Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Great Wall

3, Edward Lane, Colombo 3


Great Wall has been around for a while now, but they're mostly known for their take out. We dropped by for lunch to see how they match up against the growing number of Chinese restaurants in Colombo.



බම්බලපිටියේ එම්. සී ෆුඩ් කෝර්ට් එක, සති අන්තෙක යන්න නරක ම තැන්වලින් එකක්. හුස්මක් කටක් ගන්න බැරි සයිස් එකට සෙනඟ! බඩගින්නේ වේලි වේලි අනිත් උදවිය කන දිහා බලාගෙන ඉඳලා, කකුල් දෙකයි හිතයි දෙක ම රිද්දගන්නවට වඩා හොඳයි එහෙමම පාරේ අනිත් පැත්තට පැනලා බිලාල් එකෙන් කොත්තු පාරක් දාන එක.

පහුගිය දවසක කොම්පියුටරයක් ගන්න හිතාගෙන එම්.සී එකට ගිය යාළුවෙකුටයි මටයි මුහුණදෙන්න වුණෙත් මේ කුජීත අත්දැකීමටමයි. හැබැයි එදා නම් තිබුණේ කොත්තුවෙන් පිරිමහගන්න පුළුවන් විදියේ බඩගින්නක් නෙවෙයි. ඉතින් ඊට පොඩ්ඩක් එහාපැත්තේ තිබුණු ග්‍රේට් වෝල් එකට යන්න හිතාගෙන අපි දෙන්නත් එක්ක එළියට බැස්සා.

තැන

බම්බලපිටිය හන්දිය පහුකරගෙන ගාලු පාර දිගේ යද්දි, දකුණු පැත්තෙන්  මුණගැහෙන එඩ්වඩ් ලේන් එකේ තමයි මේක තියෙන්නේ. හරියට ම කිව්වොත් බෞද්ධාලෝක මාවත පහුවෙච්ච ගමන් තියෙන පාර. මේකෙත් ලොකු දුරක් යන්න ඕනේ නැහැ. වැඩිම වුණොත් මීටර් 10ක් ඇති. පාරේ මුලට පේනවා රෙස්ටෝරන්ට් එක තියෙන හැටි.

මේක හොඳ සුවපහසුවට වාඩිවෙලා කෑම ටිකක් ගන්න හොඳ තැනක්. පවුල් පිටින් ආවත් රෙස්ටෝරන්ට් එකේ ඇති තරම් ඉඩ තියෙනවා. වාතාවරණයත් බොහොම නිස්කලංකයි.

කෑම බීම

මේ සැප පහසු පුටුවක හරි බැරි ගැහිලා වාඩිවෙලා විනාඩියක් ගියේ නැහැ; මෙනුව අපේ මේසේ උඩ!  ඔය ගොඩක් චයිනීස් කඩවල් වගේ තමයි, මේකෙත් තිබුණේ තඩි මෙනු පොතක්. නා නා ප්‍රකාර විදියට හදපු චිකන්, බීෆ්, පෝක්, සීෆුඩ් වර්ග මේකේ දැකගන්න ලැබුණා. බීම වර්ග විදියට තිබුණේ ෆෘට් ජූස් වගේ ජාති.

ස්ටාටර් එක විදියට අපි ඕඩර් කළේ කවදත් පුරුදු “ස්වීට් කෝන් සුප්” (රු.592) එකක්. ඉන්නේ අපි දෙන්නෙක් විතරක් නිසා අපි ගත්තෙත් ස්මෝල් පෝෂන් එක. වැඩි ම වුණොත් විනාඩි පහක් යන්න ඇති; මෙන්න බොලේ හතර දෙනෙක්ට බොන්න පුළුවන් සයිස් එකේ තඩි සුප් හැළියක් අපේ මූණ  ඉස්සරහ!

ෂහ්! මේක නම් මහත්තයෝ එළකිරි සුප් එක. ඇත්තට ම කාලෙකට පස්සේ බිව්ව හොඳ සුප් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. චිකන් යහමින් දාපු මේක හොඳ උකුවට තිබුණා. ස්වීට් කෝන්වලින් එන පැණි රස මිශ්‍ර වුණු කිරි රසින් මේකේ රස දෙගුණ තෙගුණ වුණා. කිව්වත් වගේ මේ සුප් ටික හතර දෙනෙක්ට ඇති. අපි දෙන්නා කෝප්ප පිරෙනකන් දෙසැරයක් බෙදාගෙනත් තව ඩිංගක් අර හැලියේ ඉතුරු වුණා.  

ඊටපස්සේ අපි ගත්තේ “බ්ලැක් පෙපර් පෝක්” (රු.743) එකකුයි, “ග්‍රේට් වෝල්  ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස්” (රු.648) එකකුයි. චයිනීස් රෙස්ටෝරන්ට් එකකට ඇවිදින් “හොට් බටර් කට්ල්ෆිෂ්” නොකෑවොත් ඒ ගමනත් අසම්පූර්ණයිනේ. ඒ නිසාම අපි එයින් එකකුත් (රු.869) ඕඩර් කළා.

ඔය මොන ජාතියේ නම තිබුණත්, ලංකාවේ ගොඩක් චයිනීස් රෙස්ටෝරන්ට්වලින් ලැබෙන ෆ්‍රයිඩ් රයිස් ජාතිවල කියන්න තරම් විශේෂයක් නැහැ. හැබැයි ග්‍රේට් වෝල් එකෙන් අපි කෑව ෆ්‍රයිඩ් රයිස් එකේ රස මේ මතය සම්පූර්ණයෙන් වෙනස්බැහැර කළා. චිකන්, සීෆුඩ් එහෙම එකතුකරපු මේ බත හොද්දක්, කරියක් නැතුව වුණත් කාගෙන යන්න පුළුවන් තරමට රසයි. ලොකු තෙල් ගතියකුත් නැහැ. නියම ගානට සීසනින් කරලා.

ග්‍රේට් වෝල් එකේ හොට් බටර් කට්ල්ෆිෂ් එක ඔය මින්ටේජ් එකෙන් එහෙම කන්න ලැබෙන ජාතියේ ක්ලැසික් ගතියට හදපු එකක් නෙවෙයි. මේක ටිකක් ස්පයිසි. කෑලි මිරිස් දාපු රස හොඳින් ම දැනුණා. දැවටුමත් ටිකක් ගණකමයි. කෑලිත් ගොඩක් ලොකුයි. අනික ටිකක් තෙල් ගතියත් වැඩිදෝ මන්දා. හැබැයි බත් එකේ තෙල් රසක් නැති නිසා ඒක ඒ හැටි කාරියක් වුණේ නැහැ.

ගම්මිරිස් සෝස් එකක ඔබපු පෝක් කරියක් තමයි මේ බ්ලැක් පෙපර් පෝක් කියන්නේ. මේකත් වරදක් නැහැ. ගම්මිරිස් තියෙන නිසා ගොඩක් ස්පයිසි වෙයි කියලයි අපි හිතුවේ. ඒත් මේකේ තිබුණේ තරමක පැණි රසක්. ඒත් හොට් බටර් කට්ල්ෆිෂ් එකේ තිබුණු ස්පයිසි ගතියට මේ පැණි රස නියමෙට කැපිලා ගියා. ඒ නිසා ශේප්.

ඔක්කොමත් හරි, අතුරුපස ගනිද්දී තමයි අපට සේරම වැරදුණේ. අලුතෙන් මෙනුවට ඇවිදින් තියෙනවා කිව්ව නිසා ම, අපි ගත්තේ ෆ්‍රයිඩ් අයිස් ක්‍රීම් (රු.348) එකක්. අනේ පළමුවෙනි හැන්ද කද්දී ම හිතුණා මේක ඕඩර් නොකළා නම් කියලා. මොකද මේකේ තිබුණේ පරණ වෙච්ච ලාබ චොකලට් කේක් රසක් එක්ක එන ළා අයිස්ක්‍රීම් රසක්. අපොයි! කරගත්ත ගොන්කමක මහත! කෑම ටික කාලා, බිල ගෙවලා ගියා නම් මේ කිසි දුකක් නැහැ.

සර්විස් එක

අපි රෙස්ටෝරන්ට් එකට යද්දී මුළු පැත්ත පළාතට ම හිටියේ අපි විතරයි. හැබැයි කාලා බීලා එළියට බහිද්දී නම් සෑහෙන්න සෙනගක් හිටියා. ඒකයි කියලා සර්විස් එකේ අවුලක් වුණේ නැහැ. පට පට ගාලා කෑම බීම ටික මේසවලට දෙන්න ග්‍රේට් වෝල් එකේ සේවක මිත්‍රයෝ සමත්.

අවසාන වශයෙන්

සෙට් එකත් එක්ක බම්බලපිටියේ හන්දියේ කැරකෙන වෙලාවක, ෆුඩ් කෝර්ට් කෑම දිරවන්නේ නැත්තන්, ශේප් එකේ චයිනීස් පාරක් දාන්න කිට්ටු කරන්න හොඳ තැනක් තමයි මේ. තුන් හතරදෙනෙක් ඉන්නවනම් ලාජ් පෝෂන් අරගෙන කට්ටිය එක්ක ගාණ බෙදාගන්න බැරියැ. “මල් හතයි ආ!” කියන්න බැරි වුණත්, කටට රහට බඩ පිරෙන්න කන්න මෙතන මරු.


TIP

If you're trying to decide between the Special friend rice and chicken fried rice, we suggest you go with the latter since it's cheaper, and there's hardly any noticeable between the two.

Address

3, Edward Lane, Colombo 3

Directions

On Galle Road, passing Buller's Road junction, just as you turn into Edward Lane.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 11.00 AM - 2.30 PM & 7.00PM - 11.00 PM

Cuisine

Chinese Sri Lankan Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
User Reviews
S
2

4/5

0

Shalendra96

Very nice place. Waiters are friendly and humble. But don't be fooled about the portions; they are quite big even for a small. This is much better than Chinese Dragon and Min Han which is just a small rubbish hut. The food was served very quickly and it was affordable. They have some discounts on cards and they are usually free for lunchtime. Good for small business lunches and meetings with clients or just a lunch with some friends. Overall pretty nice. I was reasonably pleased.

Avatar for Vishvi
1

3/5

Vishvi YAMU STAFF

Rated 3/5

S
2

4/5

0

Shalendra96

Very nice place. Waiters are friendly and humble. But don't be fooled about the portions; they are quite big even for a small. This is much better than Chinese Dragon and Min Han which is just a small rubbish hut. The food was served very quickly and it was affordable. They have some discounts on cards and they are usually free for lunchtime. Good for small business lunches and meetings with clients or just a lunch with some friends. Overall pretty nice. I was reasonably pleased.

Avatar for Vishvi
1

3/5

Vishvi YAMU STAFF

Rated 3/5

See 6 Comments