Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

3/5

Green Mangrove River Safari and Restaurant

19, Balapitiya-Wathugedara Road, Balapitiya


An average restaurant with buffet lunch, takeaway and boat riding in Madu River.



බලපිටියේ මාදු ගඟේ සවාරිය ගැන අපි කිව්ව විස්තරේ ඔයාලට මතක ඇති. පැය දෙකක් තිස්සේ ගිය මේ බෝට්ටු සවාරියෙන් පස්සේ, හොඳට බඩ කට පිරෙන කෑම වේලක් කන්න තමයි අපට උවමනාව තිබුණේ. ගං ඉවුරේ තියෙන කඩවල් දෙක තුනක් අපේ ඇහැ ගැටුණත් ඒවායේ ගණන්හිලව් තරමක් වැඩියි. පොඩි කයියකුත් දාගෙන බලපිටිය පොළ හරියට අපි ගියේ ඒ නිසයි.

“අංකල් මේ හරියේ කන්න හොඳ තැන් මොනවද තියෙන්නේ?” අපි පාරේ කඩේක ඉඳපු මුදලාලි මහත්තයෙක්ගෙන් ඇහුවා.

“ඉස්ටේසම කිට්ටුව නම් තැනක් තියෙනවා පුතා. මෙතැන ඉඳන් වීල් එකේ රුපියල් පනහේ දුර”

අපට ඉතින් කෑම නම් කියන පරක්කුව විතරනේ. පැන්න ගමන් දැම්මා අත පාරේ යන වීල් එකකට. විනාඩි දෙකෙන් අපි බලපිටියේ “ග්‍රීන් මැන්ග්‍රොව්” එක ළඟ.

තැන

බලපිටියේ මාකට් එක හරියෙන් දකුණු පැත්තට තියෙන බලපිටිය වතුගෙදර පාර දිගේ යද්දි තමයි ග්‍රීන් මැන්ග්‍රොව් රෙස්ටෝරන්ට් එක මුණගැහෙන්නේ. හරියට ම කිව්වොත් බලපිටියේ ස්ටේෂන් එක පහුකරලා තියෙන පාලම පන්නපු ගමන් දකුණු අත පැත්තේ. එලියෙන් ලොකුවට බෝඩ් ලෑල්ලක් එහෙම ගහලා තියෙන නිසා ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.

මේකේ කෑමබීම ගන්න තියෙන්නේ එළිමහනේ. තැනින් තැන තියෙන ගල් මේස, බංකුවල වාඩිවෙලා වගේ ම, පැත්තකින් තියෙන ලීයෙන් හදපු වහල යටට වෙලත් කට්ටියට කෑම ගන්න විදිය අපට දකින්න ලැබුණා.

මාදු ගඟේ අත්තක් මේ රෙස්ටෝරන්ට් එක හරියෙනුත් ගලාගෙන යනවා. ඒ/සී මොකටද මහත්තයෝ ගඟෙන් එන මේ හුළං පාර තියෙද්දී. අපිත් ඒ අයිනේ ම තියෙන පුටු තුන හතරක ඈඳිගත්තා.

කෑම බීම

ග්‍රීන් මැන්ග්‍රොව් එකේ කෑම මෙනුවේ වැඩිපුර ම තියෙන්නේ සීෆුඩ්. මස් වර්ග විදියට තියෙන්නේ චිකන් විතරයි.

ස්ටාටර් එක විදියට අපි ගත්තේ චිකන් සුප් (රු. 475) එකක්. තරමක් ලොකු භාජනෙක එන මේ සුප් එකේ පෙනුම වගේ ම රසත්, සාමාන්‍ය ගෙදරක හැදෙන සුප් එකක් වගේ. චිකන් එහෙමත් සෑහෙන්න දාලා තිබුණා. උකු ගතියත් ගානට. අනික උණු උණුවෙන්මයි මේසෙට ආවේ. තද බඩගින්නේ ඉඳපු අපට මේක බීල ඉවර කරන්න ගතවුණේ විනාඩි ගාණයි.

ඊට පස්සේ අපි ඕඩර් කළේ “සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්” (රු.600) එකක්. ඒකත් එක්ක කන්න “ප්‍රෝන් චොප්සි” (රු.800) එකකුත්, “හොට් බටර් කට්ල්ෆිෂ්” (රු.850) කරියකුත් ගත්තා. බීම වර්ග කියලා විශේෂයක් නෑ මෙතැන. කෝක්, ස්ප්‍රයිට් තමයි.

මේ සීෆුඩ් රයිස් එක නියමයි. ලෝබ නැතුව ඉස්සෝ, දැල්ලෝ, සහ මාළු දාලා තිබුණා. ළාවට එන සුප් කැටේක රසක් දැනුණත් බත් එකට ඒක මරු. ලොකු තෙල් ගතියක් ඇත්තෙත් නෑ. සේවක මිත්‍රයා කිව්වේ බත දෙන්නෙක්ට ඇතියි කියලා. හැබැයි තුන්දෙනෙක්ට වුණත් මදි පාඩුවක් නැතිව හොඳට කන්න පුළුවන් තරමේ බත් තොගයක් මේ පිඟානේ තිබුණා.

ප්‍රෝන් චොප්සියත් වරදක් නැහැ. මදි නොකියන්න ඉස්සෝ දාලා තිබුණා. ගානට තම්බපු කැරට්, ගෝවාත් හොඳට ම දාලා. පොඩි පරහකට තිබුණේ ලීක්ස් දාලා තිබුණු එක තමයි. චොප්සිවලට ලීක්ස් දාන්නේ නෑනේ.

හොට් බටර් කට්ල්ෆිෂ් එක දැක්ක ගමන් අපට “අපොයි මාළු” කියලා නොකියවුණා විතරයි. මොකද ඒක හරියට ජීවිතේට හොට් බටර් කට්ල්ෆිෂ් එකක් නොදැකපු කෙනෙක් අතින් හදපු එකක් වගේ.

මේක මොකක්දෝ බොරු දවටනයක දාලා බැදපු පොඩි දැල්ලෝ රවුම් ටිකක්. හොඳටෝ ම වේලිලා. ගත්ත මෝඩකමටයි, බඩගිනි වැඩිකමටයි කෑවා මිසක්, ඒකට යන රුපියල් 850 ගැන මතක් වෙද්දී ඇඬුණේ නැති ටික විතරයි.

සර්විස් එක

ග්‍රීන් මැන්ග්‍රොව් එකේ සේවය සෑහෙන්න සුහදශීලීයි. කෑම බීම ටික මේසෙට එන්න විනාඩි 20ක විතර කාලයක් ගියා. හැබැයි බඩගින්නේ ඉඳපු අපට නම් මේක දැනුණේ කල්ප කාලාන්තරයක් වගේ. ඒත් දීපු ඕඩරේයි, හිටපු සෙනඟ තොගේ හැටියටයි ඒ කාලේ ගත්ත එක කමක් නෑ කියලා කියන්න පුළුවන්.

අවසාන වශයෙන්

ග්‍රීන් මැන්ග්‍රොව්  කියන්නේ මාදු ගඟ කිට්ටුව තියෙන හොඳ ම රෙස්ටෝරන්ට් එක නොවෙන්න පුළුවන්. ඒත් ලොකු ගාණක් වියදම් නොකර, බඩ පිරෙන්න කෑම වේලක් කන්න ඕනේ කෙනෙක්ට, නියමෙට ම ගැලපෙන තැනක් තමයි මේක. අහ්! කියන්නත් අමතක වුණා. කට්ටිය කැමති නම් මෙතැනින් බෝට්ටු කුලියට අරගෙන වුණත් මාදු ගඟේ බෝට්ටු සවාරි යන්න පුළුවන්.

Address

19, Balapitiya-Wathugedara Road, Balapitiya

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan Sri Lankan Chinese

Price Range

More than Rs.1500

Dish Types

BBQ Fried Rice Cuttlefish

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment