Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

3/5

Greenlands Hotel

3A Shrubbery Gardens, Colombo 4

  • Call 0112585592
  • Open Restaurant 8am - 10pm 7 days a week. Bar 11am-2pm and 5pm-10pm daily.


Greenlands is a budget South-Indian joint that wins for nostalgia.



මගේ පෙම්වතියගේ පියා කියනවා, 1960ගණන්වල හිරිමල් ගැටයකු ලෙස නුවර සිට කොළඹ ආවිට පවා ඔහු ග්‍රීන්ලන්ඩ් හෝටලයෙන් කෑම කෑවාලු. එතැන එතරම් පැරණියි. ග්‍රීන්ලන්ඩ් හෝටලය අඩු මිළට දකුණු ඉන්දියන් ආහාර පිරිනමන පැරණි පෙනුම ඇති එහෙත් සාමකාමී වටපිටාවක පිහිටි අවන්හලක්. බිම්මහලේ එක් පැත්තක උදේ 8 සිට සවස 10 දක්වා විවෘත අවන්හලක්. අනෙක් පැත්තේ බාර්එකක්. එය දවල් 11 සිට පස්වරු 2 දක්වාත්, සවස 5 සිට 10 දක්වාත් විවෘතයි. උඩුමහලේ හෝටලයක්. එහි කාමර පංකාව සමග රු. 2,350ක් හා වායුසමනය සමග රු. 3,150ක් වෙනවා. ඒවායේ තත්වය පරීක්ෂා නොකළ නිසා යමක් කියන්න බැහැ.

අවන්හල කියන්නේ ජනෙල් නැති ඝනකයක් වැනි රෝහල් කොළපාට ගෑ කුටියක්. මෙතැනට ග්‍රීන්ලන්ඩ් කියන්නේ ඒ නිසා වෙන්න ඇති. මේ විස්තර සමග පසුබාන්න එපා. එහි ඉතා හොඳ තෝසේ, මසාල තෝසේ විවිධ චට්නි වර්ග හා කරිවර්ග සමග රු. 140 - 200 අතර මිළට පිරිනැමෙනවා. ගී තෝසේ විශේෂයෙන්ම හොඳයි. චපාති හා පුරි රු. 140ටත්, ඉට්ලි හා වඩේ රු. 50ටත් රසකැවිලි වර්ග රැසක් සාමාන්‍යයෙන් රු. 75 බැගිනුත්, මිළ හරිහැටි නොදන්නා අනගි තාලිත් ඔවුන් පිරිනමනවා. තැන ව‍ගේම කාර්යමණ්ඩලයත් වයසට ගිහින්. ඒත්, ඔවුන් හරිම මිත්‍රශීලී හා අවධානයෙන් යුක්තයි. සේවය හරිම ඉක්මන්. ඔවුන්ට හැමදාම එන පාරිභෝගිකයන් වැලක්ම ඉන්නවා වගේ.

මධ්‍යාහ්න වේලාව නිසා මම බාර්එක පැත්තේ ගියේ නැහැ. නිතර එන අය බව පෙනුණු කීපදෙනෙක් ඒ වනවිටත් එහි හිටියා. එය පිරිමි ආධිපත්‍යයෙන් යුත් පහළ මට්ටමේ බාර්එකක්. මට මතක් වෙනවා ඉන්දි මේ වෙබ් අඩවියේ වෙන තැනක සඳහන් කළා පහළ මට්ටමේ බාර්වල තිබෙන මේ කාන්තාවන් නොදිරවන ලක්ෂණය ගැන. ග්‍රීන්ලන්ඩ් පවා ඒ වගේ. නිතර, නිතර හැන්දෑවට ග්‍රීන්ලන්ඩ් පැත්තේ එන මිතුරන් කීපදෙනෙක් මට ඉන්නවා. ඔවුන් මෙතැනට කැමතියි. මම නිර්දේශ කරනවා ඔබටත් මේ පැත්තේ එන්න.

TIP

Try the Onion dosai.

Address

3A Shrubbery Gardens, Colombo 4

Directions

When approaching Bambalapitiya junction, look out for a board reading "Chef Warm". Turn left.

Contacts

E-Mail

Report Inaccuracy

Open Restaurant 8am - 10pm 7 days a week. Bar 11am-2pm and 5pm-10pm daily.

Cuisine

Indian

Price Range

Less than 200

Dish Types

Sweets Rice And Curry Indian Sweets Dosa Roti

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments