩක් නෑ. මොකද පායලත් සෑහෙන වෙලා යනකම් මේකෙ වාහන නෑනෙ. ඒත්.. කරන්න දෙයකුත් නැති එකේ, ඔන්න ඔහෙ දිගටම ට්‍රයි කරනව කියල මම චාජරෙත් ගහගෙන වැඩේ පටන් ගත්ත.

ම්.. විනාඩි 20කට පැය බාගෙකට විතර පස්සෙ මගෙහිතේ, ඕ..න්න හිතහොඳ අයිය කෙනෙක් ගත්ත හයර් එක. “අයියනාග දෙවිපිහිටයි. පරිස්සමට එන්න ලැබේවා..” මම එක සිතින්ම ප්‍රාර්ථනා කළේ .. ‘අනේ දෙයියො කෝල් කරල කියන්න නම් එපා එන්න බෑ, වහිනව, දුරයි, පාර පේන්නෑ කියල’

කොහොමහරි ඉතින් ඒ අයිය එහෙම කළෙත් නෑ මට. ගේ ළඟටම ආවා. ඇවිල්ල හිනාවක් දාලා..

“වහිනව නේ සර්” කියල, සුහද පිළිගැනීමකුත් දීලා..

විනාඩි 10ට විතර පැළවත්තටත් එක්කගෙන ගියා. ගිහිල්ල ෂොප් එක ලඟින් හරාවත් අරගෙන ඔන්න කෙලින්ම පාර්ලිමන්ට් පාරෙ ග්‍රේට් වෝල් චයිනීස් එකට.

“ගුඩ් ඊව්නින් සර්..” එතනත් ෆුල් වෙල්කම් එක. ඊටත්.. මෙනුව මේසෙටම දීලා, මේසෙ හදලත් දීලා, කෑම තෝරන්න එහෙම.. ඒකටත් උදව්කලා.. ලෙසටම. ඒ නිසා අපිට සනික ඕඩරේ දාගන්නත් පුළුවන් වුණා. ස්පෙෂල් රයිස් එකයි (රු. 820), මැලේෂියන් නූඩ්ල්ස් එකයි (රු. 1430), පෙපර් පෝර්ක් එකයි (රු. 940), ෆ්‍රයිඩ් මට්න් විත් අනියන් එකයි (රු. 1130).

“සර් හොට්බටර් කට්ල්ෆිෂ් එකකුත් (රු. 1100) දාලා බලන්න. ඒක යනව අපේ සෑහෙන්න”

“එහෙමද..? හා එහෙනං එයින් එකකුත් දාන්නකො”

කියල හරාගෙ පැත්ත හැරුණා. ඒකා ගජරාමෙට, කට ඇරගෙන මැච් එක බලනව කියන්නකො. මාත් ඉතින් කරන්නත් දෙයක් නැති එකේ මැච් එකම බලනව කියල ඔන්න හැරුන ටීවී එක පැත්තට.

අනේ මංදා කාලෙකින් බලන නිසාදවත් කියල අපේවුනුත් ගහනවනෙ ලෙසටම!

“එක්සියුස් සර්”

“ආ.. යස්.

ආ.. කෑම ටික ඇවිල්ලනේ. ඒ.. කමු කමු”

මේසෙට එනකම් නොදන්න කෑම ටික දිහා එවෙලෙ තමයි යාලු බැල්ම හෙලුවෙ.

බැල්ම.. හෙලුව හෙලුවත් හරි දෑස අන්ධ වෙලා කන් බිහිරි වෙලා ගියේ..

ඇයි දෙයියනේ මේ මොන අපරාධයක්ද මේ.. රු. 1100 දීලා ගෙන්නපු හොට්බටර් කට්ල්ෆිෂ් එකේ කට්ල්ෆිෂ් කෑලි 10, 12ක්. ඊට එහායින් තියෙන බ්ලැක් පෙපර් පෝර්ක් එකේ, පළා ලියන්න වගේ ලියපු පෝර්ක් කෑලි 12, 13ක්. කඳුළු කැට දෙකොපුල් දිගේ රූරා වැටෙන්න පටන් ගත්තෙ මට්න් එක දැක්කාම. යාළු ඒකෙ.. මට්න් කෑලි 8, 10යි. ඊට පස්සෙ රයිස් එක. සත්තයි ඒක නම් ස්පෙෂල්ම ස්පෙෂල්. කැරට් අල කාලක විතර හීනියට ලියපු කැරටුයි, ඒ ගානටම වගේ ලීක්ස්, ලූණු කොළයි, ඊටත් හීනියට ලියපු චිකන්ද මොනවදෝ මස් වගයකුයි.

අනේ.. ඇහට කණට පේන්න කියල තිබ්බෙ නූඩ්ල්ස් එක විතරයි. ඒකෙ නම් තිබ්බ ඉස්සො, දැල්ලො මාළු ටිකක් හොඳ හැටියට. හැබැයි රස අවුල්. තනිකරම එක එක ජාතියෙ සෝස්!

ගාණ ගැන හිත හදාගන්න අඩුම තරමෙ කෑමවල රසවත් තිබියන්.

මේව නම් සහ ගහන අපරාධ සාන්ත.

ස්පෙෂල්ය කියල ගෙනාපු රයිස් එකට වඩා හොඳට රයිස් දානව අපෙ හංදියෙ පාල අයිය.

‘දැං කියයි ඕවා ඔතෙන්ටික් කියල’. !@#4%^ ඔතෙන්ටික්. අපි කාලා නෑනෙ ඔතෙන්ටික් චයිනීස්. ගන්න තියෙන අඩුම ගණන්වලද කොහෙද සෝස්, අඩුම කුඩුම ටික ගෙනැල්ල, කන්න පුළුවන් බත, නූඩ්ල්ස් එකත් කන්න බැරි තත්වෙට පත් කරල.. 

සත්තයි යාළු ඒකට දාපු මස් ටික හොයන්නත් අන්වීක්ෂයක් ඕන.

අර නූඩ්ල්ස් එක එහෙම! තුක් විතරක්. ඊට වැඩිය රසයි කිස්ට් ටොමැටෝ සෝසුත්. මොන මළජරාවක් දාලද මන්දා මැලේෂියන් නූඩ්ල්ස් එක එහෙම පිටින්ම පජාත කරල. කන්න තියා.. ඉස්සො, දැල්ලො, මාලු කෑලි ටිකක් තිබ්බ තම්බල, ගැඹුරු තෙලේ එහෙම බැදල. ඒවයෙ රසක්වත් හරි හැටි එන්නෙ නෑ අර සෝස් කේස් එකෙන්. අනේ මන්දා මොනව හිතිලද කියල, එක්කො වැඩි වෙලාද දන්නෙ නෑ, නූඩ්ල්ස් එකට නම් දාලා තිබ්බ එළවලු ටිකක් හොඳ හැටියට.

ඇඟේ මාළු නටන්න ගත්තෙ හොට් බටර් කට්ල්ෆිෂ් එක ළඟට ගත්තාම. එක මාළු මිරිස් කෑල්ලක් දාන්න. බැදපු රතු මිරිස් කෑල්ලක් දාන්න. එහෙමත් බැරි නම් අඩුම තරමෙ රස පදමට බැටර් එකවත් හදන්න.. කුකෙක් නෙවෙයි ඒක නම්…..

මට්න් එකෙත් මට්න් ටික බැදල, මොනවදෝ සෝස් එකකට, දාලා ඒකට ලූණු ටිකක් ලියල දාලා ලූණු කොළත් එක්ක. අපරාදෙ කියන්න බෑ, ඊට වැඩිය හොඳයි මට්න් ටිකයි ලූනු ටිකයි අමුවෙන් දුන්න නම්, අපි ගෙදර ගිහිල්ල හදාගන්නවනෙ කන්න පුළුවන් විදියට.

ඔන්න පහළින් තියෙනව බ්ලැක් පෙපර් පෝර්ක් එකේ ෆොටෝ එක. බලන්න යාළු, මේ වගේ.. බ්ලැක් පෙපර් නැති බ්ලැක් පෙපර් පෝර්ක් එකක් දැක්කොත් ආයෙ අපිට කියන්න එපා.. අටපට්ටමටම කියන්න.

අඩුම තරමෙ මෙනුවෙ ෆොටෝ ටික හරි දාලා තිබ්බ නම් අපි කඩෙන් සෝස් බෝතලයක් අරගෙන ඌරුමස් ටිකක් බැදගෙන කාලා බීලා දානවනෙ. රු. 1000ක් පිදුවෙ ඒකටත් අන්තිමට.

බැරි කඩවල් නොකර ඉන්න ඕන එක්කො. මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනව! හිතන්නකො කෑම ටික එච්චර පජාත කරල රු. 500ට එහා පැත්තෙ සර්විස් චාර්ජ්ද, වැට්ද මොනවදත් ගහල බිල එවද්දි?

සුද්ධ සිංහල මතක් වෙන්නෙ!

“හම්මෝ.. ඇති යාන්තං බං. මං මේ බයෙන් බයෙන් වතුර ටික බිව්වෙ.

හැබැයි වතුර ටික නම් සුප්ප ඈ.. උබත් ඔය දන්න කියන උදවියට කියාං..

මෙතන වතුර බොන්න කියාපුම තැන කියල.

ආයෙ කතාකරාංකො මේ වගේ අම්බලන් වලින් කන්න...”

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment