Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Hadramout Restaurant

263 Ven Baddegama Wimalawansa Mawatha, Colombo 010


Hadramout is a popular restaurant in Maradana with some solid dishes.



තිබ්බ වැඩ කන්දරාවත් එක්ක හැරෙන්නවත් බැරුව හිටියෙ. කොටින්ම කියතොත් රෑ 8 විතර වෙනකම් ඇදල ඉතුරු ටික ගෙදර ගිහිල්ල කරන්නයි හිත තිබ්බෙ. ඒත් කොහෙද, හිටි හැටියෙම ගහපි කියන්නකො අපේ එකෙක් කෝල් එකක්. මාත් මෝඩය වගේ ආන්සර් කළා. ඇයි ඉතින් කවුද හිතන්නෙ, මේ කඩුවෙලටත් එහා ඉඳන්...

මේකා මෙහේ ඇවිල්ල කෝල් කරයි කියල.

“ඒහ්...

අඩේ... උබ ආන්සර් කළා නේ. උබ දන්නෝද ඇයි මම කෝල් කළේ කියල?”

“පිං සිද්ධවෙයි මහත්තයෝ... බොන්න නම් කතා කරන්න එපා. බෙල්ල ගාවට වැඩ හිරවෙලා තියෙන්නෙ. හෙට යං ඕන නං, හෙට”

“චී චී චී... අපේ නෑනෙ ඔය එක පාරට කතාකරල බොන, අනං මනං ඒවා. මං කියන්නෙ අපි යං කන්න. මොකද කියන්නෙ? අනික මං දැන් ටවුන් හෝල් ඇවිල්ල ඉන්නේ... බෑ කියන්න එපා, කෙලින්ම එනව ඔපිස් එකට.”

“මෙහ් පිස්සු කෙලින්නෙපා බං. කන්න තියා... අතේ සතේ නැතුව මං මේ ඉන්නෙ”

“හරි හරි බං. සල්ලි ඉල්ලුවෙ නෑනෙ. උබ එන්නයි ඕන. ඒ නිසා දැං වරෙං වීලක් දාගෙන. ඒකෙම මමත් නගින්නං මෙතනින් ම. උබ බලපන් කඩයක් යන්න දෙන්නට ම. හැබැයි හොඳ හැටි මස් මාංස තියෙන්න ඕන ඈ...”

විනාසයි ඉතින්, සියලු වැඩ විනාසයි. දැන් බෑ කියන්නත් බෑ, මොකද බෑ කිව්වොත් ඕකා එනවනෙ ඔෆිස් එකට. ම්... හැරත්, මටත් තද බඩගින්නක් අල්ලලයි තිබ්බෙ ඒ වෙලාවෙ. ඉතින් ඔන්න ඔහෙ... කතන්දර මොකටද, යනව කෑමට කියල, බැලුව ‘යමු’ සයිට් එකේම හරි හමන් තැනක්!

බැලුවට, ආයෙ පිටු දෙකයි යාළු, කිරි අප්පට බල්ලො බුරපි කියන්න...

‘හද්‍රාමවුට්’

මට්නුත් තියෙනව කියන්නකො. දෙන්නං ජම්බො කියල දැම්ම සනික වීල් එකක්. දාලා හැරෙන තැපෑලෙන්... ඇද්ද ඇදිල්ලක්... ට්‍රැෆිකුත් නෑනෙ. කෙලින්ම විනාඩි දහයට ටවුන් හෝල්වල. එතනින් යාළුවත් අරගෙන අනික් පැත්තට මරදානට, ඔන්න මෙන්න.

බැලූබැල්මට නම් නෝමල් චයිනිස් කඩයක් වගේ. හැබැයි කෑම ඔක්කොම මැද පෙරදිග. ම්... ඇත්තටම ඉන්ටීරියර් එක ගැන නම් ඒ හැටි දෙයක් නෑ කතා කරන්න. ඒත් සේවාව ටොප් ඈ... මේසෙට එක ගාණෙ වගෙ සේවක මිත්‍රයොත් ඉන්නව. සනික බලල අවශ්‍ය කරන දේවල් ටික ගෙනැල්ලත් දෙනව. ආයෙ අපිටයි කියල වෙනසක් නෑ. මෙනුව ආවා, මේස රෙද්දකුත් ආවා, වතුර පිඟන් අඩුමකුඩුම ටිකත් ආවා... නොතේරෙන කමට අපි කෑම ගැන ඇහුවාම ඒකත් කියල දුන්න.

ඉතින් හරි ලේසයි, ඕඩරේ දැම්ම... මට්න් බිරියානි එකයි, බාබකියු චිකන් කාලයි, චීස් නානුයි, චිකන් චෙට්ටිනාද් එකකයි.

දාලා ඒ හැටි වෙලා ගියෙත් නෑ, කෑම සියල්ලම මේසෙ උඩ.

ඉතින් ඉස්ඉස්සෙල්ලාම කියල අපි ගත්ත!

මට්න් බිරියානි එක...

හයියෝ... අරගෙන කටයි දෙකයි, බත නම් හොඳයි. ‘මස’නෙ?

ඇයි දෙයියො එහෙම කලේ. කිව්වට විශ්වාස කරන්න යාළු තඩි මට්න් පලු හතරක්... ලුණු පදම ඇතුව තම්බල විතරයි. ගම්මිරිස් චුට්ටක්වත් නෑ කියන්නකො. නිකම් ලූණු වළලු ටිකකුයි, අමු මිරිස් කරලකුයි තිබ්බ එච්චරයි. අනේ මංදා යාළුවයි මායි මූණට මූණ බලාගෙන. හැරත් ඒ කීරි සම්බා හාලෙ බතට හොඳ හැටි බිරියානි මික්ස් එකත් දාලා... මට්න් එකට පුංචි තුනපහ අඩුම කුඩුම චුට්ටක් නොදාපු එකනෙ පුදුමෙ.

වෙන්න පුලුවන්, ඒක ඔරිජිනල් මැදපෙරදිග කෑමක් වෙන්නැති. ඒත් ලංකාවෙ විකුණද්දි අපිට හරියන විදියට පොඩ්ඩක් ගලපන්න එපැයි මං කියන්නෙ.

අන්න ඒකට බාබකියු චිකන් පලුව. ෂැහ්! පංකාදු පහයි ඈ... අර මීකිරි එහෙම දාලා හදපු සීසනින්ග් එකකද කොහෙද සීසන් කරල තියෙන්නෙ. ඊටත් ගාණට කරවෙලා... මස ඇතුලට රස පදමත් අල්ලලා...

වැඩිය ඕන නෑ, ෂොටක් දාන්න නම් කියාපුම බයිට් එක, සත්තයි.

චීස් නානුත් හොඳයි, හැබැයි බොරුව ටිකක් වැඩියි. ඒකෙ මැද්දට චීස් දාලා නෙවෙයි, නාන් එක කර වෙද්දි නිකම් උඩින් චීස් දාලා. හැබැයි ඉතින් චිකන් චෙට්ටිනාද් එකත් එක්ක ගැළපුනාම නම් පංකාදු පහයි. මොකද චිකන් එකේ තිබ්බ සුපිරියට ම මසාලා, මිරිස් තුනපහ, කුළුබඩු අඩුමකුඩුම ටික... මට්න් එකේ අඩුපාඩුවලටත් එක්කම. හැරත් ඒකෙ හොද්දත් රසයි පැලෙන්න. මස් කෑලිවලටත් රස පදම අල්ලලා...

කන්න බෑද එහෙම තියෙද්දි ආ...

එහෙ බලල මෙහෙ බලද්දි සියල්ල අහවරයි, තඩි මට්න් පලු ටිකෙන් බාගයක් විතර හැරෙන්න.

ඒත් ඉතින් එකක් කියන්න ඕන.

ආයෙ ඒ හතර මායිමේ යන්නෙ නම් නෑ යාළු. මං මේ අන්තිමට කියන්නෙ, හරි නැති නිසා.

අපි මට්න් බිරියානි කාලා නැතිවුන්ද?

ඊටත් දාස් ගණන් දීලා කන්න ඒක තරු පන්තියෙ හෝටලයක්ද?

රෙද්ද!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment