Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

4/5

Grill Kitchen

363, 10 Battaramulla - Pannipitiya Rd, Ruhunupura

A solid place in Thalawathugoda that serves up some solid BBQ wings.

කෑම තෝරනකොට මස්මාංශවලට මුල්තැන දෙන අයගෙ රස නහර පිනා යන ආරංචියක් තමයි අද කියන්න හදන්නෙ. ග්‍රිල් කිචන් ගැන අපිට අහන්න ලැබුණෙ දැනට මාස කීපෙකට කලින්. ඉතිං ඔන්න මෙදා පාර අපි ගියා ග්‍රිල් කිචන් හොයාගෙන.

තැන

ග්‍රිල් කිචන් තියෙන්නෙ තලවතුගොඩ පන්නිපිටිය පාරෙ. ඇතුල් වුණාම මුලින්ම දැනුණ දේ තමයි මෙතන මාර ක්ලීන් කියන එක. පාර අයිනෙම වුණාට ඇතුළෙ දූවිලි පොදක් නෑ! වීදුරු බිත්ති, මේස පුටු විතරක් නෙමෙයි පොළොවත් දිලිසෙනවා. මේස පුටු ඇරෙන්ජ් කරල තියෙන්නෙ එක පාර විසි දෙනෙකුට විතර වාඩිවෙන්න පුළුවන් වෙන විදිහට.

ඉතිං අපි ගිහින් අර දිලිසෙන මේසයක් වටේ වාඩිවෙලා මෙනු එක දිහා බැලුවා.

කෑම

මේගොල්ලන්ගෙ මෙනු එකේ බිරියානි, ශවර්මා, කොත්තු, නූඩ්ල්ස්, බර්ගර්ස් ඇතුළු ජාති ගොඩක් තියනවා. මස් වර්ග විදිහට පාවිච්චි කරල තියෙන්නෙ චිකන්, පෝක් සහ ලෑම්බ්.

ඩයින් ඉන්වලට චිකන් ශවර්මා එකක් (රු. 440) ඕඩර් කරපු අපි ග්‍රිල්ඩ් චිකන් ලෙග් එකක් (රු. 340) ටේක් අවේ දාගත්තා.

චිකන් ශවර්මා එක ආවෙ පොටේටෝ වෙජස් සහ ස්පයිසි සෝස් එකක් එක්ක. ෆ්‍රෙෂ් සලාද කොළ, තක්කාලිවලින් වට කරපු බෝන්ලස් චිකන් කෑලි ටිකට ස්පයිසස් වගේම සෝස් එහෙම ඇති පදමට දාලා. මේක බඩ පිරෙන්න කන්න පුළුවන් දෙකට කපපු ලොකු ශවර්මා එකක්. පදමට සොෆ්ට් වෙන්න ෆ්‍රයි කරපු පොටේටෝ වෙජස් ටික ස්පයිසි සෝස් එකේ ගෑවුණාම පංකාදු පහයි.

ගාණට ග්‍රිල් කරල බාබකිව් සෝස් දාපු ග්‍රිල් කිචන් එකේ ග්‍රිල්ඩ් චිකන් ලෙග් එක අපි හිතුවටත් වඩා සෑහෙන කොලිටි. ග්‍රිල්ඩ් චිකන්, පෝක්, ලෑම්බ්වලට අමතරව මෙයාල ළඟ ග්‍රිල්ඩ් කොච්චි සොසේජස් එහෙමත් තියනවා.

බීම විදිහට මෙනු එකේ තිබ්බෙ සොෆ්ට් ඩ්‍රින්ක්ස්, වතුර, තේ වගේ දේවල් විතරයි නිසා අපි ජින්ජර් බියර්වලින් සෑහීමකට පත් වුණා.

සර්විස් එක

මෙතන ස්ටාෆ් එක එන අයට සුහදව කෑමබීම සර්ව් කළා. මේසෙට කෑම ටික එන්න නං විනාඩි විස්සක් තිහක් විතර ගියේ චිකන් ග්‍රිල් කරන්න වෙලා ගිය නිසා වෙන්න ඕන.

අවසාන වශයෙන්

තැන, සර්විස් එක වගේම කෑම සහ මිල ගණන් අතිනුත් ග්‍රිල් කිචන් එකට එන අයට උපරිම සාධාරණයක් වෙන බව කිව්වට වැරදි නෑ. ඒ වගේම තව දෙයක්. මෙතන සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන්නෙ එයාලගෙ පෝක් රහයි කියල. ඉතිං මේ පැත්තෙ ගියොත් පෝක් රහ බලන්නත් අමතක කරන්න එපා.

Similar Places

User Reviews
H
2

5/5

0

harshanas

Saturday night, restaurant packed to the brim. We were greeted politely and asked to wait till a table becomes available. Ordered BBQ turkey and a steak. Let me assure you that the food is worth the wait as they freshly grill it and make the sauces themselves. In the interim you can engage in board games or even read a book, a few titles they have available. Great food, sufficient parking space, friendly staff, and owner who made the effort to come speak to us personally. Recommend to make a reservation if visiting on a weekend. Cheers!

See 1 Comment